Matugama

කාන්තාවකගේ නායකත්වයෙන් යුත් මතුගම මංකොල්ල කල්ලියක් මාරවිලදී අත්අඩංගුවට

මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන කොල්ලකෑම් කල්ලියක් වෙන්නප්පුව පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන. එයට නායකත්වය දී තිබෙන්නේ 36 හැවිරිදි කාන්තාවක්. ඇගේ සැමියා, ඇගේ සහෝදරයන් දෙදෙනා සහ ඇගේ සැමියාගේ මිතුරෙකු මේ කල්ලියට අයත්. ඔවුන් සියල්ල දැන් අත්අඩංගුවේ. පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මාරවිල ප්‍රදේශයේ ඔවුන් නැවතී සිටි ලොජ් එකකට ලබාදුන් තොරතුරු ඔස්සේයි.

22 හැවිරිදි සැමියා දැඩි මත්ද්‍රව්‍ය ලෝලියෙක්. ඔහුට මත්ද්‍රව්‍ය සඳහා දිනකට රු. 30,000 – 40,000 පමණ අවශ්‍ය බව පොලිසිය හෙළිදරව් කරනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා ඔහුට අධිකරණ වරෙන්තු 13 ක් ඇති බවත් පොලිසිය කියනවා.

ඔවුන් මංකොල්ලකෑම් කර තිබෙන්නේ රාත්‍රියේ නිවෙස්වලට ඇතුළු වී නිවැසියන් බොරු පිස්තෝල පෙන්වා බියගැන්වීමෙන්. ඔවුන් පුත්තලම සිට මාතර දක්වා අවම වශයෙන් සොරකම් 25 ක් සිදු කර, රුපියල් මිලියන 50 කට වඩා වටිනා දේ මංකොල්ලකා ඇති බව පොලිසිය පවසනවා.

මතුගම ප්‍රදේශය මේ වන විට මත්ද්‍රව්‍ය හා පාතාල අපරාධවල තිප්පොළක්. මේ ඒ අපරාධ සංස්කෘතිය මතුගමින් පිටතට විහිදුණු අවස්ථාවක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *