estate worker eating rottee

අස්වැසුම හරහා ජනතාවට රු. කෝටි 5,200ක් ගෙවලා

ශ්‍රී ලංකා රජය අලුතින් හඳුන්වා දුන් අස්වැසුම සුබසාධන යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම් ලත් අසරණ පවුල් ලක්ෂ 14කට වැඩි පිරිසක් සඳහා රුපියල් බිලියන 51.9 ක් (එක්සත් ජනපද ඩොලර් මිලියන 160 ක් පමණ) පසුගිය මාස හය තුළ ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ඊයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. දෙසැම්බර් මාසයේදී පමණක් රුපියල් බිලියන 8.8ක් (ඩොලර් මිලියන 27ක්) ලබා දී ඇති බව ද ඔහු පැවසීය.

ප්‍රතිලාභීන්ගෙන් පවුල් 303,199 ක් අන්ත දිළිඳු කාණ්ඩයට අයත් වන බව ඔහු පැවසීය. “පවුල් 1,410,064ක් සඳහා දෙසැම්බර් මාසය සඳහා wස්වැසුම ගෙවීම් රු. මිලියන 8,793 ක් බැංකු වෙත යවා ඇත. ඒ අනුව තෝරාගත් පවුල් සඳහා රජය විසින් ජූලි සිට දෙසැම්බර් දක්වා ගෙවීම් වශයෙන් රුපියල් මිලියන 51,967ක් ගෙවා ඇත. ඔවුන්ගෙන් පවුල් 303,199ක් අන්ත දුප්පත්, 606,496 දුප්පත්, 290,624 අවදානම් සහ 209,745 සංක්‍රාන්ති පවුල් වේ,” යි අමාත්‍ය ශෙහාන් සේමසිංහ ෆේස්බුක් සටහනක් තබමින් පැවසීය.

රජය වසර අවසානයේදී වැඩසටහන ඇගයීමට ලක් කරන බවත්, 2024 ජනවාරි මාසයේදී නව අයදුම්පත් වටයක් කැඳවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

2024 වසරේ ඇස්වැසුම සමාජ සුබසාධන වැඩසටහන වෙනුවෙන් රජය විසින් අයවැයෙන් රුපියල් බිලියන 205ක් (ඩොලර් මිලියන 628.8ක්) වෙන් කර ඇත.