රාජ්‍ය සේවයේ අවුරුදු තුනේ සේවයෙනුත් විශ්‍රාම වැටුප් ගෙවන හැටි
අජිත් පැරකුම් ජයසිංහ
දේශපාලකයන්ගෙ විශ්‍රාම වැටුප අහෝසි කරන බවට ජනප්‍රිය ප්‍රකාශ ජනාධිපති අනුර කුමාර දිසානායක කරනවා. එහෙම කරන්නෙ ලාල් කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, බිමල් රත්නායක, සමන්ත විද්‍යාරත්න, වසන්ත සමරසිංහ, රාමලිංගම් චන්ද්‍රසේකරන්, එරික් වීරවර්ධන වගේ මාලිමා නායකයන් මේ මාසෙත් ඒ විශ්‍රාම වැටුප ගන්න ගමන්. අහෝසි කරන්න ආණ්ඩුව තීරණ ගන්නකල් ඉන්නෙ ඇයි? ප්‍රතික්ෂේප කරන්න.
මේ ජනප්‍රිය වෛරී බොරුවෙන් ආර්ථිකයට කොයි තරම් දායකත්වයක් ලැබෙනවාද කියන එක ජනාධිපතිවරයාගෙන්ම තමයි අහන්න ඕනැ. මෙමගින් කරන්නෙ රාජ්‍ය අංශයේ විශ්‍රාම වැටුප් ගැන නොදන්නා, දුප්පත් මිනිසුන්ව රවටන එක. ඔවුන් තුළ දේශපාලකයන්ට එරෙහිව වෛරය ජනිත කරන එක. ඒ ගමන් ජවිපෙ කරන්නෙ නිලධාරීන්ව හෝදන එක. ඔබ දන්නවාද, ඇතැම් රාජ්‍ය නිලධාරින්ට දේශපාලකයන්ට වඩා විශ්‍රාම වැටුපක් අවුරුදු තුනෙන් ගැනීමේ හැකියාව තියෙන බව. ඇමතිලාගෙ ඇම්බැට්ටයන්ට අවුරුදු පහෙන් විශ්‍රාම වැටුප් ලැබෙන බව ඔබ දන්නවාද? අනුර මේ ගැන කතා කරනවාද?
ලංකාවෙ රාජ්‍ය සේවයේ දැනට අවුරුදු තුනෙනුත් විශ්‍රාම වැටුප් දෙනවා. දේශපාලනඥයන්ට නෙමෙයි. රාජ්‍ය නිලධාරීන්ට. දන්නැත්තං විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ගත්ත පහත දැක්වෙන තොරතුරු බලන්න. තව විස්තර වෙබ් අඩවියේ තියෙනවා.
ජනප්‍රිය බොරුවලට, වෛරී ප්‍රකාශවලට රැවටෙන්න එපා. බොරුකාරයන් හඳුනාගන්න. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයට සබැඳිය මෙතනින්.