මං කඩේ යන්නෙ කාටද?
ප්රශ්නය: මං රනිල්ට කඩේ යනවද? නැහැ. මං රනිල්ට සයාය දෙන්නෙ ඔහු මගේ අරමුණට අනුකූලව කටයුතු කරන නිසායි. එහෙම නැති වුණ මොහොතේ මං මගේ සහාය ඉවත්කරගන්නවා.
ප්රශ්නය: මං රනිල්ට කඩේ යනවද? නැහැ. මං රනිල්ට සයාය දෙන්නෙ ඔහු මගේ අරමුණට අනුකූලව කටයුතු කරන නිසායි. එහෙම නැති වුණ මොහොතේ මං මගේ සහාය ඉවත්කරගන්නවා.
ඊයේ සජිත් ප්‍රේමදාස සජබ හා ජාතික ජන බලවේගයත් සමග පාර්ලිමේන්තුවෙන් පිටවන්නේ පාර්ලිමේන්තු දේශපාලනයේ දැවැන්තම පරාජයකුත් සමගය. එනම්, සජබ වෙනුවෙන් රංජිත් මද්දුම බණ්ඩාර ඉදිරිපත් කළ 21වන සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ලැබුණු තීන්දුව. ඔවුන් පිටවෙන්නෙ ඒ ලැජ්ජාව වහගන්නත් එක්ක.
අරගලයේ හෝ ප්රචණ්ඩත්වයේ හෝ දෙවෙනි රැල්ලක් ගැන කතාකරන අද දවසේ මං ඉන්න ස්ථාවරය මේක.
මං දැනුත් ඉන්නෙ විප්ලවීය සමාජ වෙනස්කම් එක්ක. මේ මොහොතෙ නම් ඒක මධ්‍යම පන්තික සිංහල බෞද්ධ ගොවිගම පිරිමි ආධිපත්‍යයෙන් යුත් සුබසාධනවාදී ජාතික සමාජවාදී රාජ්‍යය බිඳ දමා අලුත් නිෂ්පාදන මාදිලියක් හැදීම. ඒක දැන් ජයට වෙනවා. ඒක නවත්තන්න පුළුවන් කිසිම ජගතෙක් නැහැ.
ලංකාවේ දේශපාලන ප්රශ්නය සරලව කිව්වොත්, සමස්ත ජාතියම එකතුවෙලා මහ විශාල රජයක් හදාගෙන, විදේශවලින් ණය අරගෙන, ඩොලර් එක පෙග් කරලා තියාගෙන, බඩු ආනයනය කරගෙන, හොරකම්-දූෂණ-වංචා කරමින්, ඒකට ගැලපෙන නායකයන් පිරිසකුත් හැම පක්ෂෙන්ම හදාගෙන, කාලා බීලා පාරිභෝජනවාදී ලෙස ජොලියේ හිටියා.
ඒ නිසා මේක කියවන ඔබත් වෘත්තීය කුසලතාවක්, ව්‍යවසායකත්ව කුසලතාවක්, ව්‍යාපාරයක්, නිෂ්පාදනයක් කරන හැටි ගැන හිතන්න. ඒකට කම්මැලි නම්, අඩුගානෙ බෝ නොවන රෝගියෙකු වෙලා රටට බරක් නොවෙන විදියට ගානට කාලා, ව්‍යායාම ටිකක් කරලා පාඩුවෙ ජීවත් වෙන්න.
අපේ වයසෙදි අපි දේශපාලනිකව සාර්ථක වෙන්නෙ ඔය අපි අපේම අතීතයට අදාළව ‘මෝඩ වයස’ය කියලා සිතන වයසෙ දැන් ඉන්න කොල්ලන්ව ‘ජාතියේ අනාගතය’, ‘ඉතිහාසයේ වගකීම පැවරී තිබෙන පරපුර’ වගේ කෑල්ලක් දාලා අන්දගෙන අපේ අරමුණ වෙනුවෙන් බිලිබෝයිස්ලා විදියට පාවිච්චි කරන්නට පුළුවන් නම් විතරයි. අපි ඔය වයසෙදි අපේ වැඩිහිටි පරපුරත් අපට ඒකම කළා.
ප්රචණ්ඩත්වය, කැරැලි, මර්දනය ගැන දන්නා අය මේ මොහොත සලකන්නේ breaking point එකක් ලෙසයි. එය අරගලයට මෙන්ම ආණ්ඩුවට ද දේශපාලනිකව ඉතා වැදගත්ය.
මේ පාර මැච් එක තියෙන්නෙ ඇෆ්ගනිස්තානෙත් එක්ක. ඔව්, අපි මාලදිවයිනට, බංග්ලාදේශයට පවා පරාජය වෙලා ඉවරයි. තලේබාන්ලගෙ ඇෆ්ගනිස්තානය පවා අප ඉස්සර කරන්නට ඉඩ තියෙනවා. ආයෝජකයන් රටට ආකර්ශනය කරගන්නට මේ තිබෙන අවස්ථාව කොයි තරම් වැදගත් ද කියන එක හිතන්න.
පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් එඩිතර, නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම ලංකාවේ විප්ලවය සඳහා ඉතා වැදගත්ය. විප්ලව යනු සමාජ, ආර්ථික, දේශපාලනික වශයෙන් සිදුකරන දැවැන්ත පරිවර්තනයි. බලය කාගේ අතේ තිබේද යන්න විප්ලවයේදී එතරම් වැදගත් වන්නේ නැත. ලංකාවේ ඊනියා වාමාංශික පසුගාමීන් තවමත් සිතන්නේ විප්ලවය යනු තමන්ගේ අතට බලය ලැබීමය කියාය. නැත. විප්ලවය යනු වේගවත් පරිවර්තනයයි. බලය කාගේ අතේ තිබේද යන්න ද්විතීයක කාරණයකි.