චතුරංග අබේසිංහ නම් ඉන්ද්‍රජාලිකයා
අජිත් පැරකුම් ජයසිංහ
අද නියෝජ්‍ය ඇමතිකමේ වැඩ භාරගන්න ගමන් එතුමා කිව්වා, අපනයන ආදායම 2030 වෙනකොට ඩොලර් බිලියන 35 කරනවා කියලා.
ඉතින් ඔබ දන්නවාද 2024දි අපනයන ආදායම ඩොලර් බිලියන 15යි. ඒක 2030 වෙනකොට ඩොලර් බිලියන 35 කරනවා කිව්ව නේද?
ඒ කියන්නෙ 35,000,000,000 – 16,000,000,000 බෙදීම 365×5 = 10,410,958
ඒ කියන්නෙ දිනපතා ඩොලර් මිලියන 10.5කින් විතර අපනයන ආදායම වැඩි කරනවා. ඒ කියන්නෙ අදට වඩා හෙට ඩොලර් මිලියන 10.5කින් වැඩියි. හෙටට වඩා අනිද්දා ඩොලර් මිලියන 10.5කින් වැඩියි ආදී වශයෙන්.
මං හිතන්නෙ මේ සඳහා අපනයන වර්ධනය වාර්ෂිකව 15% ඉක්මවිය යුතුයි.
එහෙම අපනයන වර්ධනයක් ලංකාවට අත්පත් කරගත හැකිද? මෙතුමා කියන විදියෙ 6.5%ක දළ දේශීය නිෂ්පාදිතයෙ වර්ධනයකින් ඔය තත්වය අත්පත් කරගන්නට බැහැ.
ඔය තරම් උන්නතිකාමී ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගන්නට නම් අප මොනවද කළ යුත්තෙ? ලංකාවෙ විදුලි, ජල, මහාමාර්ග, ගුවන් තොටුපළ, වරාය සහ අපනයන කලාප වැනි යටිතල පහසුකම් වර්ධනය කරන්නට ඕනැ. ඒ සඳහා ඩොලර් බිලියන දහයක්වත් යයි. කාලයත් ගත වෙනවා. කඩිනම් කරන්නට ගියොත් තවත් ඩොලර් බිලියන පහක්වත් අවශ්‍ය වේවි.
ඊළඟට අලුතින් අපනයන කර්මාන්ත 500ක්වත් පටන් ගන්නට ආයෝජන අවශ්‍ය වෙයි. ඒ සඳහා ඩොලර් බිලියන 25ක්වත් අවශ්‍ය වෙයි. ලංකාවෙ මේවට ආයෝජකයන් ඉන්නවද? නැහැ. විදේශ ආයෝජකයන්ට ඉඩ සලසන්නට ඕනැ. ඒකට ඉතින් මුලින්ම නීති ලිහිල් කරන්නට ඕනැ.
පැනවිය යුතු නව නීති අතර ප්‍රධාන එකක් තමයි, ගිය අවුරුද්දේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් රජය විසින් හඳුන්වා දුන් නව සේවා නියුක්ති පනත් කෙටුම්පත.
කම්කරු නීති ක්ෂේත්රයේ බලාත්මකව පවතින පනත් 13ක් ඒකාබද්ධ කොට එක් පනතක් ගෙන ඒමේ අරමුණින් තමයි ඒක ඉදිරිපත් කළේ. මෙම පනත් 13 අතර කාර්මික ආරවුල් පනත, සේවකයින්ගේ සේවය අවසන් කිරීමේ පනත, පඩිපාලක සභා ආඥා පනත, පාරිතෝෂිත ගෙවිමේ පනත, සාප්පු හා කාර්යාල පනත සහ මෑතකදී හඳුන්වාදෙන ලද සේවා නියුක්තිකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ අවම වයස නිර්ණය කරන පනත ද තිබුණා.
ඒ පනතට දැඩිව විරුද්ධ වුණ එක් කණ්ඩායමක් තමයි ප්රතිවාද කණ්ඩායම. ඒ කණ්ඩායමේ ඉන්න තුන්දෙනාගෙන් දෙන්නෙක් පසුගිය දවස්වල මාලිමාවෙ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වුණා. එක්කෙනෙක් ජනාධිපතිතුමාගෙ මාධ්‍ය අධ්යක්ෂ ජනරාලුත් වෙලා හිටියා. ඒ දෙන්නා තමයි නජිත් ඉන්දික හා ලක්මාලි හේමචන්ද්‍ර. ඔය පහත දැක්වෙන බැනර් ඒ කාලෙ ඒගොල්ලන් ඒ පනතට විරුද්ධව කරපු කැම්පේන්වලින් තමයි ගත්තෙ. ඒගොල්ලන් චතුරංගගේ මේ උන්නතිකාමී වැඩපිළිවෙලට එකඟ වෙයිද?
ඉතින් චතුරංග නියෝජ්‍ය ඇමතිතුමාට මේවා කරන්න පුළුවන් වෙයිද? සුරංගනාවියක්වත් අල්ලගත්තොත් ට්‍රයි කරන්න පුළුවන්. ඒ වුණාට ප්රතිවාද කණ්ඩායමේ ලක්මාලි හේමචන්ද්‍ර කියන දුෂ්ට සුරංගනාවි ඉඩ දෙයිද කියන එක සැකයි.
දැන්වත් මේ බොරු ඉලක්කම් විජ්ජා නවත්තන්න. මුලින්ම තමන් රැවටෙන්නෙ නැතුව ඉන්න. රටත්, ජනතාවත් රැවටුවා ඔය ඇති. කරන්න පුළුවන් දේ කියන්න.
කියවන්න: https://web.facebook.com/photo?fbid=539309332406917&set=pcb.539310209073496