Victor Ivan

තමන්ගේ හෘදය සාක්ෂියට අනුව කටයුතු කළ වික්ටර් අයිවන්

අජිත් පැරකුම් ජයසිංහ

වික්ටර් අයිවන් යනු ජනමත නායකයෙකි. උපාය විශේෂඥයෙකි. දේශපාලන ක්‍රියාකරුවෙකි. විප්ලවවාදියකු ලෙස සැලකීම ද වරදක් නැත. සිය කාර්යය වෙනුවෙන් ජනමාධ්‍ය භාවිතා කළ නිසා ඔහු ජනමාධ්‍යකරුවෙකි. ලේඛකයෙකි.

තමන් කරන කාර්යය වෙනුවෙන් හැම විටම 100%ක් පෙනී සිටීමට ඔහු උත්සාහ කළේය. ඔහු කටයුතු කළේ ඔහුගේ හෘදය සාක්ෂියට අනුවය. ඔහු නායකයකු වූ මුත්, ඔහු වටා ගොඩනැගුණු සමූහය විසින් ඔහු හැසිරවුණේ නැත. ඔහු හැම විටම ස්වාධීනව කටයුතු කළ අතර, රංචුව සමග යාම සඳහා ස්ථාවරයන් වෙනස් කර ගැනීම හෙවත් සපත්තුවේ තරමට කකුල කපාගැනීමට උත්සාහ කළේ නැත.

ඔහු ඉතිහාසගත වීමට වඩා වර්තමානය තුළ පූර්ණව ජීවත් වීමට උත්සාහ කළ කෙනෙකි.

ඔහු සමග අපි විවිධ දේශපාලන හා මාධ්‍ය ක්‍රියාකාරකම්වල නියැලුණෙමු. ඒ ගැන අපට එදාත් විවේචන තිබිණි. එහෙත්, ඔහු ලංකාවේ සමාජය ගොඩනැගීම සඳහා ඉතා වැදගත් දායකත්වයක් සිදුකළ අයෙකු බවට විවාදයක් නැත.

වික්ටර් අයිවන් මහතාට ඔහුගේ විශ්වාසයන් අනුව සුගතිය අත්වනු ඇත.

(මුල් ඡායාරූපය: ධර්ගා නගරයේ, ඉඳිගස්තුඩුවේ පුනරුදය සාකච්ඡාවක් අතරතුර සැඳෑ ආලෝකයේ වික්ටර් අයිවන් මට පෙනුණ හැටිය.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *