ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සහ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡාවේදී බරපතළ අවධානයක් යොමු විය යුතු කරුණක් වන්නේ නිස්කාරණ හා පීඩාකාරී නඩු පැවරීම්ය. අපරාධ වැළැක්වීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසියට පැවරී ඇති බලතල අත්‍යවශ්‍යය. එහෙත් එම බලතල භාවිත කළ යුත්තේ සාක්ෂි, නීතිය සහ වෘත්තීය වගකීම මත පදනම්වය. පුද්ගලයකුට එරෙහිව සාධාරණ පදනමක් නොමැතිව නඩු පැවරීමක් සිදුවන්නේ නම්, එය අදාළ පුද්ගලයාට පමණක් නොව සමස්ත යුක්තිය පසිඳලීමේ පද්ධතියටම හානිදායකය.Continue Reading

Journalists for Rights meeting

ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට තර්ජනයක් වන PSTA සහ POCA පනත් කෙටුම්පත් සංශෝධනය කරනු! නිදහස් මාධ්‍ය මර්දනයට හා භාෂණයේ ප්‍රකාශනයේ නිදහස හැකිළීමට එරෙහිව පෙළගැසෙමු!Continue Reading

මුලින්ම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරළියට ආවේය. ඉන්පසුව ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) ඉදිරිපත් කෙරිණි. රාජ්‍ය නොවන සංවිධාන (ලියාපදිංචි කිරීමේ හා අධීක්ෂණය කිරීමේ) පනත් කෙටුම්පත, සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (POCA), විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත මෙන්ම වස විස, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනත සඳහා වන සංශෝධන යනාදී වශයෙන් මෙම නීති කෙටුම්පත් නොනැවතී ගලා එයි. මේ සියල්ල විශ්ලේෂණය කිරීමට කාලය හා සම්පත් ඇත්තේ කාට ද? පනත් කෙටුම්පතක් අභියෝගයට ලක් කිරීමට ලබා දී ඇත්තේ සති දෙකක කාලයකි. එම කෙටි කාලය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් හෝ වෙනත් ක්‍රමවේද භාවිත කරමින්, මේ ගලා එන නීති ප්‍රවාහය නිසා නිදහසට එල්ල වන අවදානම අවම කිරීමට පියවර ගත හැක්කේ කාට ද?Continue Reading

රුවන්වැලි මහ සෑය හැඳින්වීම සඳහා ‘ස්මාරකය’ යන වචනය භාවිත කිරීම සම්බන්ධයෙන් මතුව ඇති සංවාදය හුදෙක් වචනයක අර්ථය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. එය ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය, ජාතික සංස්කෘතික අනන්‍යතාව සහ රාජ්‍ය ආයතන මෙන්ම දේශපාලන බලධාරීන් භාවිත කරන භාෂාව අතර පවතින සම්බන්ධය පිළිබඳ ගැඹුරු සංවාදයකි.Continue Reading

විහාරමහාදේවි උද්‍යානයේදී සිය හැට්ටය අස්සට ලිපියක් දැමීමේ සිදුවීම පිළිබඳ කාන්තාවකගේ ප්‍රකාශයක් පාදක කර ගනිමින් නිර්මාණය වී ඇති සරාගිකකරණය වූ (sexualized) උපහාසය, වත්මන් දේශපාලන සන්දර්භය තුළ ස්ත්‍රීවාදී කතිකාව මුහුණ දී ඇති දෘෂ්ටිවාදී අර්බුදය මනාව නිරූපණය කරයි. උපුල් ශාන්ත සන්නස්ගල වැනි ප්‍රසිද්ධ චරිත සහ ආණ්ඩු හිතවාදීන් විසින් කාන්තාවකගේ දේශපාලනික ප්‍රකාශනයක් ඇයගේ ශරීරය කේන්ද්‍ර කර ගනිමින් අවතක්සේරුවට ලක් කිරීම, ලාංකීය සමාජයේ ගැඹුරින් මුල් බැසගත් පීතෘමූලිකත්වයේ සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයේ (GBV) පැහැදිලි මනෝවිද්‍යාත්මක ප්‍රකාශනයකි.Continue Reading

1970 දශකයේ ශ්‍රී ලංකාවේ හැදී වැඩුණු පරපුරට ආහාර හිඟය පිළිබඳ මතකයන් අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. ආහාර සලාක, පාන් පෝලිම්, ආනයන සීමා සහ වෙළෙඳපොළේ භාණ්ඩ හිඟය එකල ජීවිතයේ කොටසක් විය. අද රටේ දේශපාලන, රාජ්‍ය හා පෞද්ගලික අංශවල විවිධ වගකීම් දරන බොහෝ දෙනකු ඒ අත්දැකීම් ලැබූ දරුවන්ය. එම පරපුරේම සාමාජිකයකු වන මේ ලේඛකයාට ද ඒ අතීතය පෞද්ගලිකව සිහිපත් කළ හැකිය. 1973–1974 කාලයේ ලෝක වෙළෙඳපොළේ ආහාර මිල ඉහළ යාම සහ විදේශ විනිමය හිඟය ද එම තත්ත්වය තීව්‍ර කළේය.Continue Reading

ඉදිරි වසර තුන තුළ මතු විය හැකි ලෝක ආහාර හිඟය සහ දිනෙන් දින වැඩි වන දේශගුණික තර්ජන නිසා රටේ ආහාර සුරක්ෂිතතාව, විදේශ සංචිත සහ ආර්ථික ස්ථාවරත්වය අවදානමකට ලක් විය හැකිය. තවත් අර්බුදයක් හට ගැනීමට පෙර ශ්‍රී ලංකාව තම ගොවිබිම්, ආහාර සැපයුම සහ විදේශ සංචිත ආරක්ෂා කර ගත යුතුය.Continue Reading

ශ්‍රී ලංකාවේ සමකාලීන දේශපාලන කරළිය උණුසුම් කළ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ‘සිවුරේ අයිතිය’ පිළිබඳ සංසිද්ධිය අරභයා රමිඳු ලක්ඛික පෙරේරා විසින් රචිත ලිපිය, මෙරට වත්මන් පාලක පක්ෂයේ න්‍යායාචාර්යවරුන් තුළ පවතින දෘෂ්ටිවාදී ව්‍යාකූලත්වය සහ ඓතිහාසික අන්ධභාවය මැනවින් නිරූපණය කරන්නකි. සාම්ප්‍රදායික ‘වම’ සහ ‘දකුණ’ පිළිබඳ යල්පැනගිය රාමුවක සිරවී සිටින ඔහු, පශ්චාත්-යුද සහ පශ්චාත්-පාස්කු ශ්‍රී ලංකාවේ සිදුව ඇති ගැඹුරු සුසමාදර්ශීය වෙනස්කම් (Paradigm Shifts) කියවා ගැනීමට අපොහොසත් වී තිබේ. මෙම ලිපියේ අරමුණ වන්නේ රමිඳුගේ ප්‍රවාදයන් විසංයෝජනය කරමින්, නැගී එන සිංහල-බෞද්ධ දේශපාලන පෙළගැස්ම සහ ජවිපෙ ආණ්ඩුව මුහුණ දී සිටින සැබෑ දේශපාලන-ආර්ථික අර්බුදය විමර්ශනය කිරීමයි.Continue Reading

උදාහරණයක් ලෙස, “දේශපාලනිකව පත් කරනු ලබන අමාත්‍යාංශ ලේකම්වරයකු නිකුත් කරන රැඳවුම් නියෝගයක් අනුමත කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට අවම වශයෙන් එක් විනිසුරුවරයකුට — වඩාත් සුදුසු වන්නේ මහාධිකරණ විනිසුරුවරයකුට — බලය පැවරෙන පරිදි පනතේ 26(3) වගන්තිය සංශෝධනය කළ යුතුය. එසේම, ස්වාධීන සමාලෝචන කමිටුව විසින් ගනු ලබන තීරණ අනිවාර්යයෙන් ක්‍රියාත්මක කළ යුතු වන අතර, අමාත්‍යවරයාගේ අභිමතය පරිදි ඒවා වෙනස් කළ නොහැකි වන පරිදි පනතේ 30(8) වගන්තිය සංශෝධනය කළ යුතුය.”Continue Reading

මාලිමා ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකාව කිසිදු කලෙක සංවර්ධිත රාජ්‍යයක් බවට පත්වීමේ ශක්‍යතාවක් නොමැති බව අප පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් කරුණු පදනම් කරගෙන ය. මෙම ආණ්ඩුව විසින් අනුගමනය කරනු ලබල අහිතකර ආර්ථික ප්‍රතිපත්තිවල දිගුකාලීන බලපෑම කිසිසේත්ම ආපසු හැරවිය නොහැකි තත්ත්වයකට රට පත් කරනු ඇත. මේ සමග ඇති රූප දෙක ඒ සඳහා සාක්ෂි වේ.Continue Reading