ණය ප්‍රතිව්‍යූහගතකරණය හිර වෙලාද?
මේ සාකච්ඡා දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. මේක ජාතික ආර්ථික ප්‍රශ්නයක්. ඒවා අසාර්ථක වුණොත්, අනාගතේ බලයට එන්නට බලාපොරොත්තු වෙන නායකයන්ට මුල ඉඳන් පටන් ගන්න එක ලේසි නැහැ.
මේ සාකච්ඡා දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. මේක ජාතික ආර්ථික ප්‍රශ්නයක්. ඒවා අසාර්ථක වුණොත්, අනාගතේ බලයට එන්නට බලාපොරොත්තු වෙන නායකයන්ට මුල ඉඳන් පටන් ගන්න එක ලේසි නැහැ.
ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි බහු පාර්ශ්වීය ආයතනවලට ගෙවිය යුතු ණය වෙනදා පරිදිම ගෙවනවා. ඒ වගේම, බංග්ලාදේශයේ ඩොලර් මිලියන 200ක හදිසි ණය පහසුකම සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කළා.
සමාජවාදය ඕක නෙමෙයි. මේ අතරමැදි සුවිසල් රජය තමයි අපේ ජීවිත සූරාකන, සෙසු අයටත් අපව සූරාකන්නට පහසුකම් සපයන ප්‍රධානම බලවේගය. රජය කුඩා විය යුතුයි. කාර්යක්ෂම විය යුතුයි. රජයේ ප්රමුඛ කාර්යය විය යුත්තේ මෙහෙයවීම හා නියාමනය. එය හරියට කරන රජයක් නිර්මාණය කරගත යුතුයි. රජයේ සේවා වෙනුවෙන් රජය බදු අය කළ යුතුයි. රජයෙන් ලබාගන්නා සේවා වෙනුවෙන් හැකි හැම කෙනෙකුම මිල ගෙවිය යුතුයි. ඒ බදු මුදල් නාස්ති නොකර, දූෂණයට ඉඩ නොදී නිවැරදිව පරිහරණය කළ යුතුයි.
අයකර නොගත් බදුවලින් 60% – 65% පමණ දීර්ඝ නීතිමය ක්‍රියාවලීන් සමඟ බැඳී ඇති අතර, එම නඩු විභාග වන්නේ මන්දගාමීවය. ගෙවීම් ප්‍රමාද කිරීම සඳහා ඇතැමුන් හිතාමතාම නඩු භාවිතා කරන බවට සියඹලාපිටිය සැක කරයි.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්රයත්නයන් අවසන් අදියර කරා ළඟාවෙමින් තිබෙන බව වාර්තා වේ. නිල ණය හිමියන් සමඟ ගිවිසුම් අවසන් වෙමින් පවතින අතර ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල ආයෝජනය කර ඇති පෞද්ගලික ආයෝජකයින් සමඟ සාකච්ඡා වල ප්‍රගතියක් ඇති බව ද වාර්තා වේ. ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාවලිය අවසන් කිරීමේ වැදගත්කම මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට අවධාරණය කළේය.
බහුකාර්ය සංවර්ධන සහකාර තනතුරු සඳහා තෝරා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පවතින මතභේද මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇත. කන්තලේදී රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් පසුගියදා සංවිධානය කරන ලද පුරවැසි සාකච්ඡාවකදී රාජ්‍ය සේවයේ පත්වීම්වලදී කුසලතා නොසලකා හැරීම සම්බන්ධයෙන් අවධානය යොමු විය. සහභාගී වූවන් පෙන්වා දුන්නේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) අසමත් වීම සුදුසුකම ලෙස සැලකීම හේතුවෙන් තනතුරු සඳහා බොහෝ සුදුසුකම් ලත් පුද්ගලයන් බැහැර කරන ලද බවයි.
ඉතියෝපියාව බැඳුම්කර සඳහා පොලී ගෙවීමක් කිරීමට අපොහොසත් වීම නිසා ලෝකයේ අලුත්ම අලුත්ම ණය පැහැර හැරීම සිදු කළ රාජ්‍යය බවට පත් විය.
සමුපකාර සමිති සංකල්පය සම්ප්‍රදායික ව්‍යාපාරික ආකෘතීන් සඳහා විකල්පයක් ලෙස සැලකෙනවා. සම්ප්‍රදායික ව්‍යාපාරික ආකෘතිය ඇතුළෙ කෙරෙන්නෙ තෝරාගත් කිහිප දෙනෙකුට ලාභය උපරිම කිරීම. සමුපකාර විසින් සහයෝගීතාව, සාධාරණත්වය සහ ප්‍රජාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. සාමාන්‍යයෙන් එමගින් පුද්ගලයන් සවිබල ගන්වනවා. ප්‍රජාවන් ශක්තිමත් කරනවා. වඩාත් සාධාරණ සහ තිරසාර අනාගතයක් පිළිබඳ අදහසකුත් එහි තිබෙනවා.
ශ්‍රී ලංකා රජය අලුතින් හඳුන්වා දුන් අස්වැසුම සුබසාධන යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම් ලත් අසරණ පවුල් ලක්ෂ 14කට වැඩි පිරිසක් සඳහා රුපියල් බිලියන 51.9 ක් (එක්සත් ජනපද ඩොලර් මිලියන 160 ක් පමණ) පසුගිය මාස හය තුළ ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ඊයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. දෙසැම්බර් මාසයේදී පමණක් රුපියල් බිලියන 8.8ක් (ඩොලර් මිලියන 27ක්) ලබා දී ඇති බව ද ඔහු පැවසීය.
ඩොලර් මිලියන 787 ක අත්‍යාවශ්‍ය ජාත්‍යන්තර ආධාර පැකේජයක් ලැබීමත් සමග ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත ශක්තිමත් වෙමින්, තිරසාර යථා තත්වයට පත්වීමක් පිළිබඳ බලාපොරොත්තු ඇතිවෙමින් පවතී. මෙම මාසය තුළ පමණක්, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ඩොලර් මිලියන 337 ක්, ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ඩොලර් මිලියන 250 ක් ලබා දී ඇත.