Law

කුණුහරුප කියන සාදු, ICCPR පනත සහ වෛරී ප්‍රකාශ කිරීමේ වල් බූරු නිදහස

ICCPR පනත හා භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අතර තිබෙන්නේ සමීප සම්බන්ධයක්. සද්ධාරතන හිමි වැනි අය සිදු කරන වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ICCPR පනත අත්‍යවශ්‍ය නොවේ. එහෙත්, වර්තමානයේදී විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල අතිශය සුලබ මෙම වෛරී ප්‍රකාශ වැළැක්වීම සම්බන්ධයෙන් යම් නීති අවශ්‍යය. සාපරාධී අපහාසය ශ්‍රී ලංකාවේ අපරාධ වරදක් වන්නේ නැත. ඒ නිසා වෛරී ප්‍රකාශ කිරීමේ හා අපහාස කිරීමේ වල් බූරු නිදහසක් ලාංකිකයන් භුක්ති විඳිමින් සිටින බව පෙනේ.

1 Minute
Politics

පොලිසිය අයිසීසීපීආර් පනත වැරදි අන්දමින් භාවිතා කිරීම වැළැක්වීමට මහේස්ත්‍රාත්වරුන්ට ඇති හැකියාව ගැන නිදසුනක්

අයිසීපීපීආර් පනත මේ රටට අවශ්‍යය. එහෙත්, එය ඇප නොදී පුද්ගලයන් සිරකර තැබීම වැනි දණ්ඩනයන් සඳහා අනියමින් භාවිතා කිරීමට ඉඩ නොදී සිටීමට පොලිසිය වග බලා ගත යුතුය. පොලිසිය වැරදි අන්දමින් කටයුතු කරන්නේ නම් වහා එය නිවැරදි කිරීමේ හැකියාව මහේස්ත්‍රාත්වරුන්ට තිබේ.

1 Minute
Life

නතාෂා එදිරිසූරියගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් ලබාදෙන ලද තීන්දුව

නතාෂා එදිරිසූරියගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් ලබාදෙන ලද තීන්දුව

0 Minute
Media

ලිංගික අපරාධ මනසෙහි නැවත රඟදක්වන අපේ රටේ ඇතැමුන්ගේ පුවත්පත් කලාව

ප්‍රශ්නය මේකයි. ජනමාධ්‍යවේදීන් යයි කියාගෙන ජනමාධ්‍ය යයි කියාගෙන, වාර්තාකරණය ලෙස හඳුන්වමින් වැල සයිට් එකක වැඩේ කරන එක වැරදියි. වැල සයිට් එකක් ඕනැ නම්, ඒක වෙනම කරන්න. පත්තරේට ළාවට වැල බාන්න යන්න එපා. පුවත්පත් කලාවේ ආචාරධර්ම රැකගන්න.

1 Minute
Law

ඉන්දියාවේ සාපරාධී අපහාස නීතියෙන් ගාන්ධි හිරේ; හිරේ යා යුතු විශාල පිරිසක් රනිල් නිසා මෙහේ එළියේ

අතීතයේදී අපහාස කිරීම ශ්‍රී ලංකාවේ ද සාපරාධී වරදක් වූ අතර දණ්ඩ නීති සංග්‍රහය යටතේ දෙවසරක සිර දඬුවමක් නියම කළ හැකි විය. 2002 වසරේදී එවකට පැවති රනිල් වික්‍රමසිංහ රජය විසින් අපහාසය අපරාධමය නොවන වරදක් බවට පත්කරන ලදි. සාපරාධී අපහාස නීතිය ඉවත් කළ දකුණු ආසියානු කලාපයේ පළමු සහ එකම රට ශ්‍රී ලංකාවයි.

0 Minute
Women

විශ්වවිද්‍යාල සිසුවියන් ඝාතනය හා නීතිය ක්‍රියාත්මක වන හැටි

ශ්‍රී ලංකාවේ සිදු වන කාන්තා මිනීමැරුම්වලින් තුනෙන් එකක් සමීප සහකරුගේ ප්‍ර‍චණ්ඩත්වය හා සම්බන්ධ බව ද, එවැනි සිදුවීම්වලින් 69%ක් ම නිසි පරිදි වාර්තා වන්නේ නැති බව ද ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ හා ගැහැණු ළමයින්ගේ අස්වාභාවික මරණ (වැළැක්වීම හා යුක්තිය ඉටු කිරීම)’ සම්බන්ධ ප්‍ර‍තිපත්ති සාරාංශයෙහි දැක්වේ. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ කැලණිය විශ්වවිද්‍යාලය එක්ව කරන ලද මෙම අධ්‍යයනය විසින් හෙළිදරව් කරන ලද තවත් කාරණයක් වන්නේ ශ්‍රී ලංකාවේ රෝහල්ගත කිරීම්වලට ප්‍ර‍ධාන ම හේතුව ශාරීරික හිංසනයන් බවයි.

1 Minute
Law

ප්‍රචණ්ඩත්ව ආකාර වර්ගීකරණය කරන හැටි

ස්ත්‍රී දූෂණය යනු එකඟතාවයකින් තොරව යෝනි මාර්ගය විනිවිදීමයි (කෙතරම් සුළු වශයෙන් වුවද). ස්ත්‍රී දූෂණය හැර වෙනත් ඕනෑම බරපතළ ලිංගික අපයෝජනයක්, එනම්, ශිෂ්ණය හෝ වෙනත් ශරීර කොටසක් මගින් ගුදය හෝ මුඛය විනිවිදීම සහ වස්තුවක් මගින් යෝනි මාර්ගය හෝ ගුදය විනිවිද යාමයි.

1 Minute
Law

අල්ලසට එරෙහි විශිෂ්ට නඩු තීන්දුවක් තහවුරු වෙයි. මෛත්‍රීගේ දෙන්නෙක් හිරේ

කෝටි දෙකහමාරක අල්ලසක් ලබා ගැනිමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරසේනගේ කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දසනායක යන අයට ලබාදී තිබූ බරපතල වැඩ සහිත අවුරුදු 20ක සහ අවුරුදු 12ක සිර දඬුවම් ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරයි.

0 Minute
People

ජනාධිපති සමාව හා රන්ජන් රාමනායක

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් ලබා සිටින රන්ජන් රාමනායක අධිකරණය සම්බන්ධව කළ ප්‍රකාශය පිළිබඳ කණගාටුව පළකර දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුට ජනාධිපති සමාව ලබා දීම සුදුසු යැයි නිර්දේශ කර ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මාධ්‍යවලට ප්‍රකාශ කළේය.

1 Minute
Law

හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ප්‍රකාශය

2022 මැයි 6දා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අතිගරු ජනාධිපතිවරයා විසින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීම කෙරෙහි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) දැඩි අවධානය යොමුවී තිබේ.

1 Minute