www.praja.lk

ART

ආරියවංශ අබේසේකරගේ 'ආරාමදාස' නවකතාව අව්‍යාජ ලිවීමකි. එහෙත්, එය නවකතාවක් ලෙස ගත් කල එතරම් කතා රසයක් නැති, පැතලි චරිත සහිත කතාවකි. මනරම් භාෂා භාවිතයක් මැද පවා කියවීම තරමක් ආයාසකර හා කම්මැලි උපදවන කාර්යයක් වුව ද එතරම් කියවන්නෙකු නොවන මම එය කියවූයෙමි. එයට හේතුව, එම කෘතියට පසුබිම් වන ඓතිහාසික පසුතලයේ ඇති වැදගත්කමයි.

ඇල්බොරාදා රූප කාව්‍යයකි. කවිය හා කතාව අතර එක් වෙනසක් නම්, කවියට කතාවක් කියන්නට උවමනාවක් නැතිකමයි. කවියේ කතාවක් තිබේ නම්, ඒ කතාව කවිය තුළින් පාදාගෙන රසවිඳීම රසිකයාගේ වැඩකි. කවියා රසිකයාගේ පරිකල්පනය සඳහා අවකාශ විවර කර තබයි. ඇල්බොරාදාහි ඇති හිස්තැන් සමුදාය ද එවැනිය. උදාහරණයක් ලෙස, සක්කිලි ගැහැණියගේ මනස ගැන අප දන්නේ ඇය දූෂණයට දක්වන ප්‍රතිරෝධය හා දූෂණයෙන් පසු මුහුදේ බැස පවිත්‍ර වන්නට දරන උත්සාහය පමණි. ඇය දැවැන්ත හිස් අවකාශයකි. එම හිස්තැන් පුරවාගෙන රසවිඳීම රසිකයාගේ වැඩකි. ඒ සඳහා සහෘද පරිකල්පනයක් අවශ්‍යය. කලා කෘතියක් යනු නිර්මාණකරුවාගේ චින්තනයේ නිම්වළලු තුළ රසිකයා සීමා නොකරන, රාමුගත නොකරන ලද විවෘත අවකාශයකි. ඇල්බොරාදා කැන්වසය, පාට හා පිනසල්ය. ඒවා තෝරාගෙන ඇත්තේ හඳගමට ඕනෑ පරිදිය. එහෙත්, එයින් ඔබ කැමති චිත්‍රය නිර්මාණය කරගැනීමට ඔබට නිදහස තිබේ. මිනිස් මනස වඩාත් අව්‍යාජ වන තැනක් වන ලිංගිකත්වය යනු කිසිදු දාර්ශනිකයකුට හෝ විද්‍යාඥයකුට හෝ විග්‍රහ කළ නොහැකි සංකීර්ණත්වයකි.

මචං චිත්‍රපටයේ කතාව ගොඩනගනු ලබන්නේ 2004 වසරේදී සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරු කරගෙන ය. ආසියානු - ජර්මානු ක්‍රීඩා හුවමාරු වැඩසටහනක් ඔස්සේ පැවැත්වුණු මෙම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 16දෙනා හා ඔවුන්ගේ පුහුණුකරුවන් ලෙස පෙනී සිටි හත්දෙනා ඇතුළු මුළු පිරිසම එක් උදෑසනක දුවන්නට යන බව කියා පිටතට ගොස් පළාගියහ.