Politics

තෙල් මිල වැඩිකිරීම අනිවාර්යය

ඉන්ධනවලට සහනාධාර දෙන්නේ පොදු ප්‍රවාහනයට මුවාවෙමිනි. එහෙත්, ඉන්ධන සහනාධාරයෙන් වැඩිම ලාභයක් ලබන්නේ වැඩියෙන් ඉන්ධන පරිභෝජනය කරන ධනවතුන්ය. දුප්පතුන්ට ඉන්ධන සහනාධාරයක් දෙන්නට අවශ්‍ය නම්, වෙනත් ක්‍රමයක් සැකසිය යුතුය. සමස්තයක් ලෙසම, සහනාධාර යාන්ත්‍රණයන් ඍජුවම දුප්පතුන් ඉලක්ක කරන පරිදි සිදුවිය යුතුය.

1 Minute
Military

හමුදා විසුරුවාහරිමු. සාමය ස්ථාවර කරමු.

ලංකාවට අවශ්‍ය වන්නේ සාමයයි. රට තුළ සාමය තිරසර කරගන්නේ නම්, මෙතරම් විශාල හමුදාවක් නොවෙයි. හමුදාවක් ඇත්තෙන්ම අවශ්‍යම නැහැ. හොඳ පොලිස් සේවයක්, ආපදා කළමනාකරණ සේවයක්, වෙරළාරක්ෂක සේවයක් සමග සන්නද්ධ හමුදාවක අවශ්‍යතාව සෑහෙන දුරට අවම කළ හැකියි. අවශ්‍ය නම් ස්වේච්ඡා බලකා හා සංදර්ශනාත්මක හමුදාවක් තිබීම නරක නැහැ. මෙරට මහජන මුදලින් 18.2%ක් වියදම් කරන හමුදාවකින් ලංකාවට ඇති වැඩක් නැහැ. මන්ද, එය ඉන්දියාව වැනි රටක හමුදාව සමග සන්සන්දනය කරන විට සෙල්ලම් හමුදාවක්. පාරවල් අයිනේ හෝටල් කරන්නට, පිට්ටනිවල තණකොළවලට වතුර දමන්නට, ගොවිතැන් කරන්නට, එන්නත් දෙන්නට හමුදා අවශ්‍ය නැහැ. හමුදා නඩත්තු කිරීමට කරන වියදමෙන් ඒ ඒ අදාළ සේවාවන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවිය හැකියි.

1 Minute
Politics

දත්තවල වැදගත්කම හා සයිබර් ත්‍රස්තවාදය

ශ්‍රී ලංකාව දත්ත ත්‍රස්තවාදයක ගොදුරක් බවට පත්වන්නේ මෙවැනි පසුබිමක් තුළයි. ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයත් දත්ත ගොනු 11,000කට අධික සංඛ්‍යාවක් මකාදැමීම එම සිද්ධියයි. ඒ සම්බන්ධයෙන් එපික් ලංකා ටෙක්නොලොජීස් සමාගමේ සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයකු යයි කියන ප‍්‍රමෝද් දිලූප රාමනායක නම් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ත්‍රස්තවාදී සැකකරු පැය පහකට අධික කාලයක් ගතකරමින් මෙම දත්ත මකාදමා තිබෙන අතර එය අත්වැරදීමකින් සිදුවූවක් බවට ඔහු රඟපෑමක් කර තිබෙන බව ද, ඒ වන විට ඔහු එම ආයතනයෙන් ඉල්ලා අස්වී වෙනත් ආයතනයක සේවයට යාමට සූදානමින් සිටි බව ද අධිකරණය ඉදිරියේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් වාර්තා කරනු ලැබුවා.

1 Minute
Politics

සහල් ප්‍රශ්නයට මහජන විසඳුම කුමක්ද?

රජයකට තර්ජනය කරන්නට වෙළෙන්දන්ට හැකියාව ලැබී තිබෙන්නේ රජය විධිමත් නියාමනයක් නොකරන නිසාය. නිවැරදි ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට නොදන්නා නිසාය. රජය හා වෙළෙන්දන් අතර ගැටුමක් නිර්මාණය කරගත යුතු නැත. කළ යුත්තේ අවබෝධයක් නිර්මාණය කරගැනීමයි. මේ සියල්ලටම රජය සුපිළිපන් විය යුතුය. වෙළඳුන් කපටි වීම අපේක්ෂා කළ හැකි දෙයකි. ප්‍රශ්නය රාජ්‍ය නිලධාරීන් හා දේශපාලකයන් වෙළෙන්දන්ටත් වඩා ලාභය සොයා යන දූෂිතයන් වීමයි.

1 Minute
Cinema

දැවෙන විහඟුන්: සිනමාව රූප සෞන්දර්යය පමණක්ද?

අජිත් පැරකුම් ජයසිංහ ගම්වල ජීවත් වන මිනිසුන් වන අප ලංකාවේ සම්භාව්‍ය සිනමාකරුවන්ගේ සම්මානලාභී චිත්‍රපට බලන්නෙ දැඩි කැපකිරීමක් කරලායි. දැවෙන විහඟුන්

1 Minute
Politics

ඇඳිරි නීති වෙනුවෙන් සටන් කර මර්දනය කැඳවාගත් හැටි

අජිත් පැරකුම් ජයසිංහ පසුගිය අගෝස්තු 20 ලංකාව පුරා ඇඳිරි නීතිය පනවන්නට පෙර දිවයින පුරාම උද්ඝෝෂණ රැල්ලක් පැනනැගී තිබිණි. පොහොර නැති

1 Minute
History

වලව් පාදඩකරණය හා ලුම්පන් රත්වත්තෙලා

අජිත් පැරකුම් ජයසිංහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, සිරකරු පුනරුත්ථාපන, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත යන රාජ්‍ය අමාත්‍ය ධුර දැරූ හෝ දරණ ලොහාන්

1 Minute
Politics

අජිත් නිවාඩ් කබ්රාල් සුබේරි සමග රටට අහිමි කළ ඩොලර් මිලියන 8.5

අජිත් නිවාඩ් කබ්රාල් විසින් පාලනය කරන ලද ශ්‍රී ලංකා මහබැංකුව හරහා සුබේරිට ලබාදුන් මෙම දැවැන්ත මුදල් කන්දරාව වනාහි මැදපෙරදිග ශ්‍රමිකයන් වැනි දුක් විඳින ජනයා විසින් මේ රටට දුකසේ උපයා දුන් මුදල්ය. අජිත් නිවාඩ් කබ්රාල් හා මහින්ද රාජපක්ෂ ඇමරිකානු පල්හොරෙකුට ලබාදුන් ඒ මුදල් ගැන පසුගිය යහපාලන රජය හෝ විමර්ශනයක් සිදුකළේ නැත.

0 Minute