අස්වැසුම ඇස්වැසුමක්ද? නත්තල් තෑග්ගක්ද?
ජනාධිපති අනුර කුමාර නත්තලට තෑගි වශයෙන් අස්වැසුම වැඩි කර ඇති බව ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මන්ත්‍රී නජිත් ඉන්දික සමාජ මාධ්‍ය සටහනක් තබා තිබුණා.
ජනාධිපති අනුර කුමාර නත්තලට තෑගි වශයෙන් අස්වැසුම වැඩි කර ඇති බව ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මන්ත්‍රී නජිත් ඉන්දික සමාජ මාධ්‍ය සටහනක් තබා තිබුණා.
ඇතැම් අය ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ගත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ඝානාවේ සිදු වූ සමාන්තරතා සමඟ සංසන්දනය කරනවා.
ඉතිහාසයේ සෙල්ලම් නිරිඳු ලෙස හැඳින්වෙන්නේ සිංහලේ අන්තිම රජු වූ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහයි. ස්ත්‍රීලෝලීත්වය, සුරාව, කෙළිලොල්බව ආදී හේතු නිසා ඔහු රාජ්‍ය
රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව ලක්ෂ හයකින් අඩු කළ යුතු බවට ජනාධිපති උපදේශක දුමින්ද හුළංගමුව කළ ප්‍රකාශය ගැන ප්‍රතිචාර දක්වමින් ජාතික ජන
මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුය යන්න පැරණි කුලවාදී කතාවකි. එයින් අදහස් කරන්නේ වෙනත් කුලවල අය රජකමට නුසුදුසු බවයි. කෙසේ වෙතත්, මෙම කතාව වර්තමානයේදී භාවිතා කරන්නේ ග්‍රාමීය දිළින්දන් ගොවීන් ලෙස මෝඩයාට අන්දා, සිංහල බෞද්ධ ගොවිගම පිරිමි බහුතර බලයෙන් පාලනය දිනාගැනීමටයි.
ඒ වෙනුවෙන් යැපුම් ගොවිතැන නඩත්තු කරනු ලැබේ. යැපුම් ගොවීන් රැකගන්නා මුවාවෙන් ඉඩම් වෙළඳපොළ නිදහස් වීමට ඉඩ නොදී රජය අත රැකගනු ලැබේ. වී ගොවිතැන මුල් කරගත් ඊනියා කෘෂිකර්මාන්තයේ නාමයෙන් රාජ්‍ය ආයතන, නිලධාරීන් හා දේශපාලකයන් සමුදායක් නඩත්තු කරනු ලැබේ. ඒ ආයතන පද්ධතියෙන් කෘෂිකර්මාන්තයට තිබෙන සේවය අවමය.
මේ අතර, දේශගුණික විපර්යාසවලට සංවේදී කාර්යක්ෂම සුහුරු කෘෂිකර්මාන්තයක් අවශ්‍ය යුගයක, ලංකාවේ මිනිස්සු තවමත් සූදු කෙළින්නා සේ විවිධ බෝග වගා කරති. ලාභ මෙන්ම පාඩු ද ලබති.
දේශීය ගොවියා ආරක්ෂා කරගත යුතු යයි කියමින් නිදහස් වෙළඳපොළට ඉඩ නොදී පාරිභෝගිකයා මත අධික බරක් පටවයි. මේ අතර දේශීය යයි කියන ගොවිතැන සිදුවන්නේ මෙසේය: පොහොර පිටරටින්ය. බීජ පිටරටින්ය.ප කෘෂි රසායන පිටරටින්ය. යන්ත්‍ර සූත්‍ර පිටරටින්ය. ඒවාට ගහන ඉන්ධන පිටරටින්ය. වාරිමාර්ග හදන සිමෙන්ති හා යකඩ පිටරටින්ය. වතුර පොම්ප කරන විදුලිය හදන ඉන්ධන පිටරටින්ය. ගොවියා අමුඩ ගහනවා නම් ඒකත් පිටරටින්ය. මී උණ හැදුනාම දෙන බෙහෙතුත් පිටරටින්ය.
බලාගෙන ගියාම පූර්ණ වශයෙන් දේශීය යයි කිව හැක්කේ පිටසක්වළින් එන හිරු එළිය පමණි.
ඒ මදිවාට ගොවීන් යයි කියන ග්‍රාමීය දිළින්දන්ට පොහොරත් මහජන මුදලින් දී, අස්වැන්නත් මහජන මුදලින් මිලදී ගත යුතුය. කොහොම කළත් දිළිඳුකම දිගටම පවත්වාගෙන යන නිසා අස්වැසුමත් දිය යුතුය.
මේ අතර දේශීය වෙළඳපොළේ හාල් කිලෝවක් රු. 250ක් පමණ වෙද්දී රුපියල් සීයට ආනයනය කළ හැකි බව දැන් ආණ්ඩුවම කියයි.
මේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතුය. අමුඩයේ පටන් සියල්ල රැකගනිමින් කළ හැකි පරිවර්තන නැත. ඕනෑම පරිවර්තනයක සැරව ගෙඩියකට කටුවක් අනින්නා වැනි වේදනාවක් ඇත. ඒක කරන්නට බැරුව තියෙන මූලික ප්‍රශ්නය දේශපාලනයට දැක්මක් නැතිකමය. දැන් ඉන්න එවුන් නම් ලෝකයට පමණක් නොව ලංකාවට ද පුංචි වැඩිය.
ඩොලර් බිලියන 43ක විදේශ ණය පැහැරහැරීම සම්බන්ධ අර්බුදය විසඳීමේ තීරණාත්මක පියවරක් සනිටුහන් කරමින් ඩොලර් බිලියන 12.55 ක පැහැර හරින ලද ස්වෛරී බැඳුම්කර වෙනුවට නව බැඳුම්කර නිකුත් කරමින් ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යමින් සිටියි.
දකුණු කොරියාවේ ශ්‍රම වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ විශ්වසනීයත්වය රැක ගනිමින් මෙම ගැටලුවලට විසඳුම් සෙවීමේ අභියෝගයට රජය මුහුණ දෙයි. E-8 මතභේදය කම්කරුවන්ගේ අයිතිවාසිකම් සහ අනාගත අවස්ථා සුරක්ෂිත කිරීම සඳහා දැඩි රෙගුලාසි සහ විනිවිද පෙනෙන ක්‍රියාවලීන්ගේ අවශ්‍යතාව අවධාරණය කරයි.
මං නම් යෝජනා කරන්නෙ දැන්මම අපි හිත හදාගෙන ‘පොහොසත් රටක්’ කෑල්ල අයින් කරමු. ලස්සන ජීවිතයක් සඳහා එච්චරම පොහොසත් වෙන්නට අවශ්‍යද?
ප්‍රතිවාද කණ්ඩායමේ රමිඳු ලක්ඛික පෙරේරා සහල් ප්‍රශ්නය හා මාලිමාවේ ආර්ථික චින්තනය නම් ලිපියේ දක්වන ආකාරයට, මාලිමාවේ ආර්ථික චින්තනය අනුව, මහා පරිමාණ සහල් වෙළඳුන් යනු මිනිසුන් නොවේ. ඔවුන් බලා සිටින්නේ හාල් මිල ඉහළ දමා හැකි තරම් ලාභ ලබාගැනීමටය. එහෙත්, ඔවුන් කොයි තරම් නරක වුණත්, ලංකාවේ හාල් මිල ද සාපේක්ෂව එතරම් ඉහළ අගයක නැත.
ආණ්ඩුව රුපියල් බිලියන 100ක සල්ලි අච්චු ගැහුවා කියන එක බොරුවක්ද? එහෙම තමයි ඒ ක්‍රියාවලියට කියන්නෙ. ඒ වුණාට නෝට්ටු අච්චු ගහලා නැහැ. කරලා තියෙන්නෙ මුදල් මැවීමක්.