ශ්‍රී ලංකාව ISB ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට එළඹෙයි

2024 ජූනි 3 වන දින, ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එහි පුද්ගලික ණය හිමියන් සමඟ පෙරළිකාර ගිවිසුමකට එළැඹි අතර, රාජ්‍ය පාලනය-සම්බන්ධිත බැඳුම්කරයක් (GLB) භාවිතා කරන පළමු රට බවට පත් විය. මෙම නව්‍ය මූල්‍ය උපකරණය නිර්මාණය කර ඇත්තේ කොළඹ වෙරිටේ රිසර්ච් ආයතනය විසිනි.

අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ රාජ්‍ය පාලන මිණුම් සලකුණු රටෙහි සාධනය මත පදනම්ව Verité-GLB ආපසු ගෙවීම් සකස් කරයි. මෙම මිණුම් සලකුණු සපුරා ඇත්නම්, බැඳුම්කර හිමියන්ට අවදානම් රහිත ලාභාංශයක් ලැබෙන අතරම, ආපසු ගෙවීම් අඩු කිරීමෙන් ශ්‍රී ලංකාව ප්‍රතිලාභ ලබයි.

වෙරිටේ රිසර්ච්හි ආචාර්ය නිශාන් ද මෙල් අවධාරණය කළේ මෙම ප්‍රවේශය රට සහ එහි ණයහිමියන් යන දෙඅංශයෙන්ම ජයග්‍රාහී අවස්ථාවක් සඳහා ඉලක්ක කරන බවයි.

Verité-GLB පිළිබඳ වැඩි විස්තර සඳහා, මෙම සබැඳිය වෙත පිවිසෙන්න. ගිවිසුම පිළිබඳ අමතර තොරතුරු බ්ලූම්බර්ග්හි සොයාගත හැකිය.

ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් ශ්‍රී ලංකාවේ ණය සඳහා සියයට 28 ක ණය කැපීමකට එකඟ වී ඇති බවත්, ඒ අනුව ඩොලර් බිලියන තුනකට ආසන්න ණය කපා හැරීමක් සිදුවනු ඇති බවත්, ජාත්‍යන්තර මාධ්‍ය උපුටා දක්වමින් යුක්තිය වෙබ් අඩවිය වාර්තා කරයි.

ඒ අනුව ඩොලර් බිලියන 12.25 ක් වටිනා බැඳුම්කර වෙනුවට ඩොලර බිලියන 9.36 ක් වටිනා නව බැඳුම්කර හුවමාරු කර ගැනීමට එකඟ වී තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මුල්‍ය අරමුදලේ පුරෝකතනවලට වඩා අඩු වුවහොත් ණය කප්පාදුව සියයට 40 ක් ඉක්මවා වැඩි කිරීමට ද එකඟ වී ඇතැයි කියති.

එමෙන් ම හොඳින් ණය ගෙවිය හැකි ලෙස ශ්‍රී ලංකාව ඉහළ ආර්ථික වර්ධනයක් ලබන්නේ නම් ණය කැපීම අඩු කිරීමට එකඟ වී ඇති අතර එහි අවම අගය සියයට 15 ක් වෙයි.

එකතු වූ ණය පොලිය සඳහා ද සියයට 11 ක කපා හැරීමක් හිමිවන අතර ඒ සඳහා සියයට 4 පොලියකට නව බැඳුම්කර නිකුත් කරනු ඇත.

බැඳුම්කර කල් පිරීම 2033 සිට 2038 දක්වා දීර්ඝ කර ඇති බව ද වාර්තා වෙයි.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ණයහිමියන් අතර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන මෙම කොන්දේසි සම්බන්ධයෙන් දෙපාර්ශවය එකඟතාවයකට පැමිණ තිබේ.

රොයිටර් පුවත් සේවය වාර්තා  කළේ ඊයේ (03) දිනයේ දී අදාළ එකඟතාවයකට පැමිණ ඇති බවය.

වසරකට වැඩි කාලයක් පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම එකඟතාවට පැමිණ ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ දේශීය ණය සහ ද්විපාර්ශවික ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මීට පෙර අවසන් කරනු ලැබී ය. මෙම එකඟත්වයන් සමග ණය ප්‍රතිව්‍යුහගත කරණ ගිවිසුම් ගත වීම සම්පුර්ණ වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *