Politics

රිලවුන් මරන හැටි දේශපාලනිකව

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන්නේ වනජීවීන්ගෙන් සිදුවන බෝග හානිවලට විද්‍යාත්මක විසඳුමක් දෙන බවකි. ලාල් කාන්ත වගා බිමට පැමිණෙන වන සතුන්ට ඕනැ මගුලක් කරගන්නැයි කීවේ විද්‍යාත්මක විසඳුමක් දෙනකල් තාවකාලිකව බව ද ඔහු පැවසීය.

1 Minute
Politics

හාල් සීයට පිටරටින් එන එක නවත්වා කරන දේශීය ගොවිතැන

මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුය යන්න පැරණි කුලවාදී කතාවකි. එයින් අදහස් කරන්නේ වෙනත් කුලවල අය රජකමට නුසුදුසු බවයි. කෙසේ වෙතත්, මෙම කතාව වර්තමානයේදී භාවිතා කරන්නේ ග්‍රාමීය දිළින්දන් ගොවීන් ලෙස මෝඩයාට අන්දා, සිංහල බෞද්ධ ගොවිගම පිරිමි බහුතර බලයෙන් පාලනය දිනාගැනීමටයි.

ඒ වෙනුවෙන් යැපුම් ගොවිතැන නඩත්තු කරනු ලැබේ. යැපුම් ගොවීන් රැකගන්නා මුවාවෙන් ඉඩම් වෙළඳපොළ නිදහස් වීමට ඉඩ නොදී රජය අත රැකගනු ලැබේ. වී ගොවිතැන මුල් කරගත් ඊනියා කෘෂිකර්මාන්තයේ නාමයෙන් රාජ්‍ය ආයතන, නිලධාරීන් හා දේශපාලකයන් සමුදායක් නඩත්තු කරනු ලැබේ. ඒ ආයතන පද්ධතියෙන් කෘෂිකර්මාන්තයට තිබෙන සේවය අවමය.

මේ අතර, දේශගුණික විපර්යාසවලට සංවේදී කාර්යක්ෂම සුහුරු කෘෂිකර්මාන්තයක් අවශ්‍ය යුගයක, ලංකාවේ මිනිස්සු තවමත් සූදු කෙළින්නා සේ විවිධ බෝග වගා කරති. ලාභ මෙන්ම පාඩු ද ලබති.

දේශීය ගොවියා ආරක්ෂා කරගත යුතු යයි කියමින් නිදහස් වෙළඳපොළට ඉඩ නොදී පාරිභෝගිකයා මත අධික බරක් පටවයි. මේ අතර දේශීය යයි කියන ගොවිතැන සිදුවන්නේ මෙසේය: පොහොර පිටරටින්ය. බීජ පිටරටින්ය.ප කෘෂි රසායන පිටරටින්ය. යන්ත්‍ර සූත්‍ර පිටරටින්ය. ඒවාට ගහන ඉන්ධන පිටරටින්ය. වාරිමාර්ග හදන සිමෙන්ති හා යකඩ පිටරටින්ය. වතුර පොම්ප කරන විදුලිය හදන ඉන්ධන පිටරටින්ය. ගොවියා අමුඩ ගහනවා නම් ඒකත් පිටරටින්ය. මී උණ හැදුනාම දෙන බෙහෙතුත් පිටරටින්ය.

බලාගෙන ගියාම පූර්ණ වශයෙන් දේශීය යයි කිව හැක්කේ පිටසක්වළින් එන හිරු එළිය පමණි.

ඒ මදිවාට ගොවීන් යයි කියන ග්‍රාමීය දිළින්දන්ට පොහොරත් මහජන මුදලින් දී, අස්වැන්නත් මහජන මුදලින් මිලදී ගත යුතුය. කොහොම කළත් දිළිඳුකම දිගටම පවත්වාගෙන යන නිසා අස්වැසුමත් දිය යුතුය.

මේ අතර දේශීය වෙළඳපොළේ හාල් කිලෝවක් රු. 250ක් පමණ වෙද්දී රුපියල් සීයට ආනයනය කළ හැකි බව දැන් ආණ්ඩුවම කියයි.

මේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතුය. අමුඩයේ පටන් සියල්ල රැකගනිමින් කළ හැකි පරිවර්තන නැත. ඕනෑම පරිවර්තනයක සැරව ගෙඩියකට කටුවක් අනින්නා වැනි වේදනාවක් ඇත. ඒක කරන්නට බැරුව තියෙන මූලික ප්‍රශ්නය දේශපාලනයට දැක්මක් නැතිකමය. දැන් ඉන්න එවුන් නම් ලෝකයට පමණක් නොව ලංකාවට ද පුංචි වැඩිය.

0 Minute
Politics

වැල් පාලමේ ගීතයෙන් පසු; ගොවි දන මනා වූ – දිනිය යුතු වූ සේම ගම් බිම්

මෙතෙක් කල් රජයෙන් ලබාදුන් බලපත්‍ර හා ස්වර්ණ භූමි, ජයභූමි වැනි වටිනාකමින් අඩු ඔප්පු යටතේ භුක්ති විඳින ලද ඉඩම් වෙනුවෙන් ගොවින්ට සින්නකර ඔප්පු ලබාදීමේ වැඩසටහනක් ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි.

1 Minute
Politics

ජනාධිපතිගෙ පෝර බොරුව

ගොවීන් වෙළඳපොළ කෘෂිකර්මාන්තයට හැඩගැසෙමින් ඉන්නවා. ඒක වෙන්න ඉඩදෙන්න ඕනැ. ගොවීන්ට ලබාදිය යුත්තේ විධිමත් රක්ෂණ හා දායකත්ව විශ්‍රාම වැටුප් වැනි දේයි. නිකං පෝර නෙමෙයි.පොහොර සහනාධාරයෙන් ගුණාත්මක කොම්පෝස්ට් ලබාදුන්නට කමක් නැහැ. ඒවා ආනයනය කරනවා වෙනුවට රටේ නිෂ්පාදනය කරන්නට ඕනැ. හොර කොම්පෝස්ට් බිස්නස් නවත්තන්න ඕනැ. රජය කොම්පෝස්ට් බිස්නස් එක නවත්තන තරමට හොඳයි. එහි විශාල නාස්තියක් හා දූෂණයක් සිදුවෙනවා.

0 Minute
Agriculture

චීන පොහොරවලට එරෙහිව කෘෂිකර්ම නිලධාරි වෘත්තීය ක්‍රියාමාර්ගවල

ශ්‍රී ලංකා රජය විසින් චීනයෙන් හානිකර කාබනික පොහොර ආනයනය කිරීමට හා චීන සමාගමක් හා රජය විසින් ඒවා ශ්‍රී ලංකාවට බලෙන් පැටවීම සඳහා කරනු ලබන බලපෑමට විරෝධය පෑමක් ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ තාක්ෂණික වෘත්තීය එකමුතුව 2021/11/12 දින එක්දින වැඩවර්ජනයක් සිදුකරන අතර වෘත්තිය සංගම් නියෝජිතයන් එක්ව චීන තානාපති කාර්යාලය වෙත සංදේශයක් බාරදීම සිදු කරනු ඇත.

1 Minute
Agriculture

යුද්දෙ දිනීම හා කාබනික පරිවර්තනය

රසායනික විරෝධයම කිසිම තේරුමක් නැති තුට්ටු දෙකේ අදහසක්. ලෝක ජනගහනය වර්ධනය වුණේම රසායනික ද්‍රව්‍ය වන ඖෂධයි, කෘෂි රසායනික භාවිතා කරමින් කරපු ආහාර නිෂ්පාදනයයි නිසා. ජනගහනය වර්ධනය වෙන අතරෙ උපතේදී ආයු අපේක්ෂාවත් වර්ධනය වුණ බව අප අමතක නොකළ යුතුයි. නූතන මිනිසා හා සමාජය කියන්නෙ විද්‍යාවෙ ජයග්‍රහණයක්. සොබාදහමේ පසුබැසීමක්.

1 Minute
Agriculture

පොහොර අර්බුදය හා ක්‍රමයක අවසානය

රජය පොහොර තහනම් කිරීමට මුලින් පියවර ගත්තේ පොහොර සහනාධාරය සඳහා වසරකට වැය වන රුපියල් බිලියන 60ක් පමණ වන වාර්ෂික වියදම අවම කරගැනීමටයි. ආනයනික පොහොර වෙනුවට දේශීය කාබනික පොහොර භාවිතය මගින් විදේශ විනිමය ඉතිරි කරගැනීමට හැකිය. එහි තිබුණේ සරල ආර්ථික විද්‍යාවකි.

1 Minute