Politics

දේශපාලන නායකත්වය අර්බුදය මැද පුරවැසියා

ආණ්ඩු පක්ෂයේ හෝ විරුද්ධ පක්ෂයේ කිසිදු දේශපාලකයකු අනවශ්‍ය උත්සවශ්‍රීයකාරකයකු බවට පත්කරන්නට පුරවැසියන් කටයුතු කළ යුතු නැත. පුරවැසියන් වන අප ඔවුන් විසින් සංවිධානය කරගන්නා උත්සවශ්‍රීයන්ට කිසිසේත් සහභාගී නොවිය යුතුය. එවැනි ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්විය යුත්තේ නාලක ගොඩහේවාට බස් මගීන් ප්‍රතිචාර දැක්වූ ආකාරයටය.

0 Minute
Politics

ලංකාවේ ආර්ථික අර්බුදය මැද තිරසර සංවර්ධන අරමුණු

ශ්‍රී ලංකාව වර්තමානයේදී මුහුණදී සිටින ආර්ථික අර්බුදය හමුවේ සංවර්ධනය නැවත නිර්වචනය කරගැනීමේදී අපේ අවධානය යොමුවිය යුතුව තිබෙන්නේ තිරසර සංවර්ධන අරමුණු කෙරෙහියි.

1 Minute
Politics

අනාගත නායකත්වය සඳහා අරගලය

අනාගත නායකත්වය සම්බන්ධයෙන් තරගකාරී තත්වයක් නිර්මාණය වීම නරක තත්වයක් නොවේ. අප මෙම ලිපියෙන් යෝජනා කරන්නේ පුරවැසියන් විසින් අවධානය යොමුකළ යුතුව තිබෙන්නේ මීළඟ නායකත්වයේ පුද්ගල හෝ සංවිධානමය ස්වරූපයන් වෙත නොව, ඔවුන් ඉදිරිපත් කරනු ලබන හා ඔවුන් තුළ සැඟව පැවතිය හැකි අරමුණු හා වැඩසටහන් කෙරෙහි බවයි.

1 Minute
Politics

සමාජවාදය, ධනවාදය හා සංවර්ධනය

ලොව කිසිදු රාජ්‍යයක් තමන් ධනවාදී යයි පිළිගන්නේ නැත. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නාමය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයයි. ලොව කිසිදු රටක් තම රාජ්‍ය නාමයට ධනවාදී රාජ්‍යයකැයි එකතු කරගෙන නැත. සත්තකින්ම පරම ධනවාදයක් ලොව කොහේවත් ඇත්තේ ද නැත. පරම සමාජවාදය ද නොපවතින්නකි. ලෝකයේ පවතින රාජ්‍යයන් හා සමාජයන් තුළ ධනවාදී මෙන්ම සමාජවාදී ලක්ෂණ ද අඩු වැඩි වශයෙන් දැකිය හැකිය.

1 Minute
Politics

ධනේශ්වර චින්තන රාමුව තුළ සමාජවාදී විකල්ප තිබේද?

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංවර්ධන මූලෝපායන් තෝරාගැනීමේදී ධනවාදය විසින් යෝජනා කරනු ලබන්නේ ගෝලීය නිෂ්පාදන හා සේවා දාමයන් සමග මැනවින් සම්බන්ධ වීමයි. එහිදී නිදහස් වෙළඳාම, ව්‍යාපාර කිරීමේ පහසුව, ජාත්‍යන්තර හවුල්කාරීත්වයන්, ආයෝජන, තාක්ෂණය, රාජ්‍ය මූල්‍ය විනය, පෞද්ගලික අංශය, ශ්‍රම බලකායේ කාර්යක්ෂමතාව ආදිය අතිශය වැදගත් වේ.

1 Minute
Politics

ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විමසීමක්

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පවත්වන ලද කතාව කෙරෙහි අවධානය යොමුකළ යුතුය. එය ඉතා සාමකාමී කතාවකි. එහෙත්, අසම්පූර්ණය. මෙවැනි අභියෝගාත්මක සමයක ජනාධිපතිවරයකුගෙන් ඊට වඩා ශක්තිමත් ප්‍රකාශනයක් අවශ්‍යය.

1 Minute
Politics

අප්පච්චි

මං නිරීක්ෂණය කරල තියෙන බිම් මට්ටමේ අමුතු සීන් එකක් තමයි මේ නිකම් පහතරට අපි වගේ එව්වො පවා ළමයින්ට තමන්ගෙ මහඑකාට අප්පච්චි කියන්න පුරුදු කරන එක. මං හිතන්නෙ අප්පච්චි කියන වචනෙ භාවිතා වෙන්නෙ/ වුණේ නුවර කලාවියෙ. ඒ වුණාට දැන් ඒක සිංහල බෞද්ධ ජාතිවාදී රැල්ල එක්ක සම්බන්ධ වෙලා මේ නුවර කලාවිය එක්ක වෙළඳාමක්වත් නොකරන එවුන්ගෙත් ළමයි උන්ට අප්පච්චි කියන රැල්ලක් නිර්මාණය වෙලා.

1 Minute
Politics

අන්තෝ ජටා බහි ජටා

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය – ලංකා පුවත්පත, 2022-01-10 රාජපක්ෂ ආණ්ඩුව මේ වන විට අතිවිශාල වශයෙන් ජනප්‍රියත්වයෙන් පිරිහී හමාරය. නිර්මාණය

1 Minute
Politics

හොරුන් තොර ලෝකයක් කොයින්දෝ-

ලංකාවේ දේශපාලනය හොරකම එක්ක ඇතුළතින්ම සම්බන්ධයි. මේ වෙලාවෙ ජවිපෙට ආණ්ඩුව ඉක්මණින් ගෙදර යවන්නට බැරි වෙන්නෙ වෙන මොකවත් නිසා නෙමෙයි, 2015-19 කාලෙ රාජපක්ෂලා කළා වගේ අඛණ්ඩ කැම්පේන් මාලාවක් කරන්නට සල්ලි නැති නිසා. මහජනතාව ඕකට සල්ලි දෙන්නෙ නැහැ. මහජනතාව කියන්නෙ පල් හොරු. කොහේ හරි රටකින් ෆන්ඩ් කළොත් තමයි ඉතින්. ඒවට තව කල් තියෙනවා. ඒවත් ඉතින් හොරකම් තමයි අවසානයේදී.

1 Minute