Environment

භාග්‍යා නොඉවසීම

මෙවැනි සුළු සිදුවීම් ඉවසන්නට ආණ්ඩුවට හා එයට සම්බන්ධ අයට බැරිවීම හා සාමාන්‍ය ගැමි තරුණියකට එරෙහිව මාධ්‍ය ඔස්සේ ප්‍රචණ්ඩත්වය මුදාහැරීම සහ පොලිසිය මැදිහත්කර බියපත් කිරීම සරල සිදුවීමක් නොවේ. අසාර්ථක පාලකයන්ට විරුද්ධ මත ඉවසාගැනීමට නොහැකිව සිදුකරන ලද ජන ඝාතන, අතුරුදහන් කිරීම් හා වධහිංසනයන් පිළිබඳ උදාහරණ ශ්‍රී ලංකාවේ එමටය. ලංකාව වැනි රටවල බලයට පත්වන ජනප්‍රිය, එහෙත්, බුද්ධියෙන් අඩු පාලකයන් පහසුවෙන් මර්දනයට හා රාජ්‍ය ත්‍රස්තවාදයට යොමුවිය හැකිය.

1 Minute
Politics

සජිත් සිංහබාහු රනිල් සිංහයා ඇත්තෙන්ම විද මැරුවාද?

සමගි ජන බලවේගය විසින් ව්‍යවස්ථාවක් සම්පාදනය කර සම්මත කරගෙන තිබේ. එය සජබ වෙබ් අඩවියෙන් හෝ වෙනත් මාර්ගයකින් සොයාගත නොහැකි විය. කෙසේ වෙතත්, ප්‍රායෝගිකව එම ව්‍යවස්ථාව එජාප ව්‍යවස්ථාවෙන් වෙනස්දැයි සොයාගත හැකි මාර්ගයක් තිබේ. මේ වන විටත්, සජබ දෙවන පෙළ සම්බන්ධයෙන් ගැටුමක් තිබේ. සජිත් ප්‍රේමදාස සජබ ජනාධිපති අපේක්ෂකවරයා වෙනවා නම්, අගමැති අපේක්ෂක වනු ඇත්තේ කවුරුද? චම්පික රණවකද? සරත් ෆොන්සේකාද? රංජිත් මද්දුම බණ්ඩාරද? තිස්ස අත්තනායකද? ලක්ෂ්මන් කිරිඇල්ලද? වෙන කවුරුහරිද? එහෙමත් නැතිනම්, ජලනි ප්‍රේමදාසද? මෙවැනි කාරණා ප්‍රජාතාන්ත්‍රික අයුරින් විසඳාගැනීමට සජබ සමත් වේද?

0 Minute