බ්‍රේකිං පොයින්ට් එක
ප්රචණ්ඩත්වය, කැරැලි, මර්දනය ගැන දන්නා අය මේ මොහොත සලකන්නේ breaking point එකක් ලෙසයි. එය අරගලයට මෙන්ම ආණ්ඩුවට ද දේශපාලනිකව ඉතා වැදගත්ය.
ප්රචණ්ඩත්වය, කැරැලි, මර්දනය ගැන දන්නා අය මේ මොහොත සලකන්නේ breaking point එකක් ලෙසයි. එය අරගලයට මෙන්ම ආණ්ඩුවට ද දේශපාලනිකව ඉතා වැදගත්ය.
මේ පාර මැච් එක තියෙන්නෙ ඇෆ්ගනිස්තානෙත් එක්ක. ඔව්, අපි මාලදිවයිනට, බංග්ලාදේශයට පවා පරාජය වෙලා ඉවරයි. තලේබාන්ලගෙ ඇෆ්ගනිස්තානය පවා අප ඉස්සර කරන්නට ඉඩ තියෙනවා. ආයෝජකයන් රටට ආකර්ශනය කරගන්නට මේ තිබෙන අවස්ථාව කොයි තරම් වැදගත් ද කියන එක හිතන්න.
පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් එඩිතර, නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම ලංකාවේ විප්ලවය සඳහා ඉතා වැදගත්ය. විප්ලව යනු සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් සිදුකරන දැවැන්ත පරිවර්තනයි. බලය කාගේ අතේ තිබේද යන්න විප්ලවයේදී එතරම් වැදගත් වන්නේ නැත. ලංකාවේ ඊනියා වාමාංශික පසුගාමීන් තවමත් සිතන්නේ විප්ලවය යනු තමන්ගේ අතට බලය ලැබීමය කියාය. නැත. විප්ලවය යනු වේගවත් පරිවර්තනයයි. බලය කාගේ අතේ තිබේද යන්න ද්විතීයක කාරණයකි.
කොහොම වුණත්, ගෝඨාභය රාජපක්ෂ අසාර්ථක ජනාධිපතිවරයකු ලෙස ඉවත්ව යාමට අකැමැති වීම නරක තත්වයක් නොවේ. ඔහුට දැන් තමන් අතින් සිදුවූ වැරදි නිවැරදි කරගෙන, තමන්ගේ පුතාටත්, ඔහුගේ රට වන ඇමරිකා එක්සත් ජනපදයටත් අගෞරවයක් නෙවන පරිදි පිටව යාමට හැකිය. ඒ සඳහා මේ දැන්ම වැඩ පටන්ගත යුතුය. නිදි නම් හෙට උදේ අවදි වී අලුත් හුස්මක් ගත යුතුය.
ආර්ථික විද්‍යාඥයන් මේ අවස්ථාවේ විසඳුම ලෙස පෙන්නන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලැබෙන තෙක් Bridging Finance හෙවත් අන්තර්කාලීන ආධාර ලබාගැනීම යථාර්ථයක් නොවන බව පෙනේ. Bridging Finance ලෙස හැඳින්වූයේ ආර්ථික අර්බුදය සමනය වනතුරු අපට තෙල්, ගෑස්, ආහාර ආදිය ආනයනය කරන්නට විදේශ රටවලින් ආධාර ලබාගැනීමයි.
පළමුව අප කඩාවැටීම නවත්වාගත යුතුය. තවමත් එය නතර වී නැත. දේශපාලන ඇරියස් පියවාගැනීම කෙසේ වෙතත්, මේ කඩාවැටීමේ පතුල කිසිවෙකුට සිතාගැනීම පවා දුෂ්කර අපායකි.
2021 වන විට රාජ්‍ය ආදායමෙන් 81%ක් වැයවුණේ දේශීය හා විදේශීය ණය හා පොළී ආපසු ගෙවීමටයි. රජයේ සේවයේ වැටුප් ගෙවීම සඳහා ක් වැයවෙනවා. මෙහෙම ආර්ථිකයක් පවත්වාගෙන යාහැකිද? ඒ හා සමාන ප්‍රතිශතයක් රාජ්‍ය සේවයේ වැටුප් හා වෙනත් එවැනි වියදම් වෙනුවෙන් අවශ්‍ය වෙනවා. රටේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.7%යි.
මයිනන්, කපුටන් පමණක් නොව, අනුන්ගේ කූඩුවල බිත්තර දමන කෝකිලයන් ද වැදගත්ය. සිංදු ලස්සන වුව ද උන්ගේ හිත් අවලස්සනය.
– අජිත් පැරකුම් ජයසිංහ ගෝඨා පැන්නීමේ අරගලයට දින 50කි. අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හැර සෙසු රාජපක්ෂවරු ආණ්ඩුවේ ඉදිරිපෙළෙහි
තවමත් රනිල් ඉතා වැදගත්ය. එහෙත්, රනිල් උද්දච්ඡකම අත්හළ යුතුය. මේ වයසේදී ඔහුට එය කිරීමට බැරිවිය හැකිය. එහෙත්, රටට ආදරය කරන කවුරු හෝ ඔහු වටා සිටිනවා නම්, ඒ වෙනුවෙන් උත්සාහ කළ යුතුය. ඔහු ගෝඨාභය, පොහොට්ටුව හා සෙසු දේශපාලන බලවේග කළමනාකරණය කරගැනීමට ශූර විය යුතුය.