TRENDING






ART
අරගලයේ සුජිත් නැති කලාව හා සංස්කෘතික පන්ති භේදය
අරගලයේ ප්‍රමුඛ කලාකරුවා සුජිත් රත්නායක යයි මම සිතුවා. ඒත්, මේ සමග තිබෙන අල් ජසීරා වීඩියෝව බලන්න. අරගලයේ කලාව තුළ සුජිත් රත්නායකගේ හුළඟක්වත් දකින්නට ලැබෙන්නෙ නැහැ. සුජිත් විතරක් නෙමෙයි අජිතුත් නැහැ. අජිත් කුමාරසිරි. තව බොහෝ අයත් මේ රූප අතර නැහැ. ඒ වෙනුවට ඉංග්‍රීසි කතාකරන සංස්කෘතික ප්‍රභූන් තමන් කැමති අන්දමින් අමුද්‍රව්‍ය තෝරාගෙන අරගලයේ ඉතිහාසය ලියන හැටි බලන්න.
ජාතික සුරංගනා අරමුදල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවට ජාතික සුරංගනා අරමුදලක් පිහිටුවන්න බැරිද? ඒකෙන් පුළුවන් අපි වගේ සමාජවාදී ආණ්ඩු තියෙන රටවලට සුරංගනාව බැගින් අල්ලලා දෙන්න. එතකොට ආණ්ඩුවට පුළුවන් හැමදේම නිකම් දෙන්න. බදුත් අය නොකර ඉන්න. අපට වැඩ නොකර ෆේස්බුක්වල කවි ලිය ලිය ඉන්න පුළුවන්.
කලාවේ පීඩිතයා, සමාජ ආර්ථික ප්‍රාග්ධන හිමියා හා සමාජවාදී අරගලය
කලාව රසවින්දනයට වඩා කලා සන්නිවේදනයේදී වැදගත් වන්නේ වින්ද රසය වර්ණනා කිරීමයි. එමගින් කලා වෙළඳපොළ හසුරුවන්නට පුළුවන්. එතැනදී තමයි විචාරකයන්ගේ අධිපති භූමිකාව වැදගත් වෙන්නෙ. විචාරකයන්ගෙ චර්යාව බොහෝදුරට ප්‍රජාතාන්ත්‍රික නැහැ. සමාජවාදයට ආවරණය වුණාට විචාරයේ කිසිදු සමාජවාදයක් නැහැ. එහි සමාජවාදයේ මූලික ලක්ෂණ වන සමානාත්මතාව, පොදුබව වැනි ලක්ෂණ ඇත්තෙම නැහැ. ඒ වෙනුවට එහි තිබෙන්නේ දැඩි අධිපති වන්දනාවක්. ඒ වගේම, කලාවේ පීඩිතයන් වන ආධුනිකයන් පිටුදැකීමක්. ඒ වගේම, බොහෝ විචාරකයන් ස්වාධීනත් නැහැ. විචාරය කියන්නෙත් සමාජ වෙළඳපොළක්. කලාවක් විදියට ගත්තොත් විචාරය අතිශය ප්‍රචණ්ඩ ක්‍රියාවක්.