Music

නුඹ නාඬන් ප්‍රේමලතා – හිනාවෙයන් ප්‍රේමලතා

ගීත යාදිනි බිහිවෙන්නට කලින් 1980 දශකයේ මුල හරියේ අසන්නට ලැබුණු අපූරු ගීතයක් මට අද යූටියුබ්හි සොයාගන්නට ලැබුණා. මා මේ ගීය ඇසුවේ එකල සවස හතරට පමණ වෙළඳ සේවයෙන් විකාශය වූ ක්‍රීඩා සංග්‍රහයෙන්. මේ ගීයේ පසුබිම ඒ වැඩසටහන මෙහෙයවූ සමන් අතාවුදහෙට්ටි දන්නවා ඇති. ඔහුටම ඒ ගැන ලියන්නට භාරකරනවා. පද රචකයා කවුරුද, සංගීතය කාගෙද කියාත් ඔහු දන්නවා ඇති. ගීතය මේකයි. ගායනය නීලා වික්‍රමසිංහ.

1 Minute