Ahas Bookuwa, Athwelthota

අත්වැල්තොට අහස් බෝක්කුව

මාර්ග අංක 482 බස් ධාවනය වන මතුගම – කලවාන ප්‍රධාන මාර්ගයේ අත්වැල්තොට ප්‍රදේශයේ පිහිටා ඇති අහස් බෝක්කුව මාර්ග සංවර්ධනයේ ඓතිහාසික ස්ථානයක්. එය ලංකාවේ ඇති විශාලතම බෝක්කුව ලෙස ද හැඳින්වෙනවා.

දෙවන ලෝක යුධ සමයේ , කාපිරි සෙබළුන් යොදවා, බ්‍රිතාන්‍ය පාලකයන් විසින් මෙම බෝක්කුව ඉදි කළ බව වාර්තා වෙනවා. 2016 ආසන්න කාලයේදී මෙම මාර්ගය සංවර්ධනය කළ අතර, බෝක්කුවේ පැති බැමි දෙක පමණක් සුළු නවීකරණයකට ලක්කර ඇත.

අඩි 25ක් පමණ උස මෙම බෝක්කුව යටින් ගලන දොල කබරගොයි දොල නමින් හැඳින්වෙනවා. එහි මනස්කාන්ත දිය ඇල්ලක් ද තිබෙනවා.

කලුතර දිස්ත්‍රික්කයේ හා බස්නාහිර පළාතේ මායිම තව ස්වල්ප දුරකින් අවසන් වෙනවා. එතැන් සිට ඇත්තේ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයයි.

ඡායාරූපවල හිමිකරුවන්ට ස්තුතියි.

📷 Dilsara Abeywickrama
📷Boditha Ubayasiri
කුසුම්සිරි විජයවර්ධන