අරුණෝදාකරුවෝ (#dawnbreakers)

අජිත් පැරකුම් ජයසිංහ,

මේ අවුරුද්දෙ ලියපු පොත මේ අවුරුද්දෙම පළකරන්න ඕනැ. මේක ප්‍රකාශකයෙකු ගාව මාස තුනක් වාත වුණා. මං පස්සෙන් ගිහින් ඇඹරිලා, පදිරි වෙලා, කන කහලා, සර් කියලා නෙමෙයි, මට කතා කරලා මගෙන්ම ඉල්ලගෙන අන්තිමට ගිය සුමානෙ ඇහුවම කිව්වා ගහන්නෙ නැහැ කියලා. මං ඔය ප්‍රාග්ධනයට පදිරි වෙන කෙනෙකු නෙමෙයි පුතා. පොත ගැහුවා. ලබන සතියෙ මාකට් එකට දානවා.

දකුණු අතේ කාපල් ටනල් සර්ජරි එක කරල තියෙද්දි නුහුරු වම් අතින් සෝදුපත් කියවලා, පිටු හදලා, කවර ඩිසයිං කරලා සතියෙන් පොත අච්චු ගැහුවා. ඕනැ දේකට ඔට්ටු මගේ හිතමිත්‍ර රාජේන්ද්‍ර බරපැන දැරුවා. ගෙදර උන්දැ තේ හදල දුන්නා. කෑම ටික බෙදල දුන්නා. බෙහෙත් ටික දුන්නා. හැමදාමත් වගේ මේ ගොන් වැඩෙත් ඉවසන් හිටියා.

අරුණෝදාකරුවෝ, 2022 අරගලය පාදක කරගත් කතාවක්. විදර්ශන සාහිත්‍ය තරගයේ දිගු ලැයිස්තුගත වූ නවකතා පොත් හතෙන් එකක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *