Kenneth Eugene Smith wife

නයිට්‍රජන් මගින් හුස්ම හිර කර දුන් පළමු මරණ දඬුවම

ඡායාරූපයේ දැක්වෙන්නේ ඇලබාමාහි 58 හැවිරිදි කෙනත් ස්මිත් ඉයුජින්ගේ බිරිඳ තම සැමියා මරණීය දණ්ඩනයට ලක්කරන අවස්ථාවේ සාක්ෂි මැදිරියේ සිට ප්‍රතිචාර දැක්වූ ආකාරයයි. ස්මිත් යනු ඇමරිකාව විසින් පළමු වරට නයිට්‍රජන් ගෑස් භාවිතා කර ඉවත් මරණ දඬුවමට ලක් කළ පළමු පුද්ගලයායි.

ඔහු මරණීය දණ්ඩනයට ලක් වුණේ 1988දී කරන ලද කුලී මිනී මැරුමක් වෙනුවෙනි. ඔහු සමග එම මිනීමැරුම සිදු කළ අනෙක් පුද්ගලයා කෙටි කලකින් සියදිවි නසාගත්තේය.

මාස්ක් එකක් මගින් නයිට්‍රජන් ආශ්වාස කිරීමට සලස්වා ඔහුගේ මරණ දඬුවම ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කළ ඔහුගේ ආගමික උපදේශකවරයා පැවසුවේ ඒ සඳහා ඉතා වේදනාකාරී විනාඩි 22ක් ගත වූ බවයි.

ධවල මන්දිරය මෙම මරණීය දණ්ඩන ක්‍රමය හෙළා දැක ඇත.

ඇලබාමාහි මරණීය දණ්ඩනය වෙනුවෙන් විදුලි සැර, විෂ එන්නතක් හෝ නයිට්‍රජන් මගින් හුස්ම හිර කිරීම තෝරාගත හැකිය.

නිෂ්ක්‍රීය වායුවක් වන ශුද්ධ නයිට්‍රජන් ආශ්වාස කිරීමට සැලැස්වීමෙන් පුද්ගලයා මිය යන්නේ ඔක්සිජන් නොමැති වීමෙනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පසුගිය බ්‍රහස්පතින්දා සිදු කළ එම මරණීය දණ්ඩනය කුරිරු ක්‍රියාවක් ලෙස හෙළා දුටු නමුත් ඇලබාමා රජය පැවසුවේ එම ක්‍රියාවලිය මානුෂීය ලෙස සිදු කර ඇති බවයි.

මරණ දණ්ඩන තොරතුරු මධ්‍යස්ථානයට අනුව, පිරිසිදු නයිට්‍රජන් වායුව භාවිතයෙන් රජයක් විසින් මරණීය දණ්ඩනයට ලක් කළ ලොව පළමු පුද්ගලයා ස්මිත් ය.

මරණ දඬුවමට විරුද්ධ වන්න. පුද්ගලයකු ඝාතනය කිරීමට තවත් පුද්ගලයකුට පමණක් නොව රජයට ද අයිතියක් නැත.