රනිල් රෝයල් සෙන් තෝමස් බිග් මැච් ගියා – වසන්ත මුදලිගේ ෂැංග්‍රිලා ගියා
මේ ප්‍රභූ – නිර්ප්‍රභූ හීනමානය තමයි දැන් ඊළඟ ඡන්දෙදි මාකට් කරන්න ලෑස්ති වෙන්නෙ. ඒ වෙනස ලකුණු කරගන්න එක එක සංකේත නිර්ප්‍රභූ හීනමානකාරයන් උස්සන් එනවා. රෝයල් සෙන්තෝමස් විරෝධය, කලම්බු සෙවන් විරෝධය, පොෂ් ඉංගිරිස් විරෝධය එක්ක කන්නන්ගර දරුවෝ, ඒ දරුවන්ගෙත් දරුවෝ, මධ්‍ය විද්‍යාල අරව මේව කෑලි දාගෙන එනවා. එමගින් ගම්වල තරුණ පරම්පරාවෙ ඔලු කන්නයි මේ ලෑස්ති වෙන්නෙ.