සීනි දියවුණාට ගෝනි දියවෙයිද?
වර්තමාන ආණ්ඩුවේ සීනි බදු වංචාව ද පසුගිය ආණ්ඩුවේ බැඳුම්කර වංචාව වැනි ඊටත් වඩා වටිනාකමින් ඉහළ එකකි. මෙම අපරාධයට වගකිව යුත්තේ කවුරුද? ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඍජුවම එයට වගකිව යුතුය.
වර්තමාන ආණ්ඩුවේ සීනි බදු වංචාව ද පසුගිය ආණ්ඩුවේ බැඳුම්කර වංචාව වැනි ඊටත් වඩා වටිනාකමින් ඉහළ එකකි. මෙම අපරාධයට වගකිව යුත්තේ කවුරුද? ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඍජුවම එයට වගකිව යුතුය.
ආර්ථිකය ගැන ජාතිකවාදී සිතීම්වල සීමාවන් දෙකක් මේ ඔස්සේ පෙන්වා දිය හැකිය. පළමුවැන්න, සියල්ල දේශීයව නිෂ්පාදනය කරගෙන පරිභෝජනය කළ යුතුය යන ස්වයංපෝෂී ආකල්පයේ තිබෙන ගැටලුවයි. දෙවැන්න, ජාතික වශයෙන් ලාභ ලැබීම පිණිස කිසියම් රටක් තවත් රටකට කසල වැනි ලාභ, බාල නිෂ්පාදන අපනයනය කිරීමේ හෙවත් ඩම්පිං කිරීමේ ගැටලුවයි. ආර්ථික ජාතිකවාදය විසින් නිර්මාණය කරන මෙවැනි ගැටලුවලට විසඳුම් තිබෙන්නේ ජාතිකවාදය ඉක්මවා ගිය චින්තනයකයි.
රජය විසින් පොදු භාණ්ඩ සැපයිය යුතුයි. වෙළඳපොළ බලය පාලනය කළ යුතුයි. ව්‍යාපාර තොරතුරු ගලායාමේ තිබෙන අසාධාරණයන් හෙවත් තොරතුරුවල අසමමිතිකත්වය දුරු කිරීමට කටයුතු කළ යුතුයි. අසුබවාදී ආර්ථික ක්‍රියාකාරීත්වයන් හෙවත් නිශේධාත්මක බහිරතාවන් (negative externalities) නිසා නිර්මාණය වන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදිය යුතුයි. සුබවාදී ආර්ථික ක්‍රියාකාරීත්වයන් හෙවත් ධනාත්මක බහිරතාවන් (positive externalities) හරහා වාසිදායක තත්වයන් උපරිම කළ යුතුයි.
ආණ්ඩුවේ නාමල් රාජපක්ෂගේ සිට පොහොට්ටුවේ වරාය වෘත්තීය සමිති දක්වා කොයිකාටත් අවසානයේදී ජනාධිපතිවරයා ගැන සංවේදී වන්නට සිදුවේ. අසංවේදී වුණොත්, ජනාධිපතිවරයා ඉන්දියාවේ සංවේදීකම පරික්ෂා කරන්නට ගොස් ඇනගන්නට ඉඩ තිබේ. ඉන්දියාව සමග ගියොත් අවුලක් නැතුව චීනය සමග ද යා හැකි වනු ඇත.
වර්තමානයේ ලෝකය තුළ පවතින්නේ ගෝලීය ආර්ථික මූලෝපාය හා ජාතිකවාදය අතර ගැටුමක් ඔස්සේ ඉදිරියට යන ගමනකි. මේ මොහොතේ ගෝඨාභය රාජපක්ෂ උත්සාහ කරන්නේ ඒ අනුව කටයුතු කිරීමටයි. එම ආර්ථික මූලෝපායෙහි රාමුව තුළ ජාතික දේපල, රටේ සම්පත් වැනි සංකල්පවල අර්ථය නැවත විග්‍රහ කරගත යුතුය. ජාතික සම්පත් විකුණනවා වැනි සටන් පාඨ එම කාර්ය රාමුව තුළ ඒ අර්ථයෙන් පවතින්නේ නැත.
වර්තමාන ආණ්ඩුවත්, මේ වරාය වෘත්තීය සමිතිත් අතර මහා ගැටුමක් නිර්මාණය වෙමින් තිබේ යයි සිතන්නේ නම් එය ද මුළාවකක් විය හැකිය. පසුගිය මහ මැතිවරණය අභිමුව වරාය වෘත්තීය සමිති විසින් නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා නොදෙන බවට ලිඛිත පොරොන්දුවක් ඉල්ලා දියත් කරන ලද වෘත්තීය අරගලය අවසන් වූ හැටි නැවත සිහිපත් කරන්න. එදා අරලියගහ මන්දිරයට ගොස් පැමිණි වෘත්තීය සමිති නායකයන් කතාකළේ ගැහිගැහීය. ලිඛිත පොරොන්දු කිසිවක් නොමැතිව සටන අවසන් විය. දැන් වෘත්තීය සමිති නායකයන් අතර එහෙම බයක් නැත්තේ ඇයි? වරාය විකිණීමට එරෙහි සටන ද ආණ්ඩුව විසින්ම මෙහෙයවනවා වෙන්නට පුළුවන. ඉන්දියාවට නොදී රැකගන්නා දේ පසුව චීනයට දෙන්නට පුළුවන.
ලංකාවේ සියලු ආණ්ඩු සිය ආර්ථික ප්‍රතිපත්ති විවෘතව කතාකරන්නේ නැත. මැතිවරණවලට එක ජාතියක පොරොන්දු දී බලයට පැමිණි පසු කරන්නේ වෙන දෙයකි. සියලු නායකයන් පෙනීසිටින්නේ රට වේගයෙන් සංවර්ධනය කළහැකි මැජික් පොල්ලක් අතැති විජ්ජාකාරයන් ලෙසයි. ඔවුන් ශ්‍රී ලාංකිකයන්ගේ සිත් තුළ නිර්මාණය කරන්නේ සිංගප්පූරුව වැනි රටක් පිළිබඳ සිහිනයකි. මෙය ශ්‍රී ලංකාවට කිසිසේත්ම සැබෑ කරගත නොහැකි සිහිනයකි. මේ විජ්ජාකාරයන් ගෙදර යනවිට ඔවුන් වටා සිටි ගජමිතුරු බලවේග නම්, විජ්ජා බලයෙන් මෙන් ධනවතුන් වී සිටිනු දක්නට ලැබේ.
Sri Lanka’s apparel industry accounts for 43% of the country’s total exports and generates over $ 5 billion foreign exchange. Daily FT reported in January that over 60% of exports to the EU had benefited the most through the GSP+ concession. “As of 2018 as much as 58% of all Sri Lankan exports benefit from some form of preferential access due to GSP+ and the EU remains the country’s largest export market. Since the resumption of GSP+ concessions in 2017, the value of Sri Lanka’s total exports to the EU market in 2018 recorded a growth of 5% when compared to 2017. As a result, Sri Lanka’s GSP+ utilised exports recorded a year-on-year recorded a growth of 1% in 2018.
අයවැය යෝජනාවල තියෙන ඇත්තෙන්ම සිදුවනු ඇතැයි සිතිය හැකි එකම දෙය වන්නේ රු. බිලියන 2,900ක ඉහළ සීමාවකට යටත්ව රජය ණය ගැනීමයි. 2020 වසරේද රජය රු. බිලියන 2,650ක් ණය ගත්තේය. 2021 වසරේ ගන්නට යන ණය ප්‍රමාණය අයවැය පරතරය මෙන් දෙගුණයකට ආසන්න ණය ප්‍රමාණයකි. එසේ ණයට ගන්නා මුදල්වලින් කුමක් කරනු ඇද්ද යන්න විමසා බැලිය යුතුය.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග ගිවිසුමකට අත්සන් කිරීම සඳහා ඉන්දියාවේ අදානි වරාය සහ විශේෂිත ආර්ථික කලාප සමාගමට හා දේශීය හවුල්කාර සමාගමකට අනුමැතිය ලැබී තිබෙන බව බ්ලූම්බර්ග් ආර්ථික පුවත් සේවය වාර්තා පවසයි.