
praja.lk
මතුගම ප්‍රාදේශීය සභාවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා ලේකම් ස්ථාන මාරු කළ යුතුය
මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් නෙලූ නිශාන්ති ඉද්දගොඩ සහ මහජන ඡන්දයෙන් පත් වූ සභාපති කසුන් මුණසිංහ අතර ගැටුමක් ඇති වී තිබේ. ඇය හිටපු සභාපතිවරයා භාවිතා කළ කාමරය භාවිතයට රැගෙන තිබීම ද ගැටුමට එක් හේතුවක් වී තිබේ. ඇය සභාවෙන් අක්‍රමික ලෙස රුපියල් 85000/-මුදලක් ලබාගෙන වැරදි කරුවී මේ වනවිට ඇයගේ පඩියෙන් මාසිකව එම මුදල කපා ගන්නා බව ද සභාපති කසුන් මුණසිංහ මාධ්‍යවලට පැවසීය. සභාපතිවරියගේ ක්‍රියා කලාපය නිසා සභාවේ කටයුතු සඳහා වෙන් කරන ලද මුදල් ආපසු යැවීමට සිදු වූ බව ද ඔහු පවසයි.
KATHANDARA.COM
People

Places
දැන් එළියෙයි ඇතුළෙයි කුඩු නැත් ද? විශෝධනය වෙනවා ද?
කළුතර බන්ධනාගාරයෙන් දින කීපයකට ඉහතදී නිදහස් වුණ තරුණයකුගෙන් අපි අසා බැලුවෙමු. ඔහු කියන්නේ ඇතුළේ කුඩුවල කිසිම හිඟයක් නැහැ, හැබැයි අදාළ එකවුන්ට් එකට කොහෙන් හරි සල්ලි දැම්මේ නැති නම් බඩු නැහැ කියලාය. කළුතර කිසිම කචල් එකක් නැත්තේ එතැන කට්ටියව භූගෝලීය පාතාල බල ප්‍රදේශ මට්ටමින් බෙදා වෙන් කර තිබෙන නිසා සහ දැඩි පාලනයක් තිබෙන නිසාය කියලා ඔහු කියනවා. බන්ධනාගාර පරිපාලනයටත් මේ ෆීඩ්බැක් එක වැදගත් වේවි.
ඒ අතරේ දැන් කුඩු අඩු වෙලාය කියලා චූන් වෙලා ඉන්න නො බොන ජෙපි මල්ලිලාට කියන්න තියෙන්නේ අනේ අපේ පැත්තේ නම් එහෙම එකක් නැහැ, කවුරුවත් සික් නැහැ කියන එකයි. අපි මතුගමය හොඳේ.
Life







































