Deshabandu assaulted

පොලිස්පති දේශබන්දුට ස්වාධීන ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිත සහාය

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස ස්ථිර කිරීමට ව්‍යවස්ථාදායක සභාව ඊයේ ලබාදුන් අනුමැතිය තීරණාත්මක පියවරක් ලෙස සැලකිය හැකියි.

අගමැති දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, සහ වෛද්‍ය අනුලා විජේසුන්දර (සිවිල් සමාජ නියෝජිත) තෙන්නකෝන් මහතාගේ පත්වීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

කෙසේ වෙතත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් එම යෝජනාවට විරුද්ධත්වය ප්‍රකාශ කළහ.

සිවිල් සමාජ නියෝජිතයන් අතරින් ආචාර්ය අනුලා විජේසුන්දර මෙම පත්වීමට සහය පළ කළ අතර වෛද්‍ය දිනේෂා සමරරත්න සහ වෛද්‍ය ප්‍රතාප් රාමනුජන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කිරීම විශේෂත්වයකි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා යෝජනාවට පක්ෂව සිය තීරක ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟ තීරණය අනුමත විය.

ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස ස්ථීර කිරීමේ යෝජනාවට දැඩි ශක්තියක් ලැබුණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පෙරවරුවේ රැස්විය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මානව වධහිංසනය සිදුකිරීමෙන් මානව හිමිකම් උල්ලංඝනයක් සිදුකළ බවට පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදුන් අතර ඔහුගේ පත්කිරීමට එරෙහිව සිවිල් සමාජය පැත්තෙන් විරෝධය එල්ල විය.

2023 මැයි 9 දින සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ එවකට බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කටයුතු කළ ආකාරය දැඩි විවේචනයට ලක්විය. ඒ ආසන්න දිනකදී ඔහු පිරිසකගේ ප්‍රහාරයට ද ලක්විය. මුල් ඡායාරූපය එම අවස්ථාවේදී ලබාගත් එකකි.