parliament

පාර්ලිමේන්තු කාරක සභා අතර වරම පිළිබඳ ගැටලු

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මූල්‍ය අධීක්ෂණ කාරක සභා (FOCs) සහ ආංශික අධීක්ෂණ කාරක සභා (SOCs) හි නියෝග සමාලෝචනය වෙමින් පවතින බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

මූල්‍ය අධීක්ෂණ කාරක සභා සහ ආංශික අධීක්ෂණ කාරක සභා බලතල එකිනෙක සමග සමපාත වී ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. මූලික වශයෙන් එක් එක් කාරක සභා කණ්ඩායම් අතර මෙම සමපාත වීම සිදුවන මුත් මූල්‍ය අධීක්ෂණ කාරක සභා සහ ආංශික අධීක්ෂණ කාරක සභා අතර ද ගැටලු ඇති බව මන්ත්‍රීවරු පවසති.

මූල්‍ය අධීක්ෂණ කාරක සභා සඳහා අදාළ වන වරම පිළිබඳ නිර්වචනයක් නොමැතිකම සහ ස්ථාවර නියෝග යටතේ ඇති සංකීර්ණ නවරම හේතුවෙන් කාරක සභා කිහිපයක් විසින් එකම රජයේ අමාත්‍යාංශ, ආයතන සහ නිලධාරීන් නැවත නැවත මිටු රැස්වීම්වලට කැඳවීම සිදු වන බව ඔවුහු අවධාරණය කරති.

වරම පිළිබඳ පැහැදිලි බවක් නොමැතිකම හේතුවෙන් එකම (හෝ සමාන) ගැටලු සහ අමාත්‍යාංශ/ ආයතන විවිධ කාරක සභා විසින් විමර්ශනය කිරීම ද සිදු වේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට මූල්‍ය අධීක්ෂණ කාරක සභා හයක් සහ ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් ඇත.