Crime

මහර බන්ධනාගාරයේදී 2020දී මරාදමන ලද කොවිඩ් රෝගීන් 9 ඇතුළු 11ට යුක්තිය

සිරකරුවන් කිසිවෙකුත් වෙඩිතැබීම්වලින් මියගොස් නැති බව අලුතෙන් පත් වූ බන්ධනාගාර භාර ඇමති ලොහාන් රත්වත්ත පාර්ලිමේන්තුවේ පැවසුවා. ඒත්, දැන් ඇත්ත හෙළිදරව් වෙලා. මහර බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනකුගේ මරණ සිදුකිරීම අපරාධයක් බව තීරණය කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩිවවිදාන මහතා, එම අපරාධයට සම්බන්ධ සියලුම බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට රහස් පොලිසියට ඊයේ (26) නියම කළා.

1 Minute
Cinema

කොඩි ගහ යටට මං කැමතියි – අකැමැතියි

කලා නිර්මාණ හැමතිස්සෙම අහිංසක නැහැ. ඒව ඇතුළෙ ප්‍රඩක්ට්ස් ප්ලේස් කිරීමේ සිට මාකටිං තියෙනවා. කලා නිර්මාණවලට අරමුදල් යොදන අයට දේශපාලනික හා වානිජ අරමුණු තියෙනවා. ඒවා බැහැර කරලා කලා නිර්මාණ රසවිඳින්නත් පුළුවන්. ඒක විතරයි කරන්න පුළුවන් කියල එකක් නැහැ. මං නම් රසවිඳීම ඉක්මවා ගිහින් ඒ පසුපස වෙළඳපොළ හා දේශපාලනය ක්‍රියාත්මක වෙන ආකාරයත් බලනවා. ඒකත් රස වින්දනයේම තවත් ලෙවල් එකක්.

0 Minute
Politics

උණ ලෙඩුන්ට කැඳ හෙවත් දිළිඳු සහනාධාර

දිළිඳු ම පවුල් ලක්ෂ හතරක් සඳහා මසකට රුපියල් 15,000 ක් බැගින් සහ දෙවන මට්ටමේ පවුල් ලක්ෂ අටක් සඳහා මසකට රුපියල් 8,500.00 බැගින් ද, තවත් පවුල් ලක්ෂ හතරක් සඳහා මසකට රුපියල් 5,000 බැගින් ද, සුබසාධන ප්‍රතිලාභ සහනාධාර ලෙස ගෙවීම ජුලි මස 1දා සිට ඇරඹෙන බව රජය පවසයි.

0 Minute
Politics

පුණ්‍යාධාර බිස්නස් හරියට කරන හැටි

බඩු ටිකක් එකතු කරලා එවලා අන්න ඒවා තාම වරායෙ මුන් ඒකෙ බදු ගෙවලා අරගන්නෙ නැහැ, අපි දැන් එම්කේ, ආයෙ නම් මේ වගේ ගොන් වැඩ කරන්නෙ නැහැ, අපි මේව යවනවා සුඩානෙට, එහේ ආණ්ඩු හොඳයි මීට වඩා කියන කට්ටිය සම්බන්ධයෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි. මේ අය චැරිටි කියන බිස්නස් එක ගැන මොකුත් නොදන්න හෝ ඒක ඇතුළෙ වෙන වංගු ගහන පිරිසක් විය හැකියි.

0 Minute
Politics

පාස්කු දේශපාලනයේ අරමුණු මොනවාද?

අරගලයේම දිගුවක් ලෙස පාස්කු ප්‍රහාරය භාවිතා කරමින් වත්මන් ආණ්ඩුව හා ඉතිරි සිංහල බෞද්ධ ප්‍රභූ දේශපාලනික නායකත්වය බිඳදැමීම සඳහා වෛරය පැතිරවීමේ වැඩසටහන 2023 අප්‍රේල් 21දා අලුත් ජවයකින් යුතුව ඉදිරියට ගත් ආකාරය දකින්නට ලැබුණා. ඒ සමග ජනතා විමුක්ති පෙරමුණත් එකතු වීම කැපීපෙනෙන ලක්ෂණයක්. ජවිපෙ නායකත්වයත් සිංහල බෞද්ධ ගොවිගම එකක්. ඇතැම් විට ඔවුන්ට මේ ආන්තික කතෝලික බලවේගය ඇතුළතින් දියකර දමන්නට හැකි වේවි.

1 Minute
Law

ලිංගික අපරාධ මනසෙහි නැවත රඟදක්වන අපේ රටේ ඇතැමුන්ගේ පුවත්පත් කලාව

ප්‍රශ්නය මේකයි. ජනමාධ්‍යවේදීන් යයි කියාගෙන ජනමාධ්‍ය යයි කියාගෙන, වාර්තාකරණය ලෙස හඳුන්වමින් වැල සයිට් එකක වැඩේ කරන එක වැරදියි. වැල සයිට් එකක් ඕනැ නම්, ඒක වෙනම කරන්න. පත්තරේට ළාවට වැල බාන්න යන්න එපා. පුවත්පත් කලාවේ ආචාරධර්ම රැකගන්න.

1 Minute
Economy

කොරියාවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ප්‍රශ්න

මොන ආණ්ඩුවක් යටතෙ වුණත්, ප්‍රශ්නය හරියට විග්‍රහ කරගන්නෙ නැතුව දෙන මනෝ මූලික විසඳුම් හරියන්නෙ නැහැ. මොන ආණ්ඩුව තිබුණත්, රජයට මෙහිදී කරන්නට පුළුවන් ප්‍රතිපත්ති, නීති හා යටිතල පහසුකම් සැපයීමත්, උපදේශනයත් පමණයි. ආපසු පැමිණෙන විදේශ ශ්‍රමිකයන්ගේ ජීවනෝපාය ස්ථාවර කරගැනීම ඔවුන්ගේ අතේ තියෙන දෙයක්. සියලු දෙනාට ගැලපෙන එක් විසඳුමක් නැහැ. නිර්මාණශීලීත්වය, නවෝත්පාදනය තමයි වැදගත්.

0 Minute
Life

අලුත් අවුරුද්දෙ පළමු ඇමතුම

අලුත් අවුරුද්දෙ පළමු ඇමතුම ගමේ පරණ යාලුවෙකුගෙන් ලැබුණා. මෑන් ආබාධ සහිතව තනියෙන් ජීවත් වෙන කෙනෙක්. පහුගිය කාලෙ මං පුළු පුළුවන් වෙලාවට මෑන්ව බලන්න ගියා. ළඟදි හිතලාම ගියෙ නැහැ. ගේ ඉදිරියෙන් ගියත්, ඌ තනියෙන් ඉන්න බව දැන දැනත් ගියේ නැහැ.

1 Minute
Politics

පොලීකාරයන්ගෙ සල්ලිවලින් ජීවත් නොවී අපේ පාරක යන්න දැන්වත් සූදානම් වෙමු

ගෝලීය වෙළඳපොළ, ගෝලීය නිෂ්පාදන දාම ආදිය එක්ක සම්බන්ධ වෙන්න අපි සූදානම්ද? ජාතිකවාදය ගැන අපි හිතන්නෙ කොහොමද? විශේෂයෙන්ම ආර්ථික ජාතිකවාදය මත පදනම් වෙනවාද? ධනවාදී ගෝලීයකරණය පිළිගන්නවාද?

0 Minute
Art

දෘෂ්‍ය දූෂණය ගැන රනිල්ගේ අවධානය

දෘෂ්‍ය දූෂණය ගැන ජනාධිපති රනිල්ට දැක්මක් තිබෙන බව පසුගියදා නුවරඑළියේදී ඔහු නිලධාරීන්ට දුන් උපදෙස්වලින් පෙනෙනවා. තට්ටු හතරට වඩා උස ගොඩනැගිලි හැදීම තහනම් කරන්නැයි ඔහු කීවා. ග්‍රෙගරි වැව ආසන්නයේ අක්කර 12ක රජයේ ඉඩමක කානිවල් එකක් හදනවාටත් ඔහු විරුද්ධ වුණා. මීට කලින් සුන්දර ස්ථානයක දැවැන්ත කොංක්‍රීට් තේ පෝච්චියක් හදනවාටත් ඔහු විරුද්ධ වුණා මතකයි.

1 Minute