Iran attack Israel

ඉරානය ඉගැන්වූ අලුත් පාඩම

බර්ටි රණවීරගේ

ඊයේ ඉරානය ඩ්රොන් සහ මිසයිල 331 ක් ඊශ්‍රායලය වෙත එල්ල කොට අලුත් පාඩමක් මුස්ලිම් ලෝකයාට සහ වාමාංශික මත දරන්නන්ට ඉගැන්වුවේය

එනම් ඊශ්‍රයලයට පහර දී විනාශ කරන්නට ඉරානයටද බැරි බවය.

ඉරානයේ පුජක ආණ්ඩුව කාලයක් හමාස් අය්යලාට, හුති පුතාලාට හිස්බුෙල්ලා සීයලාට සහ ඉරාකයේ සහ සිරියාවේ සිටින සිය චක් ගෝලයන්ට අවි ආයුධ මිල මුදල් සහ යුධ පුහුණුව ලබා දී ඊශ්‍රායලයට ගැස්සුවේය

එහෙත් ඒවායින් ඊශ්‍රයලයට දන්වන්නට නොහැකි විය අන්තිමට ඉරානයම ඊයේ ගැහුවේය කෘස් මිසයිල, බැලස්ටික් මිසයිල සහ ඩ්රොන් 331කින් ඊශ්‍රායලයට පහර දුන්නේය ඉන් අතලොස්සක් හැර අන් සියල්ලම අහසේදී විනාශ කරනු ලැබිණ. එකක් ගෝලාන් ප්‍රදේශයට කඩා වැටි ගොඩනැගිල්ලකට අලාභ හානි විය. තවත් එකක් අරාබි ගෝත්‍රයක් වන බෙඩුවින් ජනයා වසන කාන්තාර ගමකට කඩා වැටී අවුරුදු 7ක ගැහැණු ළමයෙකුට බරපතල ලෙස තුවාල සිදුවිය. තුන්වැන්න ඊශ්‍රායල් හමුදා කඳවුරකට වැටී ගොඩනැගිල්ලකට සුළු අලාභ හානි සිදුවිය.

මේ නිසා අද දිනයේ සිට ඊශ්‍රායල්/පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් උදාවන්නේ අලුත් දේශපාලනයකි. එනම් ඊශ්‍රායලය විනාශ කොට පලස්තීන රාජ්‍යය පිහිටුවීම දවල් හීනයක් පමණක් බවයි. ඒ දවල් හීනය මෙතෙක් දැක්කේ ඉරානය ඇතුළු රාජ්‍යයන් දෙක තුනක් හා අන්තවාදී සංවිධාන පමණි. මින් පසු ඒ වෙනුවට ලෝකයේ බහුතරයක් රටවල් එකඟ වී සිටින රාජ්‍යයන් දෙකේ පැවැත්ම පිළිගැනීමට සිදු වේ. එනම් , ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ ද්වි පැවැත්ම පිළිගැනීමය. කොපමණ තිත්ත වුවත් ඉරානයට හමාස් සංවිධානයට සහ අනෙකුත් අන්තවාදී සංවිධානවලට මේ යථාර්යථ පිළිගැනීමට අද සිට සිදුවෙනු ඇත.

මුස්ලිම් ලෝකයට මෙන්ම ඊශ්‍රායලයටද කල් පවත්නා සමයක් උදා වන්නේ එම විසඳුම පිළිගනිමින් පලස්තීන රාජ්‍යය පිහිටුවීම මගින් පමණි

(අලුත්ම තත්වය: ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල නොකරන ලෙස ඇමරිකානු ජනාධිපතිවරයා ඊශ්‍රායල් අගමැතිට දුරකථන ඇමතුමක් දී ප්‍රකාශකොට ඇති අතර එසේ පහර දීමට ඇමරිකාවේ සහය නොදෙන බවත් ඉරාන මිසයිල අහසේදීම පුපුරව හරිම ඊශ්‍රායලය ලැබූ ජයක් ලෙස සලකන ලෙසත් ජෝ බයිඩන් කියා තිබේ )