TRENDING





ART
ශ්‍රී සඟරාව ගැන මතක
ඉස්කෝලෙ යන්න පටන් ගන්නත් කලින් තමයි මං ශ්‍රී සඟරාව කියෙව්වෙ. අකුරු ඉගෙන ගත්තෙත් ඒකෙන්මද කොහෙද? මොකද, අක්කා අකුරු ගැටගහගෙන ඒවා කියනවා බලාගෙන ඉඳලා මාත් කියවන්න පටන් අරගෙන. ගෙදර තිබුණ අම්මගෙ ශ්‍රී සඟරා මිටියෙ ‘අහන්න ආසයි අපටත් කියන්න‘ කොටසෙ විහිළු කතා හයියෙන් කියවලා හිනා වුණාට ඇතැම් ඒවා තේරුණේ පස්සෙ කාලෙක.
වැහි පීල්ලක අතරමංව
වැහි පීල්ලක අතරමංව පොත දෙපාරක් කියෙව්වා. ඒක විදර්ශන සාහිත්‍ය තරගාවලියෙ හොඳම නවකතාවට තේරුණු කෘතිය. මගේ නවකතාවකුත් ඒ තරගයෙදි දිගු ලැයිස්තුගත වුණ නිසා, තරගකරුවකු නිසා, මොකක්වත් නොලියා ඉන්නත් හිතුවත්, අද උදේ උදන් ප්‍රනාන්දු එක්ක මේ පොත ගැන කතා කරපු නිසා මෙය ලියන්නට හිතුණා.
පාර් (කෙටිකතාව)
"අනේ මැරුණෙ බෙහෙතක්වත් නැතුව," යි බිරිඳ වැලපුණාය. අපට පාර්ගේ මිනියවත් දැකගැනීමට නොහැකි විය. ඊළඟ සති අන්තයේ ගෙදර ගිය විට බිරිඳ පාර් වැළලූ තැන මල් අත්තක් සිටෙව්වාය. ගෙවල්වල ඇති කරන සාමාන්‍ය බල්ලන්ට, බළලුන්ට පුංචි පුංචි අසනීවපලදී බෙහෙත් අරගෙන දීමේ සම්ප්රදායක් අප අතර තිබුණේ නැත. ඔවුහු කැලෑ කොළ වර්ග කා තමන්ම ප්‍රතිකාර කරගත්හ. අප ඇත්තෙන්ම ඔවුන් ඇති කළා නොව, ඔවුන්ට අපේ පරිශ්‍රයන් ආශ්‍රිතව ජීවත් වීමට උදව් කළා පමණි.