කන්ටේනර් 323

පරීක්ෂා නොකර වරායෙන් පිට කළ කන්ටේනර් 323 අතරෙ එක්ස්පෝ ලංකා එකේ කන්ටේනර් නැතිය කියන එක කියන්න රේගුව නිවේදන නිකුත් කරන්න ඕනැ නැහැනෙ. එහෙනම් ඉතින් එතන කන්ටේනර් නැති වෙන සමාගම්වල නමුත් නිවේදනයෙ තියෙන්න ඕනැනෙ. එක්ස්පෝ ලංකා කියන්නෙ පෞද්ගලික සමාගමක්නෙ ඒක වෙනුවෙන් රජය කතාකරන්නට හේතුව මොකක්ද?

අනෙක, ඔය චෝදනාව කළේ අපි නෙමෙයි. රේගු වෘත්තීය සමිති සන්ධානය. ඔවුන් මේ ප්‍රශ්නය ගැන හොඳ අවබෝධයක් තිබෙන පිරිසක්. ඔවුන් නගපු චෝදනාව තමයි මේ 323න් 80%ක් රතු ලේබල් කර තිබුණු ඒවා බව. ඒ අනුව, එවැනි වර්ගීකරණයක් කර ඇති කන්ටේනර් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රමවේදය අනුගමනය කර ඇති බවක් මේ නිවේදනයෙ නැහැ.

මේ නිවේදනයෙම තියෙනවා ඒ 323 භෞතිකව පරීක්ෂා කළ යුතුව තිබුණු කන්ටේනර්ය කියලා. එහෙම භෞතිකව පරීක්ෂා කළ යුතුයි කියලා තීරණය කළා නම් ඉන් පසු එහෙම පරීක්ෂා නොකළ යුතුයි කියලා තීරණය කළේ කොහොමද? ඒ තීරණය ගන්නට දේශපාලකයන් මැදිහත් වුණේ ඇයි?

මෙතනදි සිදුවුණ දේ ගැන ඇතිවුණ සැකය නැති කරන්නට මේ නිවේදනය ප්‍රමාණවත් නැහැ.

මේ කන්ටේනර් කාගෙද? ඇයි ඒ 323 එහෙම පරීක්ෂා නොකර නිදහස් කළේ? මොනවද ඒවයෙ තිබුණෙ? කවුරුද ඒවා ගෙන්නුවෙ? පැහැදිලි කරලා නිවේදන නිකුත් කරනවා නම් රටට ඒ තොරතුරු කියන්න.

හැබැයි ඉතින් දැන් මේක හෝදලා ඉවර කරන්න බැහැ. පරීක්ෂා නොකර දේශපාලන මැදිහත්වීමෙන් පිට කරපු කන්ටේනර්වල මොනවා ගෙනාවාද කියලා දැන් හොයාගන්න බැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *