රනිල්; ජාතියට අහිමි වූ නායකත්වය

අජිත් පැරකුම් ජයසිංහ

රනිල් වික්‍රමසිංහ සත්වන අතල් බිහාර් වජ්පායි සමරු දේශනය පවත්වමින්. ඔහු විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. එහෙත්, බොරුව මතම පදනම් වුණ ලාංකීය ග්‍රාම්‍ය දේශපාලනයේදී අසාර්ථක දේශපාලකයෙක්.

මේ දුෂ්කර අවධිය පියමං කිරීම සඳහා ඔහු අතපත් අවස්ථාව පැහැර ගැනීමට කඩාකප්පල්කාරී, අවස්ථාවාදීන් පිරිසකට ඡන්දය දීම ලාංකිකයන් ජාතියක් ලෙස තමන්ගේ පා යටින් කපා ගත් වලක්. එය දැනටමත් තේරුම් යමින් ඇත. එහෙත්, ඒ තරම් ගැඹුරු වරදක් නිවැරදි කිරීම පහසු නැත. රටට අතිවිශාල වන්දියක් ගෙවීමට සිදු වනු ඇත.

කෙසේ වෙතත්, රටට පිළිකාවක් වූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය පරිවර්තනය කිරීමට හා පළිගැනීම සඳහා ඡන්දය දීමේ මහජන චර්යාව වෙනස් කිරීමට මෙය ඉවහල් වන්නේ නම් දිගුකාලීනව එය වාසිදායකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *