Art

දෘෂ්‍ය දූෂණය ගැන රනිල්ගේ අවධානය

දෘෂ්‍ය දූෂණය ගැන ජනාධිපති රනිල්ට දැක්මක් තිබෙන බව පසුගියදා නුවරඑළියේදී ඔහු නිලධාරීන්ට දුන් උපදෙස්වලින් පෙනෙනවා. තට්ටු හතරට වඩා උස ගොඩනැගිලි හැදීම තහනම් කරන්නැයි ඔහු කීවා. ග්‍රෙගරි වැව ආසන්නයේ අක්කර 12ක රජයේ ඉඩමක කානිවල් එකක් හදනවාටත් ඔහු විරුද්ධ වුණා. මීට කලින් සුන්දර ස්ථානයක දැවැන්ත කොංක්‍රීට් තේ පෝච්චියක් හදනවාටත් ඔහු විරුද්ධ වුණා මතකයි.

1 Minute
Politics

විභාග උත්තර පත්‍ර බැලීම වර්ජනය කරන අධ්‍යාපන ත්‍රස්තවාදයට විසඳුම කුමක්ද?

විභාග වර්ජන ත්‍රස්තවාදය දැනට තිබෙන්නේ නියපොත්තෙන් කැඩිය හැකි මට්ටමක නිසා එයට සංකීර්ණ විසඳුම් අවශ්‍ය නැහැ. හැබැයි, ලංකාව දීර්ඝ කාලීනව ජාත්‍යන්තර ඇගයුම් පද්ධති සමග සම්බන්ධ වීම ගැන අවධානය යොමුකිරීමත් වැදගත්. ප්‍රධාන විභාග ඉංග්‍රීසි බසින් පවත්වනවා නම් දැන් වුණත් මෙය කරන්නට පුළුවන්. හැබැයි, තවම ඒ සඳහා ධාරිතාවන් ගොඩනැගී නැහැ.

0 Minute
Politics

ත්‍රස්ත විරෝධී නීති ගැන ත්‍රස්තවාදී සංවිධානයක හිටපු සාමාජිකයෙකුගේ අදහස

ත්‍රස්ත විරෝධී නීති ගැන සංවාදය මානව හිමිකම් වෘත්තිකයන්ගෙ, සංවිධානවල හා නීතිවේදීන්ගෙ ආධිපත්‍යයට යට විය යුතු එකක් නෙමෙයි. ත්‍රස්තවාදය ගැන හොඳට දන්න අපි වගේ අයගේ හඬටත් එහිදී අවස්ථාව තිබිය යුතුයි. ඔය සංවාදකාරයන් පුළුවන් නම් අපටත් ආරාධනා කරන්න ඔය විවාදවලට. අපි සූදානම් ඔබට ත්‍රස්තවාදයට එරෙහි නීති අවශ්‍ය ඇයි කියන එක පැහැදිලි කරල දෙන්න.

1 Minute
Life

බස්(ත්‍ර)වාදය

බස්වාදය යනු අනෙක් ඕනෑම එවැනි ‘වාදයක’ ලක්ෂණ හා සමාන ලක්ෂණ ඇති දෙයකි. උදාහරණයක් ලෙස පාසල්වාදය හා බස්වාදය අතර දැඩි සමානකමක් තිබේ. පාසලක් සම්බන්ධ, වර්ණ, කොඩි, සංකේත, ඉතිහාසය, සංස්කෘතිය ස්වෝත්තමවාදී ලෙස ප්‍රවර්ධනය කිරීම පාසල්වාදය නම්, බස්වාදය යනු කුමක්ද?

1 Minute
Politics

අල්ලන්නට ගිය හොරාගේම නායකත්වය පසුපසින් වැටුණු හැටනම ලක්ෂය

දැන් රනිල් වික්‍රමසිංහ කරමින් ඉන්නේ හැටනම ලක්ෂයට තමන් දිව්වේ ඇයිදැයි යළි මතක් කරදීමයි. ඒ සමගම දැන් තමන්ට නායකත්වය දෙන්නේ තමන් ඇල්ලීමට ගිය හොරාම නොවේදැයි හැටනම ලක්ෂයට වැටහෙන්නට පටන් ගෙන තිබේ. ඒ අනුව, හැටනම ලක්ෂය ආපහු හැරෙන දිනය වැඩි ඈතක විය නොහැකිය.

0 Minute
Politics

වරායේ සමිති නායකයාගේ ආර්ථිකය හා ලංකාවේ ආර්ථිකය

නිරෝෂන් ගොරකානගේ වරායේ සමස්ත ලංකා පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්ය. ජාතික ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයකු ද වන ඔහු පසුගිය සමස්ත මහා වැඩ වර්ජනය ආසන්නයේදී තමන්ගේ ආදායම් වියදම් විස්තරයක් මාධ්‍යවලට ගෙනහැර පෑවේය. එය අපගේ පුද්ගල ආර්ථිකයන් සම්බන්ධයෙන් මෙන්ම ජාතික ආර්ථිකය සම්බන්ධයෙන් ද වැදගත් උපමා කතාවකි.

1 Minute
Politics

යහපාලන දූෂණ මර්දන කමිටුවේ සිටි කවුද මේ මාලිමාවේ ආනන්ද විජේපාල?

ආනන්ද විජේපාල යනු යහපාලන සමයේ හොරු ඇල්ලීම සඳහා පිහිටුවන ලද අනුර කුමාර දිසානායක ලේකම් ධුරය දැරූ බව කියන දූෂණ විරෝධී කමිටුවෙහි දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයායි. ඔහු අනුර කුමාර දිසානායක කෘෂිකර්ම ඇමති ලෙස කටයුතු කළ 2004-2005 සමයේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ සේවය කළ කළ අනුර කුමාරගේ හිතවතෙකි.

1 Minute
Life

වෘත්තීය සමිති කටයුතු වෙනුවෙන් පූර්ණකාලීනව නිදහස් වීම

වෘත්තීය සමිති කටයුතු වෙනුවෙන් නිදහස් වී සිටින රාජ්‍ය සේවකයන් ඒ සඳහා භාවිතා කරනු ලබන්නේ ආයතන සංග්‍රහයේ XXV පරිච්ඡේදයේ දැක්වෙන වරප්‍රසාදයි. ඒවා රූපයේ දැක්වේ. ඒ අනුව, අවුරුදු හතරක් දක්වා පූර්ණ කාලීනව නිදහස් විය හැකිය. මහින්ද ජයසිංහ අවුරුදු 23ක කාලයක් නිදහස් වී සිටින බව මෙම වීඩියෝවේ දැක්වේ. ඒ සඳහා ඇමතිවරයාගේ අනුමැතිය ලබාගන්නා බව දැක්වේ. වෘත්තීය සංගම් කටයුතුවලට නිදහස් වී සිටින මෙම විප්ලවවාදීන් ඇමතිවරයා ළඟ පිංසෙණ්ඩු වී එසේ කරගැනීම කොයි තරම් නිර්ලජ්ජිත වැඩක්ද? දශක ගණන් එකම අය වෘත්තීය සමිති කටයුතුවලට නිදහස් වී සිටින්නේත්, ප්‍රධාන තනතුරු දරන්නේත් මේ සංගම්වල වෙනත් නායකයන් නැති නිසාද?

1 Minute
Politics

සමලිංගිකත්වයට එරෙහි නීතියක් සංශෝධනයට යෝජනා

නව සංශෝධනය මගින් මෙම වගන්තියේ ‘පිරිමියෙකු, ස්ත්‍රියක’ යන කොටස් ඉවත් කර තිබේ. ඒ අනුව, එම වගන්තිය වෙනස් වන්නේ ‘ස්වභාවධර්මයේ පිළිවෙලට පටහැනිව සතෙකු සමඟ ස්වකැමැත්තෙන් කායික සංසර්ගයේ යෙදෙන්නේ නම්, ඔහුට වසර දහයක් දක්වා දීර්ඝ කළ හැකි සිරදඬුවම් නියම කළ හැකි අතර දඩයකට ද යටත් කළ හැකිය’ යනුවෙනි.

1 Minute