People

යහපාලන දූෂණ මර්දන කමිටුවේ සිටි කවුද මේ මාලිමාවේ ආනන්ද විජේපාල?

ආනන්ද විජේපාල යනු යහපාලන සමයේ හොරු ඇල්ලීම සඳහා පිහිටුවන ලද අනුර කුමාර දිසානායක ලේකම් ධුරය දැරූ බව කියන දූෂණ විරෝධී කමිටුවෙහි දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයායි. ඔහු අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමති ලෙස කටයුතු කළ 2004-2005 සමයේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ සේවය කළ කළ අනුර කුමාරගේ හිතවතෙකි.

1 Minute
Politics

වෘත්තීය සමිති කටයුතු වෙනුවෙන් පූර්ණකාලීනව නිදහස් වීම

වෘත්තීය සමිති කටයුතු වෙනුවෙන් නිදහස් වී සිටින රාජ්‍ය සේවකයන් ඒ සඳහා භාවිතා කරනු ලබන්නේ ආයතන සංග්‍රහයේ XXV පරිච්ඡේදයේ දැක්වෙන වරප්‍රසාදයි. ඒවා රූපයේ දැක්වේ. ඒ අනුව, අවුරුදු හතරක් දක්වා පූර්ණ කාලීනව නිදහස් විය හැකිය. මහින්ද ජයසිංහ අවුරුදු 23ක කාලයක් නිදහස් වී සිටින බව මෙම වීඩියෝවේ දැක්වේ. ඒ සඳහා ඇමතිවරයාගේ අනුමැතිය ලබාගන්නා බව දැක්වේ. වෘත්තීය සංගම් කටයුතුවලට නිදහස් වී සිටින මෙම විප්ලවවාදීන් ඇමතිවරයා ළඟ පිංසෙණ්ඩු වී එසේ කරගැනීම කොයි තරම් නිර්ලජ්ජිත වැඩක්ද? දශක ගණන් එකම අය වෘත්තීය සමිති කටයුතුවලට නිදහස් වී සිටින්නේත්, ප්‍රධාන තනතුරු දරන්නේත් මේ සංගම්වල වෙනත් නායකයන් නැති නිසාද?

1 Minute
Politics

සමලිංගිකත්වයට එරෙහි නීතියක් සංශෝධනයට යෝජනා

නව සංශෝධනය මගින් මෙම වගන්තියේ ‘පිරිමියෙකු, ස්ත්‍රියක’ යන කොටස් ඉවත් කර තිබේ. ඒ අනුව, එම වගන්තිය වෙනස් වන්නේ ‘ස්වභාවධර්මයේ පිළිවෙලට පටහැනිව සතෙකු සමඟ ස්වකැමැත්තෙන් කායික සංසර්ගයේ යෙදෙන්නේ නම්, ඔහුට වසර දහයක් දක්වා දීර්ඝ කළ හැකි සිරදඬුවම් නියම කළ හැකි අතර දඩයකට ද යටත් කළ හැකිය’ යනුවෙනි.

1 Minute
Politics

ඉන්දියාවේ සාපරාධී අපහාස නීතියෙන් ගාන්ධි හිරේ; හිරේ යා යුතු විශාල පිරිසක් රනිල් නිසා මෙහේ එළියේ

අතීතයේදී අපහාස කිරීම ශ්‍රී ලංකාවේ ද සාපරාධී වරදක් වූ අතර දණ්ඩ නීති සංග්‍රහය යටතේ දෙවසරක සිර දඬුවමක් නියම කළ හැකි විය. 2002 වසරේදී එවකට පැවති රනිල් වික්‍රමසිංහ රජය විසින් අපහාසය අපරාධමය නොවන වරදක් බවට පත්කරන ලදි. සාපරාධී අපහාස නීතිය ඉවත් කළ දකුණු ආසියානු කලාපයේ පළමු සහ එකම රට ශ්‍රී ලංකාවයි.

0 Minute
Politics

රනිල් රෝයල් සෙන් තෝමස් බිග් මැච් ගියා – වසන්ත මුදලිගේ ෂැංග්රිලා ගියා

මේ ප්‍රභූ – නිර්ප්‍රභූ හීනමානය තමයි දැන් ඊළඟ ඡන්දෙදි මාකට් කරන්න ලෑස්ති වෙන්නෙ. ඒ වෙනස ලකුණු කරගන්න එක එක සංකේත නිර්ප්‍රභූ හීනමානකාරයන් උස්සන් එනවා. රෝයල් සෙන්තෝමස් විරෝධය, කලම්බු සෙවන් විරෝධය, පොෂ් ඉංගිරිස් විරෝධය එක්ක කන්නන්ගර දරුවෝ, ඒ දරුවන්ගෙත් දරුවෝ, මධ්‍ය විද්‍යාල අරව මේව කෑලි දාගෙන එනවා. එමගින් ගම්වල තරුණ පරම්පරාවෙ ඔලු කන්නයි මේ ලෑස්ති වෙන්නෙ.

1 Minute
Politics

වැඩ වර්ජනය මනරංජන නොවුණේ ඇයි?

ජනතාව තුළ වෛරය ගොඩනැගීම ඉතා පහසුය. එහෙත්, ඒ වෛරය කොතැනින් පුපුරා යයිද යන්න අපැහැදිලිය. වැඩ වර්ජනය දිගට ගෙන ගියා නම්, ජනතා වෛරය පුපුරා යන්නේ රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබෙන නිසා නොවේ. උනුත් එකයි, මුනුත් එකයි, තොපිත් එකයි කියන තැනෙනි.

1 Minute
Politics

ජනවරම හා බහුතර ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටලුව

මගේ මූලික තර්කය බහුතර ප්‍රජාතන්ත්‍රවාදය නිවැරදි නොවන බවයි. හැබැයි, ඒකට විකල්පයකුත් දැනට මේ රටේ නැහැ. මොකද, ලංකාවෙ පාලකයන් බලයට පත්වන මූලික මූලධර්මය බහුතර ප්‍රජාතන්ත්‍රවාදය නිසා ඔවුන්ට පවතින්නට ඉන් පිට අයිතියක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාය විප්ලවීය පරිවර්තනයකට ලක්විය යුතුයි.

1 Minute