NPP manifesto 2024

ජාජබ ඇමති මණ්ඩල විශ්ලේෂණය

අද දින දිවුරුම් දෙන ලද කැබිනට් මණ්ඩලයේ සමස්ත ඇමතිවරුන් සංඛ්‍යාව ජනාධිපතිවරයා ද ඇතුළත්ව 22කි.

අග්‍රාමාත්‍ය හා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ පමණක් කාන්තාවන්ට හිමි වී ඇත. ඇමතිවරුන් හයදෙනෙකු පත්කර තිබෙන්නේ ජාතික ලැයිස්තුවෙනි. ගම්පහ දිස්ත්‍රික්කයට ඇමති තනතුරු තුනක් ද මාතර දිස්ත්‍රික්කයට ඇමති තනතුරු දෙකක් ද ලැබී ඇත.

උතුරු නැගෙනහිර පළාත්වල ජනයා ඍජුව නියෝජනය කරන කිසිවකුට ඇමති තනතුරු ලබාදී නැත.

ගාල්ල, හම්බන්තොට, මොනරාගල, නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ඇමතිවරුන් නැත.

ජනවාර්ගික වශයෙන් ගත් කල දෙදෙනෙකු දෙමළ බව පෙනේ. මුස්ලිම් නියෝජනයක් ඇමති මණ්ඩලය තුළ නැත.

කුල හා ආගමික වශයෙන් ගත් කල ඇමතිවරුන් අතරින් හතරෙන් තුනක් පමණ සිංහල බෞද්ධ ගොවිගම අය වෙති. අග්‍රාමාත්‍ය තනතුර ඇතුළු ඇමති තනතුරු කීපයක් කරාව සහ වෙනත් කුලවලට හිමි වී තිබේ.

මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ආරක්ෂක සහ ඩිජිටල් ආර්ථික ඇමති ජනාධිපතිවරයායි. සෙසු ඇමතිවරුන්ගේ ලැයිස්තුව පහත දැක්වේ.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය – අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය (කොළඹ දිස්ත්‍රික්කය)

විජිත හේරත් – විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය (ගම්පහ)

මහාචාර්ය චන්දන අබේරත්න – රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය (පුත්තලම)

නීතිඥ හර්ෂණ නානායක්කාර – අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය (කොළඹ)

සරෝජා සාවිත්‍රි පෝල්රාජ් – කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය (මාතර)

කේ.ඩී. ලාල්කාන්ත –  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය (මහනුවර)

ආචාර්ය අනුර කරුණාතිලක – නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය (ජාතික ලැයිස්තුව)

රාමලිංගම් චන්ද්‍රසේකරන් – ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය (ජාතික ලැයිස්තුව)

මහාචාර්ය උපාලි පන්නිලගේ – ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජාව සවිබලගැන්වීමේ අමාත්‍ය (ජාතික ලැයිස්තුව)

සුනිල් හඳුන්නෙත්ති – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය (මාතර)

ආනන්ද විජේපාල – මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය (කුරුණෑගල)

බිමල් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය (ජාතික ලැයිස්තුව)

මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි – බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය (රත්නපුර)

වෛද්‍ය නලින්ද ජයතිස්ස – සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය (කළුතර)

සමන්ත විද්‍යාරත්න – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය (බදුල්ල)

සුනිල් කුමාර ගමගේ – තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය (ජාතික ලැයිස්තුව)

වසන්ත සමරසිංහ – වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය (අනුරාධපුර)

මහාචාර්ය ක්‍රිෂාන්ත සිල්වා අබේසේන – විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය (ගම්පහ)

මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – කම්කරු අමාත්‍ය (ගම්පහ)

ඉංජිනේරු පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි – බලශක්ති අමාත්‍ය (ජාතික ලැයිස්තුව)

වෛද්‍ය ධම්මික පටබැඳි – පරිසර අමාත්‍ය (කෑගල්ල)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *