Hema Jayawardana

හේමා ජයවර්ධන

කළුතර දිස්ත්‍රික් හිටපු සංවර්ධන සභා මන්ත්‍රී සහ අගලවත්ත හිටපු ගම්සභා සභාපති, සාම විනිසුරු හේමරත්න ජයවර්ධන හෙවත් හේම ජයවර්ධන මහතා අභාවප්‍රප්ත විය. ඔහු පැලවත්ත උප තැපැල් කාර්යාලයේ ප්‍රථම උප තැපැල් ස්ථානාධිපතිවරයා ද විය. පැලවත්ත විවිධ සේවා සමුපකාර සමිතියෙහි සභාපති ද වූ ඔහු 1979දී කලුතර දිස්ත්‍රික් සංවර්ධන සභාවේ මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් විය.

ඔහු විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන, නාමල් ජයවර්ධන, දේවිකා ජයවර්ධන, නීතිඥ රවි ජයවර්ධන, සහ ආශා ජයවර්ධන යන අයගේ පියාණන් වේ. 

ඒ මහතාගේ දේහය මතුගම පැලවත්ත නෙළුව පාර, ගොරකදූවෙහි ඒ මහතා පදිංචිව සිටි නිවෙසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබද අවසන් කටයුතු අප්‍රේල් 8 සදුදා සවස 2.00 ට පැලවත්ත පවුලේ සුසාන භුමියේ දි සිදු කිරීමට නියමිතය.