ගෙන්දගම් හෙවත් සල්ෆර් පොළව
අජිත් පැරකුම් ජයසිංහ
ගෙන්දගම් පොළව කියන යෙදුම භාවිතයට ආවෙ ඇයි? සල්ෆර් සඳහා සිංහල වචනය ගෙන්දගම්.
“ගෙන්දගම්” (ගෙන්දගම්) සංස්කෘත “गन्धक” (ගන්ධක) යන වචනයෙන් ව්‍යුත්පන්න වී ඇතැයි සැලකිය හැකියි. එහි තේරුම “සල්ෆර්” යන්නයි. සංස්කෘත භාෂාවෙන් “गन्ध” (ගන්ධ) යන මූල වචනයේ තේරුම “ගඳ” හෝ “සුවඳ” යන්නයි, සල්ෆර්වල ලාක්ෂණික තද ගන්ධය මෙම වචනයට හේතුවයි.
කොළඹට ගෙන්දගම් පොළව යයි කියන්නේ එහි ගෙන්දගම් ඇති නිසා නොවේ. කොළඹ නාගරික කටුකත්වය නිසාය.
සල්ෆර් බහුල භූමීන් තිබෙන්නේ ගිනිකඳු ආශ්‍රිත ප්‍රදේශවලය. ස්වාභාවිකවම මෙවැනි භූමිභාගයන් කර්කශ පරිසරයන් විය හැකිය.
සල්ෆර් ගැන මේ දිනවල ලංකාවේ කතාබහ කෙරෙන්නේ පරන්තන්හි සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කර ආර්ථිකය නැංවීමට එය උපයෝගී කරගන්නා බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශයක් හේතුවෙනි. එය එක්තරා ආකාරයකට ලංකාවේ දේශපාලනික ගෙන්දගම් පොළවේ හැටි ප්‍රකාශ කරන ඉතා මුග්ධ ප්‍රකාශයකි.
ලංකාවේ සල්ෆර් නිධි නැත. එහෙත්, තෙල් පිරිපහදු ක්‍රියාවලියේ අතුරු නිෂ්පාදනයක් වන හයිඩ්‍රජන් සල්ෆයිඩ් මගින් සල්ෆියුරික් නිපදවිය හැකිය.
ගෝලීය වශයෙන්, සල්ෆර් නිෂ්පාදනයෙන් සැලකිය යුතු කොටසක් ඛනිජ තෙල් පිරිපහදු කිරීම සහ ස්වාභාවික වායු සැකසීමෙන් පැමිණේ. නිදසුනක් වශයෙන්, එක්සත් ජනපදයේ, මෙම ප්‍රභවයන්ගෙන් සල්ෆර් නිෂ්පාදනය සමස්ත සල්ෆර් නිෂ්පාදනයෙන් සැලකිය යුතු කොටසක් වේ. බොහෝ කාර්මික යෙදුම්වල භාවිතා වන සල්ෆියුරික් අම්ලය ඇතුළු විවිධ සල්ෆර් මත පදනම් වූ නිෂ්පාදන නිෂ්පාදනය කිරීම සඳහා මෙම සල්ෆර් ඉතා වැදගත් වේ.
සමස්තයක් වශයෙන්, ඛනිජ තෙල් පිරිපහදු කිරීමේ සහ ස්වාභාවික වායු සැකසීමේ සල්ෆර් ප්‍රතිසාධනය කර්මාන්තයේ තීරණාත්මක අංගයක් වන අතර එය බොහෝ දුරට සල්ෆර් විමෝචනය අඩු කිරීමේ සහ පාරිසරික ප්‍රමිතීන්ට අනුකූල වීමේ අවශ්‍යතාව මත පදනම් වේ.
පරන්තන්හි සල්ෆියුරික් අම්ලය හදනවා යයි අනුර කියා දමන්නේ නිකම් කටට එනවාට බව පැහැදිලිව පෙනේ. එහි මින් පෙර එවැනි කර්මාන්තයක් තිබී නැත. එසේම, ශ්‍රී ලංකාවේ සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය ලාභදායී කර්මාන්තයක් නොවන්නට ද පුළුවන. ඒ පිළිබඳ කිසිදු අධ්‍යයනයක් ද ජවිපෙට නැත.
ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ජවිපෙ ප්‍රතිපත්තිය එවැනිය. ඔවුන්ට ආර්ථිකය ගොඩගැනීම සම්බන්ධයෙන් විසඳුමක් ලෙස ඇත්තේ, නාකින් ඉවත් කර තරුණ යයි තමන් විසින් නම් කරගෙන තිබෙන වයස හැත්තෑවට වැඩි ටිල්වින්, ගලප්පත්ති, කිතුලගොඩ වැනි අය, හැටට වැඩි ලාල් කාන්ත වැනි අය හා හැටට ආසන්න අනුර කුමාර, විජිත හේරත් වැනි අය අතට බලය ගැනීම පමණි.
ආර්ථිකය සම්බන්ධයෙන් කරනු ලබන්නේ තනිකරම නන් දෙඩවීමකි. කළු සල්ලි සුදු කරන ජාතික ආර්ථිකයක් හදන බව සුනිල් හඳුන්නෙත්ති කියයි. එය ඇත්ත වශයෙන්ම ආර්ථික වශයෙන් හුදකලා වන රටකට ඇති එක් විසඳුමකි.
ජාතික කර්මාන්ත ගොඩනගනවාය කියමින් රජය ව්‍යාපාර කිරීම නම් පැරණි සංකල්පය ජවිපෙ තවමත් වැළඳගෙන සිටින මතවාදයකි. ඔවුන්ගේ සමාජවාදයේ උපරිම සීමාව එයයි.
ඔවුන් රටේ ආර්ථිකයට කරන්නට යන දේ ගැන මේ රටේ ජනතාව පරිස්සම් විය යුතුය.