KDU බස් අනතුර දවසෙ මතුගමත් දෙන්නෙකු අනතුරුවලින් මරුට
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධ මාරක රිය අනතුර සිදු වුණ දවසේ තවත් සිව්දෙනෙකු රිය අනතුරුවලින් මිය යනවා. දෙදෙනෙකු මිය යන්නෙ මතුගම පාන්තියේ, වැල්කන්දල හන්දියේ සහ බදුගමදීයි.
මතුගම කලුතර පාරෙ රිය අනතුරින් 58 හැවිරිදි යතුරුපැදිකරුවකු මිය යනවා. ඕමත්තේ සිට කොළඹ බලා ධාවනය වන බස්රියක් පාරේ දකුණු පැත්තෙන් අයිනට හරවමින් සිටි පුද්ගලයාගේ යතුරුපැදිය පිටුපසින් වේගයෙන් හප්පා තිබෙනවා. මෙම බස්රිය වෙනත් බසයක් ඉස්සර කරගෙන අධික වේගයෙන් වැරදි පැත්තෙන් ධාවනය කරමින් සිටි බව තමයි වාර්තා වෙන්නෙ.
මේ බස් උදේට මේ විදියට මගීන් හා මග යන එන සෙසු අය ගැන තඹ දොයිතුවකට මායිම් නොකර ඉතාම අනාරක්ෂිත ලෙස ධාවනය කරනවා. ඕමත්ත, අගලවත්ත වගේ ගම්වල සිට මේ බස්වල දිනපතා වගේ යන එන ඇතැම් මගීන් ඒ සඳහා බස් සේවකයන් දිරිගන්වනවා.
උදේ 8-9 අතර කොළඹට යන මේ බස් ඉන් පස්සෙ හවස 4-5 විතර වෙනකල් කොහේ හරි පාක් කරලා කාලෙ ගත කරනවා. ආයෙමත් හවසට අර වගේම අනාරක්ෂිත විදියට පාරෙ රේස් යනවා.
අනෙක් රිය අනතුර සිදු වී තිබෙන්නේ මතුගම – අලුත්ගම මාර්ගයේදීයි. එයින් ත්‍රිරෝද රියදුරෙකු මිය යනවා. ඔහුගේ ත්‍රිරෝද රිය ලී කඳන් පැටවූ ලොරියක ගැටී තිබෙනවා.
සාමාන්‍යයෙන් වසරකට මෙරට පුද්ගලයන් 3000ක් පමණ මාර්ග අනතුරුවලට ලක්ව මරණයට පත්වෙනවා. මෙම තත්ත්වය වසරක් පාසා ඉහළ යනවා. මිය යන පිරිස අතරින් 100කට වඩා ළමයින්. විවිධ ආකාරයේ ආබාධවලට ලක්වන සංඛ්‍යාව තවත් දහස් ගණනක්.
ලංකාවෙ රියදුරන්ගෙ මේ අවිනීත, අනාරක්ෂිත රිය පැදවීම ගැන කිසිදු රජයක අවධානය හරි හැටි යොමු වෙලා නැහැ.