ජේආර් ලංකාවේ ධනේශ්වර ක්‍රමය තිරසර කරන්නට හේතු වූ තීරණාත්මක ප්‍රතිසංස්කරණ සිදු කළ නායකයෙකි. ප්‍රභාකරන් දෙමළ ජාතිකවාදය දෙමළ ඊලාම් රාජ්‍යයක් සඳහා යුද්ධයක් මට්ටමට ඔසවා තැබුවේය. මහින්ද එය පරදවා සිංහල බෞද්ධ ගොවිගම පිරිමි ආධිපත්‍යය ශ්‍රී ලංකාව තුළ තිරසර කළේය. රනිල් බිඳ වැටුණු ලංකා ආර්ථිකය තිරසර ලිබරල් ධනේශ්වර පීල්ලක තැබුවේය. Continue Reading

PTA NPP policy

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවභාවිත කරමින් පුරවැසියන්ගේ අයිතිවාසිකම් අත්තනෝමතික ලෙස උදුරා ගැනීමේ බිහිසුණු යථාර්ථය පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළිත් වරක් අනාවරණය විය. අසාධාරණ ලෙස මාස නවයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මාවනැල්ලේ මොහොමඩ් සුහයිල්ගේ සිදුවීම මගින් පෙන්වා දෙන්නේ, මෙවැනි අපරාධ හුදු සමාව ගැනීමකින් හෝ වන්දි ගෙවීමකින් කිසිදා අවසන් කළ නොහැකි බවයි.Continue Reading

සරලා බායි කියන්නේ ටවර් හෝල් යුගයේ ප්‍රේක්ෂකයන්ව තමන්ගේ ස්ත්‍රී ලාලිත්‍යයෙන් පිස්සු වට්ටපු පිරිමි ශරීරයකින් ඉපිද නිළියක් ලෙස ජනප්‍රිය වූ පිරිමි පුද්ගලෙක්. ටවර්හෝල් නාට්‍ය විකාශනයේ වැඩිම වාර ගණනක් සඳහන් වන නිළියගේ නම වන්නේ ද ‘සරලා බායි’ නාමයම තමයිContinue Reading

ඩීසල් මිල වැඩි කරලා දැන් දවස් දෙකක්. බස් ගාස්තු වැඩි කරන්නට වෙනවා කියන එක අනිවාර්යයි. අර කයිවාරු ප්‍රවාහන ඇමතියි, නියෝජ්‍ය ඇමතියි බානට බැරි ඇයි සඳුදා වෙන්න කලින් වැඩි කරන එකක් වැඩි කරලා සතිය පටන් ගන්න අද දවසෙ පොදු ප්‍රවාහනය පවත්වාගෙන යන්න.Continue Reading

ගෝඨාභයට (ශිරන්තිට හා හිටපු නීතිපති මොහාන් පීරිස්ට) ගෙනෙන ෆ්ලැට් එකක ගෙවල් දේශපාලන හිතවතුන්ට බෙදුවාය කියන චෝදනාවත් හරියට අර කැරම් බෝඩ් බෙදුවා කියන චෝදනාව වගේම තමයි. බෙදලා තියෙනවා. දේශපාලන හිතවතුන් කියන්නෙ කවුරුද?Continue Reading

mental torture

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන විසින් මෑතකදී අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය, මෙරට අපරාධ විමර්ශන ක්‍රියාවලිය පිළිබඳ බරපතල සංවාදයක් මතු කර තිබේ. ජ්‍යෙෂ්ඨ රාජ්‍ය විමර්ශන නිලධාරීන් විසින් තමාට මානසිකව වධහිංසා පමුණුවමින් සහ දැඩි බලපෑම් කරමින් කටයුතු කළ බවට ඔහු එහිදී චෝදනා කරයි.Continue Reading

flowers and shadow - photo by Ajith Perakum Jayasinghe

පවතින අධිකරණමය අර්ථකථන යටතේ ශ්‍රී ලංකාව තුළ ලිංගික ශ්‍රමිකත්වය ප්‍රායෝගිකව අපරාධයක් නොවන තත්ත්වයට පත් කර ඇති බව නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා ප්‍රකාශ කළේය. එබැවින් සංකීර්ණ නව නීති සම්පාදනය කිරීම වෙනුවට මෙම නීතිමය යථාර්ථය හඳුනා ගැනීම කෙරෙහි මූලික අවධානය යොමු කළ යුතු බව ඒ මහතා පෙන්වා දුන්නේය.Continue Reading

mirror and monkey

වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුවට එරෙහිව විපක්ෂය විසින් මහජන බලමුළුගැන්වීමක් සිදු කරමින් පවතී. ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ආණ්ඩුව මේ පිළිබඳව දැඩි අසහනයකින් පසුවන බව ඔවුන්ගේ හැසිරීම්වලින් මැනවින් පැහැදිලි වේ. එහෙත්, ජවිපෙ හා සෙසු ජනයා ලෙස මෙතරම් ධ්‍රැවීකරණය කළ සමාජයක විපක්ෂයෙන් වෙනස් චර්යාවක් බලාපොරොත්තු වීමට ජවිපෙට අයිතියක් තිබේද? මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට නම්, ජවිපෙ බලවේගය ඉදිරියෙන් ඔවුන්ගේ අතීත චර්යාව පෙන්වන කණ්ණාඩියක් තැබිය යුතුය. එයින් පෙනෙන්නේ ඔවුන්ගේම කැත අතීතයයි.Continue Reading

US-Iran-conflict

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද කොළඹ කතිකා සංසදයේ සමාරම්භක කතිකාව පසුගිය මාර්තු 13 වන දින සන්ධාර කතිකා ආපනශාලාවේදී පැවැත්විණි. අමන්දි හිටිනායක විසින් මෙහෙයවන ලද මෙම වැඩසටහනේදී “ගල්ෆ් යුද්ධය: විනාශයක්ද? නැතිනම් වෙනසක්ද?” යන කාලීන තේමාව ගවේෂණය කරන ලදි. මහාචාර්ය රොහාන් සමරජීව, මාධ්‍යවේදී සී.ජේ. අමරතුංග සහ මාධ්‍යවේදී/නීතිඥ කේ.ඩබ්ලිව්. ජනරංජන යන විද්වතුන් මෙහිදී අදහස් දැක්වූහ. මෙම සංවාදයේදී මතු වූ ප්‍රධාන කරුණු 4ක් පිළිබඳව අපගේ අවධානය යොමු කළ යුතුය.Continue Reading