Politics

ගල උඩ සටන ලබන සතියේද?

ආණ්ඩුව තවමත් මුළුමනින්ම දුර්වල වී නැත. එයට මූලික හේතුව, විපක්ෂයේ දේශපාලනික අසාර්ථකත්වයයි. ආරක්ෂක හමුදා, පොලිසිය, සිවිල් සමාජය, ඉන්දියාව හා චීනය ඇතුළු ජාත්‍යන්තර බලවේග ආදියෙහි සහාය ආණ්ඩුවට තවමත් තිබේ. 69 ලක්ෂයේ බලවේගයේ කොටසක් ද තවමත් නිහඬව තැන් තැන්වල සිටිති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතින් ඔවුන් අපේක්ෂා කරන්නේ තියුණු ප්‍රතිචාරයකි. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා තවමත් ප්‍රජාතාන්ත්‍රික සීමාවෙන් පිටතට තීරණාත්මක ලෙස පයතැබීමට කටයුතු කර නැත.

1 Minute
Politics

රාජපක්ෂලා පැන්නීමේ දිග්ගැසුණු අරගලයකට සූදානම් වෙමු

ගෝඨාභය රාජපක්ෂ ආගිය අතක් නැත. හේතුව පැහැදිලි නැත. ඔහු යුද්ධය තීව්‍ර වූ සමයේ ද රටින් පළාගිය අයෙකි. මේ අවස්ථාවේ තිබෙන පීඩනය දරාගෙන ජාතිය ඇමතීමේ හෝ හැකියාව ඔහුට නැති බවක් පෙනේ.

0 Minute
Economy

කොරියානුවන් වගේ අපටත් රත්තරං පරිත්‍යාග කර රට බේරාගන්න බැරිද?

මේ සියල්ලටම අපට විශ්වාසය අවශ්‍යය. ඒ සඳහා විශේෂයෙන්ම කැපකිරීම් කරන, මහජන මුදලින් අයථා වරප්‍රසාද භුක්ති නොවිඳි ඉතිහාසයක් ඇති නායකත්වයක් අපට අවශ්‍යය. සමස්ත රාජපක්ෂ පවුලම දේශපාලනයෙන් බැහැර කර, එම ශෛලියේ සියලු දේශපාලකයන් පරාජය කර බුද්ධිමත්, අවංක නායකත්වයක් පත්කරගත යුත්තේ එහෙයිනි.

0 Minute
Politics

ගාලුමුවදොර අරගල වැඩබිමේ සිට

අජිත් පැරකුම් ජයසිංහ ඊයේ රාත්‍රියේ ගාලුමුවදොර අරගලයේ වැඩබිම නිරීක්ෂණය කළෙමි. මැරෙන්නට පෙර අප මෙතෙක් බලාපොරොත්තුවෙන් සිටි ප්‍රගතිශීලී මහජන නැගිටීමක් දෑසින්

1 Minute
Life

පරි‍භෝජනය හා පාරිභෝජනවාදය

පරිභෝජනයයි, අධි පරිභෝජනයයි අතර වෙනස බුද්ධිමත් ලෙස සලකුණු කරගන්නෙ නැතුව පාරිභෝජනවාදය හඳුනාගන්න බැහැ. මම නම් පාරිභෝජනවාදය කියන්නෙ ලෝකයේ හෝ රාජ්‍යයක ඉඳන් පුද්ගලයා දක්වාම තමන්ගේ ආර්ථිකයට, භෞතික තත්වයන්ට හා මානසිකත්වයට දරාගත නොහැකි අන්දමින් පරිභෝජනය කරන එක. එතනදී පාරිභෝජනවාදය හඳුනාගන්නට වෙන්නෙ කේස් බයි කේස්. ඒ කියන්නෙ පුද්ගලයාගෙන් පුද්ගලයාට.

0 Minute
Politics

මිලියනයක් ආවද?

මිලියනයක් ආවද? නැහැ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. එතෙන්ට බස් දාලා සෙනග ඇද්දෙ නැහැනෙ. අනෙක, නැකැත් බලලා කරපු එකකුත් නෙමෙයිනෙ. මේ අවුරුදු කටේ, දිග නිවාඩුවක් අද්දර, අද වගේ සෙනසුරාදාවක ඔය හොඳටම ඇති. එන්න බැරිවුණ බොහෝ අය විරෝධය එක්ක ඉන්නවා.

0 Minute
Economy

මේ වන විට පවතින ආර්ථික තත්වය හා දේශපාලනයට එහි ඇති බලපෑම

ඊයේ මහාචාර්ය රොහාන් සමරජීව සහ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු සමග පැය කීපයක අධ්‍යාපනික සාකච්ඡාවක් පැවැත්වූවා. කෙටියෙන් කියනවා නම් තත්වය මේකයි (මේ මා එම සාකච්ඡාවෙන් ලබාගත් අවබෝධය නිසා මෙම අදහස් සම්පූර්ණයෙන්ම එම ආර්ථික විශේෂඥයන්ගේ අදහස් නොවිය හැකි බව කරුණාවෙන් සලකන්න. විශේෂයෙන් වරහන් ඇතුළේ දක්වා ඇති අදහස් මගේය):

1 Minute
Politics

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලාංකීය විප්ලවය

අර්බුදයේ වර්තමාන අවධිය පටන් ගත්තෙ 2005 සිට උපාධිධාරීන්ට උත්සව පවත්වමින් රජයේ රැකියා දෙමින් මහින්ද රාජපක්ෂ යටතේ විශාල රජයක් හා ඇස්බැන්දුම් සංවර්ධනයක් නිර්මාණය කිරීම හරහා නිර්මාණය වුණ මහින්ද චින්තනයෙන්. අයිඑම්එෆ් එකත් එක්ක ප්ලග් ගලවලා සීයට දහයට වැඩි ගිනි පොළී මූල්‍ය වෙළඳපොළට ලංකාව ගැටගහපු එක ගැන විමල් වීරවංශලා ගහපු කයිවාරු මතකද?

1 Minute
Politics

හිස ගිනිගත් අයගේ ඉච්ඡා භංගත්වයේ හෝරාව

කිසිදා හමුවී නැති, ෆේස්බුක් එකේ පවා මා ලොකු විවාදයකට පැටලී නැති, අඩු තරමේ දේශපාලන කාරණයක් චැට් කර හෝ නැති පුද්ගලයකු වන එරන්ද ගිනිගේ මගේ නම ටැග්කරමින් හිටිහැටියේ මා ඔහුගේ ජීවිතයට තර්ජනයක් බව ප්‍රකාශ කිරීම සම්බන්ධ ‘ගිනිගේ චර්යාව’ තේරුම්ගැනීම අවශ්‍යයි. එය මට අදාළ පෞද්ගලික කාරණයක් පමණකැයි මා සිතන්නේ නැහැ. ඔහුගෙන් ප්‍රකාශ වන්නේ කිසියම් ප්‍රවණතාවක්.

1 Minute