Politics

රට තුළ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යෝජනා

දේශපාලනික ස්ථාවරභාවයෙන් තොරව ආර්ථික අර්බුදයට පිළියම් යෙදීම කළ නොහැක්කක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කරයි. සංකේත පාර්ලිමේන්තු බහුතරයක් පැවතීම සහ අලුත් ඇමතිවරුන් පත්කිරීම පමණක් වර්තමානයේ පවතින දේශපාලන අස්ථාවරත්වය සඳහා විසඳුම් සෙවීමේදී ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මතයයි. බලය පාවිච්චි කිරීමෙන් හෝ මර්දනකාරී උපායන්ගෙන් දේශපාලනික ස්ථාවරත්වය නැවත ඇති කළ නොහැකිය. වර්තමානයේදී අවශ්‍ය වන්නේ, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ රටේ යහපත වෙනුවෙන් ක්‍රියා කරමින්, ජාතික ආර්ථිකයේ හදිසි ප්‍රතිසංස්කරණ සිදුකිරීම පිළිබඳ සම්මුතියක් නිර්මාණය කරගැනීම සහ ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික හවුල්කරුවන් අතර රට කෙරෙහි විශ්වාසය ඇතිකිරීමයි.

1 Minute
Human Rights

හදිසි නීතිය ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ප්‍රකාශය

2022 මැයි 6දා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අතිගරු ජනාධිපතිවරයා විසින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීම කෙරෙහි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) දැඩි අවධානය යොමුවී තිබේ.

1 Minute
Politics

අරගලය හා දේශපාලනික හිරවීම

ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අර්බුදය දිග්ගැස්සෙමින් තිබේ. රාජපක්ෂලා අස්නොවන බව පෙනේ. අඩු තරමේ මහින්ද රාජපක්ෂ පවා අස්වන බවක් නොපෙනේ. ඔවුන්ට ආරක්ෂිත ලෙස බලයෙන් පිටවීමේ මාර්ගයක් අවශ්‍යව තිබේ. ඒ සඳහා කිසියම් සම්මුතියක් නිර්මාණය කරගැනීමේ අවස්ථාව ද කාලය සමග ඉක්ම යමින් තිබේ.

1 Minute
Politics

පරිපාලන සේවය පුනරුත්ථාපනය නොකර රට හදනවා බොරු

සමස්ත මහා වැඩ වර්ජනය අතරතුර, රාජ්‍ය පරිපාලන නිලධාරීන් නිහඬ විරෝධයක යෙදෙනවා දැක්කා. මතක තියාගන්න රට අද වැටී තියෙන තත්වයට දේශපාලකයන් තරමට හෝ ඊටත් වඩා වගකිවයුතු පිරිසක් තමයි පරිපාලන නිලධාරීන්. දේශපාලකයන් මහජන මුදලින් ගත්තෙ තීරු බදු රහිත වාහන. ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරීන් ඊට අමතරව හොඳ වාහනයක් රජයේ මුදලින් අරන් ඒක විශ්‍රාම යනකොට ගෙදරත් අරන් යනවා.

0 Minute
Economy

මිල සූත්තර

ආණ්ඩුවට සූත්තර පාරන්නට මතක් වී තිබෙන්නේ පාත්තරේ ඉරක් ද ගිය පසුවය. දැන් ඉතින් වෙන කරන්නට දේ ද නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යාමට පෙර මේ ප්‍රතිසංස්කරණ කිරීමට සිදුවනු ඇත.

1 Minute
Politics

අන්තර්වාර පාලනය හා පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා ආණ්ඩුව

මහින්ද රාජපක්ෂගේ මරුකියවන කයිවාරු කුමක් වුවත්, ලබන සතිය වන විට අන්තර්වාර පාලනයක් පත්වනු ඇත. පාර්ලිමේන්තු ප්‍රභූවරුන්ගෙන් සමන්විත අන්තර්වාර පාලනයට උපකාර කළ යුතු මුත් පොහොට්ටු ඩලස්ලා, සජිත්ලා, රනිල්ලා, මෛත්‍රීලා, විමල්ලා, අනුරලා කිසිවෙකු ඔය වතුර හැළිය කැඳ කරන්නට හාල් දමනු ඇතැයි සිතිය නොහැකි තරම් කට්ටිවාදී, වංක ඉතිහාසයක් ඔවුන්ට තිබේ. වැදගත් වන්නේ නායකත්වයයි. රනිල් උද්දච්ඡ වැඩිය. ඩලස් කපටි වැඩිය. ෆොන්සේකාගේ කට හොඳ නැත. හරිනි ජේවීපී වැඩිය. චම්පික මං පොරය.

1 Minute
Politics

සෞම්‍ය ලියනගේ හා The වැඩේ

සෞම්‍ය ජැක්සන්ට බැන්නට ජැක්සන් වුණත් මේ වගේ දේ තමයි කිව්වෙ. වෙනස රාජපක්ෂලා ගැන අපි හොඳට දන්නවා. ජාජබ ගැන දන්නෙ නැහැ කියමුකො. එහෙමත් ඉතින් කියන්න පුළුවන්ද මන්දා. මොකද, ජවිපෙ ගැනත් සමාජයට සංජානනයක් තියෙනවනෙ.

1 Minute
Politics

තෙල් මිල ප්‍රශ්නයට විසඳුම කුමක්ද?

ආණ්ඩුව ‘අලුත්’ කැබිනට් මණ්ඩලයක් පත්කරගෙන වැඩ ඇල්ලූ හැටියේම ඊළඟ දවසේ රට පුරාම අලුත් උද්ඝෝෂණ රැල්ලක් පැනනැගුණේ ඉන්ධන මිල විශාල වශයෙන් වැඩිකිරීම නිසාය. මෙතෙක් ජනාධිපති පැන්නීමේ අරගලයේ ඉදිරියෙන් සිටි මධ්‍යම පන්තිය වෙනුවට බස් සේවකයන්, ත්‍රිරෝද රථ රියදුරන්, ධීවරයන් වැනි අලුත් පිරිස් වීදියට පැමිණි අතර උද්ඝෝෂණ තියුණු වූයේ ඒවා ඍජුවම මිනිසුන්ගේ ජීවන අරගලය සමග සම්බන්ධ වී තිබීම නිසාය.

1 Minute
Cartoon

ජනාධිපති වරද පිළිගැනීම හරිද? වැරදිද?

පොහොර සම්බන්ධයෙන් වැරදි තීරණ ගනිමින් කෘෂිකර්ම අර්බුදයක් නිර්මාණය කිරීම හා නිසි කලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයාම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේය. තවමත් ඔහු තම වැරදි සැබැවින් තේරුම්ගෙන නැත. තවමත් ඔහු කියන්නේ බොරුය. කරන්නේ වැරදිය.

1 Minute
Agriculture

ජනාධිපතිගෙ පෝර බොරුව

ගොවීන් වෙළඳපොළ කෘෂිකර්මාන්තයට හැඩගැසෙමින් ඉන්නවා. ඒක වෙන්න ඉඩදෙන්න ඕනැ. ගොවීන්ට ලබාදිය යුත්තේ විධිමත් රක්ෂණ හා දායකත්ව විශ්‍රාම වැටුප් වැනි දේයි. නිකං පෝර නෙමෙයි.පොහොර සහනාධාරයෙන් ගුණාත්මක කොම්පෝස්ට් ලබාදුන්නට කමක් නැහැ. ඒවා ආනයනය කරනවා වෙනුවට රටේ නිෂ්පාදනය කරන්නට ඕනැ. හොර කොම්පෝස්ට් බිස්නස් නවත්තන්න ඕනැ. රජය කොම්පෝස්ට් බිස්නස් එක නවත්තන තරමට හොඳයි. එහි විශාල නාස්තියක් හා දූෂණයක් සිදුවෙනවා.

0 Minute