නොවැම්බර් 02 ඇසුරෙන් මොබ් ප්රචණ්ඩත්වයේ හැඩතල
අජිත් පැරකුම් ජයසිංහ 2013දී දැරණියගල නූරි වත්තේ අධිකාරිවරයා අයුතු ජන රාශියක් විසින් වධ දී ඝාතනය කරන ලදී. මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය
අජිත් පැරකුම් ජයසිංහ 2013දී දැරණියගල නූරි වත්තේ අධිකාරිවරයා අයුතු ජන රාශියක් විසින් වධ දී ඝාතනය කරන ලදී. මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය
අජිත් පැරකුම් ජයසිංහ පුරවැසියකු ලෙස මට පෙනෙන ආකාරයට රටේ ප්‍රශ්න විසඳන දුෂ්කර අරගලයෙ ආණ්ඩුව නියැලී ඉන්නවා. ඒකෙ අඩුපාඩු තියෙනවා. ලංකාවෙ
විධායක ජනාධිපති ධුරය සඳහා සංවරණ හා තුලන නිර්මාණය කිරීමෙහිලා 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අතිශය වැදගත් වේ. එය 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමග සන්සන්දනය කිරීමේදී එයට සාපේක්ෂව දුර්වල යයි පැවසිය හැකි වුවත්, 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක වූ සමයේ ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව අතර ඇති වූ බල අරගලය ද 21වන සංශෝධනයේ හැඩය තීරණය කිරීමේදී බලපෑ බව නොරහසකි. විධායක ජනාධිපති ක්‍රමය ශක්තිමත් කළ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තනතුර රැකගැනීමටවත් නොහැකි විය. එයට හේතුව වූයේ හුදෙක් ආර්ථික අර්බුදය පමණක් නොව, දේශපාලන ක්රමයේ ගැටලුවයි. 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සංවරණ හා තුලන වැදගත් වන්නේ එයට සාපේක්ෂවය.
කිසියම් අයකු HIV ආසාදිතයකු වුවත් කුමක් කරන්න ද? ඒ අපේ ම මිනිසෙකි. රෝගියකු වීම වරදක් ද? එම රෝගියාගේ මානව හිමිකම්වලට අත තබන්නට කිසිවෙකුට අයිතියක් නැත
රජය තවදුරටත් මේ දැවැන්ත රාජ්‍ය සේවයේ බර බදුගෙවන, ඒ අතර සැබැවින්ම වැඩකරන ජනයා මත පටවනවාද? බදු සංශෝධන යෝජනා සමග ප්‍රතිව්‍යූහගත කිරීමේ යෝජනාත් සමාන ජවයකින් යුතුව ඉදිරියට නොගන්නේ ඇයි? සමාජයේ බලවත්ම ස්ථරයක් වන රාජ්‍ය සේවකයන්ට තිබෙන බිය නිසාද? ඉදිරි මැතිවරණයකදී රජයේ සේවකයන් එකතුව ආණ්ඩුව පරදවන නිසාද? ඉතිහාසය පුරාම ලංකාවේ සිදුවුණේ මෙය නොවේද? අපට මේ විෂම චක්‍රයෙන් ගැලවෙන්නට බැරිද?
ස්වාධීන කොමිෂන් සභාවලට ‘තරුණියන්’ පත්කරනු!
“රුසියාව ධනවාදයෙන් පීඩා විඳිනවාට වඩා ධනවාදය ප්‍රමාණවත් තරම් සංවර්ධනය නොවීමෙන් පීඩා විඳියි” යනුවෙන් වී අයි ලෙනින් (ප්රජාතන්ත්රවාදී විප්ලවයේ සමාජ ප්රජාතන්ත්රවාදයේ උපක්‍රම දෙකක්) කර ඇති සඳහන මේ මොහොතේ ලංකාවට ඉතා වැදගත් වේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ යෝජනා ක්‍රියාත්මක වීම ශ්‍රී ලංකාවට පරාජයක් නෙමෙයි. එහෙත්, ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් යුද සමයේ සිටි පාලකයන් සහ හමුදා දණ්ඩමුක්තිය අපේක්ෂා කරනවා. ඒ යුද්ධය ඔවුන් කළේ සිංහල සමාජයේ අනුග්‍රහය ඇතුව බව රහසක් නෙමෙයි. වර්තමානයේ විපක්ෂයේ ප්‍රධාන භූමිකාවන් කරන ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය එම යුද්ධය සඳහා මහින්ද රාජපක්ෂ රජය ඇදදමා යුද්ධයට දිරිදුන්නා පමණක් නොවෙයි. ඔවුන් නිහඬතාව මගින් යුද අපරාධවලටත් දිරි දුන්නා. යුද අපරාධ සම්බන්ධයෙන් වගකීම හමුදාවට පමණක් පවරන්නේ නැතුව ඒ සඳහා දිරි දුන් දේශපාලකයන්ගේ සිට ජනමාධ්‍ය දක්වා සියලු දෙනා භාරගත යුතුයි. යුද අපරාධ කරන්නට ඔවුන්ට දිරි දී දැන් හමුදා සහ දේශපාලන නායකත්වය පමණක් පාවා දෙනවා නම් ඒක ජඩකමක්. අපි නම් ප්රභාකරන් මරා මේ රටේ ජනතාව කිරිබත් කන සමයේ පවා යුද්ධයට විරුද්ධව සිටි නිසා ජිනීවා යෝජනා ක්‍රියාත්මක වන එක ගැන අපේ විරෝධයක් නැහැ.
දැන් රාජපක්ෂවාදය තීරණාත්මක කඩඉමකට ඇවිත්. ඒ නිසාම තමයි රාජපක්ෂ පවුලෙන්ම ආපු ගෝඨාභය රාජපක්ෂවාදය අවසන් කරන්නට අවශ්‍ය තත්වය නිර්මාණය කිරීම ආරම්භ කළේ. රාජපක්ෂලා විසින්ම රනිල් බලයට ගෙන ඒම තමයි පෙට්ටියේ ඇණගැසීම.
රජය තුළ හොරකම්, වංචා, දූෂණ සිදුවෙනවා. ඒවා වළක්වාගත යුතුයි. පරණ හොරකම් ඇල්ලීමත් වැදගත්. හැබැයි, ඒවා නිසා රජය බිඳදාන එක මූණ එක්ක තරහ වෙලා නහය කපාගන්නවා වගේ වැඩක්. වත්මන් ආණ්ඩුව හොරුන් වීම හා හොරුන් අල්ලන්නේ නැති එක නම් ප්‍රධාන ගැටලුව, කරන්නට තියෙන්නේ ජනරජය රැකගෙන, ඉදිරි මැතිවරණවලින් අලුත් ආණ්ඩුවක් පත්කරගෙන තමන්ගෙ ප්‍රමුඛතාව ඉටුකරගන්න එක. මේ අවස්ථාවෙ නම් ප්‍රමුඛතාව හොරුන් අල්ලන එක නෙමෙයි. ජනරජය රැකගන්නා එකයි ප්රමුඛ.