Ship

නාරා නාවික සිතියම් කතාව අකාර්යක්ෂමතාවද? වෙනත් මගඩියක්ද?

ශ්‍රී ලංකාව ආසන්නයෙන් වාර්ෂිකව නැව් 45,000ක් පමණ ගමන් කරයි. එම නැව් විසින් නාවික සිතියම් භාවිතා කරනු ලබන අතර ඒ සඳහා එම සිතියම් හිමි පාර්ශ්වවලට ගාස්තු ගෙවිය යුතුය. එමගින් ශ්‍රී ලංකාවට තම මුහුදු සීමාව ආසන්නයේ ගමන් කරන නැව්වලින් වාර්ෂිකව ඩොලර් මිලියන 200ක් පමණ උපයා ගත හැකි බව තක්සේරු කර ඇත.

දැනට පවතින ඉලෙක්ට්‍රොනික නාවික සිතියම් (ENC) කළමනාකරණය කරනු ලබන්නේ බ්‍රිතාන්‍ය ජල විද්‍යාත්මක කාර්යාලය විසිනි. ඒ ජාතික ජල සම්පත් අධිකාරිය (NARA) සමඟ එළැඹ තිබෙන ගිවිසුමකට අනුවය. මේ වන විට නාරා ආයතනය

ENC නිර්මාණය කිරීමේ වගකීම ඉදිරියේදී නාවික හමුදාවට පැවරීම සඳහා ජාතික ජල විද්‍යා පනත සංශෝධනය කිරීමට පියවර ගැනේ.

පනත සම්මත වූ පසු විද්‍යුත් නාවික සිතියම් නිර්මාණය කිරීමේ වගකීම නාවික හමුදාවට පැවරේ.

NARA ගිවිසුම හේතුවෙන් රටට ලබාගත හැකිව තිබුණු රුපියල් බිලියන ගණනක ආදායමක් අහිමි විය. එපමණක් නොව, රක්ෂණ අධිභාරයන් ඉහළ යාම හේතුවෙන් වක්‍ර පාඩුවක්ත ද සිදු විය.

නාවික හමුදාව මෙම වගකීම කැමැත්තෙන්ම භාරගෙන ඇත. මෙම මුලපිරීම මගින් වසරකට ඩොලර් මිලියන 200 ක් පමණ උපයා ගත හැකි බවට ඇස්තමේන්තු කර ඇති අතර ඊටත් වඩා ඉහළ වක්‍ර ආදායමක් ලබා ගැනීමේ හැකියාව ඇත.

ජාත්‍යන්තර ජලවිද්‍යාත්මක කාර්යාලයේ නිර්දේශයන්ට අනුකූලව, මුද්‍රිත නාවික ප්‍රස්ථාර භාවිතය වසර 2026 වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට නියමිතය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඉලෙක්ට්‍රොනික නාවික සිතියම් (ENC) වෙත මාරුවීම අත්‍යවශ්‍ය වේ. 1983 සිට මෙම වගකීම පැවරී ඇති නාරා ආයතනය ඔවුන්ගේ රාජකාරි පැහැර හැර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, වර්තමාන නාවික සිතියම් වසර සියයකට වඩා පැරණිය.