Nepal AP

පසුගියදා නේපාලයේ සිදුවූ අතිශය විනාශකාරී ගංවතුර සහ නායයෑම් තත්ත්වය, හුදෙක් භූගෝලීය හෝ කාලගුණික සිදුවීමක් පමණක් නොවේ. එය මානව පැවැත්මේ යථාර්ථය සහ අප ගොඩනඟාගෙන ඇති දෘෂ්ටිවාදයන් පිළිබඳ බරපතළ දාර්ශනික කියවීමක් ඉල්ලා සිටින මොහොතකි. දින කිහිපයක් තුළ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කත්මණ්ඩු නිම්නය ඇතුළු ප්‍රදේශ රැසක ජීවිත සිය ගණනක් අහිමි විය. මෙම ඛේදවාචකය පදනම් කරගනිමින්, මානව සමාජය, දේශපාලනය සහ සොබාදහම අතර ඇති සංකීර්ණ සබඳතාව පිළිබඳව අප උගත යුතු මූලික පාඩම් 7ක් ඔස්සේ මෙම ලිපිය දිගහැරේ.Continue Reading

ශ්‍රී ලංකා දේශපාලනය තුළ දූෂණයට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව හඬ නැගූ ප්‍රබල චරිතයක් ලෙස රන්ජන් රාමනායක මහතා කාලයක් පුරා සමාජයේ දැඩි කතාබහට ලක්විය. එහෙත් මෑතකදී ඩුබායි රාජ්‍යයේ සිට පිටුවහල් කරන ලද ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ශිරාන් බාසික් සමග ඔහු පැවැත්වූ බව කියන ගනුදෙනු සහ සබඳතා පිළිබඳ හෙළිදරව් වීමත් සමග, ඔහුගේ දේශපාලන ප්‍රතිරූපය ප්‍රශ්න කිරීමට ලක්ව තිබේ.Continue Reading

1978 වසරේදී ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමත් සමඟ මෙරට දේශපාලන සහ පාලන ව්‍යුහය තුළ දැවැන්ත පරිවර්තනයක් සිදුවිය. අදටත් ශ්‍රී ලංකාවේ මූලික නීතිය ලෙස ක්‍රියාත්මක වන්නේ, ‘විධායක ජනාධිපති ක්‍රමය’ සහ ‘සමානුපාතික මැතිවරණ ක්‍රමය’ හඳුන්වා දුන් මෙම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.Continue Reading

සීසර් සහ පොම්පේ (Pompey) අතර වසර හතරක දරුණු සිවිල් යුද්ධයක් ඇති විය. අවසානයේදී, රෝම සමූහාණ්ඩුව බිඳ වැටී, අවසානයේ මුළු ඉතාලියම පාලනය කළ රෝම අධිරාජ්‍යය බිහිවීමට මඟ පෑදුණි. සීසර් රෝමයේ ජීවිතාන්තය දක්වාම සිටින “සදාකාලික ඒකාධිපතියා” බවට පත් විය.Continue Reading

Judgment of Cambyses (painting by Gerard David)

පර්සියාවේ ප්‍රධාන රාජකීය විනිසුරුවරයෙකු ලෙස ‘සිසාම්නෙස්’ (Sisamnes) කටයුතු කළේය. එහෙත්, ඔහු සිය පාරිශුද්ධ වගකීම පාවා දෙමින්, අල්ලසක් ලබාගෙන අසාධාරණ ලෙස නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය. සිසාම්නෙස්ගේ මෙම දූෂිත ක්‍රියාව කැම්බිසස් රජුට දැනගන්නට ලැබුණු විට, රජු ඔහුට ලබා දුන්නේ මනුෂ්‍ය ඉතිහාසයේ විනිසුරුවරයෙකුට ලබා දුන් දරුණුතම සහ සංකේතාත්මකම දඬුවමයි. රජුගේ නියෝගයෙන් සිසාම්නෙස්ව වහාම අත්අඩංගුවට ගෙන, පණපිටින් සම ගසා (flayed alive) ඝාතනය කෙරිණි.

එහෙත් දඬුවම එතෙකින් නිම වූයේ නැත. ශාරීරික වධහිංසනයට එහා ගිය මනෝවිද්‍යාත්මක පාඩමක් සමාජයට දීමට රජුට අවශ්‍ය විය. ඒ අනුව, කැම්බිසස් රජු මීළඟ රාජකීය විනිසුරුවරයා ලෙස පත් කළේContinue Reading

නීතිඥ සංගමය හමුවේ ජනාධිපතිවරයා කළ කතාව ජවිපෙ බැතිමතුන් බරි වෙන්නට ද, නීතිඥවරුන් පවා මඳ පමණට ද මේ ලියන මා පවා තාවකාලිකව ද තෙත් කිරීමට සමත් වූ බව කිව යුතුය. ඒ අර ගඳ කතාව නිසාය. ශිරානි බණ්ඩාරනායක සිදුවීමේදී පවා මං නම් ඔය ජනප්‍රිය රැල්ල සමග සෙට් නො වුණේ ඔය ගඳ මට හැමදාම දැනෙන නිසාය.Continue Reading

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තදබදය සහ අධිකරණවල වසර ගණනාවක් තිස්සේ නඩු ගොඩගැසීම අද වන විට බරපතළ ජාතික අර්බුදයක් බවට පත් ව ඇත. මෙම ගැටලුවට ලොව දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සාර්ථකව මුහුණ දී ඇත්තේ කෙසේ ද යන්න පිළිබඳව සරත් මද්දුමගේ මහතා ඉතා වටිනා කරුණු දැක්වීමක් සිදු කර තිබේ.Continue Reading

Pallansena

කළුතර බන්ධනාගාරයෙන් දින කීපයකට ඉහතදී නිදහස් වුණ තරුණයකුගෙන් අපි අසා බැලුවෙමු. ඔහු කියන්නේ ඇතුළේ කුඩුවල කිසිම හිඟයක් නැහැ, හැබැයි අදාළ එකවුන්ට් එකට කොහෙන් හරි සල්ලි දැම්මේ නැති නම් බඩු නැහැ කියලාය. කළුතර කිසිම කචල් එකක් නැත්තේ එතැන කට්ටියව භූගෝලීය පාතාල බල ප්‍රදේශ මට්ටමින් බෙදා වෙන් කර තිබෙන නිසා සහ දැඩි පාලනයක් තිබෙන නිසාය කියලා ඔහු කියනවා. බන්ධනාගාර පරිපාලනයටත් මේ ෆීඩ්බැක් එක වැදගත් වේවි.

ඒ අතරේ දැන් කුඩු අඩු වෙලාය කියලා චූන් වෙලා ඉන්න නො බොන ජෙපි මල්ලිලාට කියන්න තියෙන්නේ අනේ අපේ පැත්තේ නම් එහෙම එකක් නැහැ, කවුරුවත් සික් නැහැ කියන එකයි. අපි මතුගමය හොඳේ.Continue Reading

තෝරාගත් සිනමාහල් කිහිපයක දැන් දිගහැරෙන ‘අභිසාරී’ සිනමා පටය, හුදු විනෝදාස්වාදයෙන් ඔබ්බට ගිය සමාජ පණිවිඩයක් රැගෙන ඒමේ අරමුණින් කරන ලද නිර්මාණයක් බව පෙනේ. එහෙත්, මෙහි නිර්මාණකරුවා ප්‍රේක්ෂකයාට පණිවිඩ සන්නිවේදනය කිරීමේ ඒකාකාරී උගුලෙන් ඉතා සූක්ෂ්ම ලෙස මිදී ඇත. ප්‍රධාන නිළිය පවසන පරිදි, මෙය ජීවිතයේ අනේකවිධ අඩුපාඩු මැද, තමන්ට හැකි උපරිමයෙන් ජීවිතය ජයගන්නට වෙහෙසෙන අසම්පූර්ණ මිනිසුන්ගේ කතාවකි. ලිංගික ශ්‍රමය අලළා ගෙතී ඇති, වැඩිහිටියන්ට පමණක් සීමා වූ සිනමා සිත්තමක් වුවද, ප්‍රේක්ෂකයා තුළ කාමාශාවන් අවුළුවන නිරුවත් දර්ශනවලින් මෙය නිදහස් වී තිබීම එහි ඇති සුවිශේෂී ගුණයකි.Continue Reading

Sri Lanka Credit Rating

ණය ගෙවීමට නොහැකි තත්ත්වයෙන් (Default) මිදීම සතුටට කරුණක් වුවද, අප මෙය අතිශයෝක්තියෙන් සමරන්නේ නම් එය මුලාවකි. ‘CCC+’ යනු රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවට දෙන සහතිකයක් නොවේ. ඉන් ජාත්‍යන්තරයට ලබාදෙන සංඥාව වන්නේ ශ්‍රී ලංකාවට ණය ලබාදීම තවමත් ඉහළ අවදානමක් සහිත (High Risk) බවයි. ආර්ථිකයේ සුළු හෝ කම්පනයක් ඇතිවුවහොත් නැවතත් අප අර්බුදයකට යාමේ ඉඩකඩක් පවතින බව අප වටහා ගත යුතුය.Continue Reading