Video

ආපදා වාර්තාකරණය හරියට කරමු

පසුගිය දවසක හිරු ටීවී ආයතනය මල්වානේ ගංවතුර වාර්තා කරද්දී තරුණ මාධ්‍යවේදිනියක් පපුව මට්ටම දක්වා දියේ බැස වාර්තා කරන ආකාරය ගැන මහත් ආන්දෝලනයක් ඇති වුණා. ඒ අවස්ථාවේදී නිවේදිකාව පමණක් නොව සමස්ත කණ්ඩායමම ඉන්නට අත්තෙ ගංවතුරෙ බැසගෙන. එමගින් ගංවතුරේ තරම ගැන මනා සන්නිවේදනයක් වුණා වගේම මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව ගැනත් සංවාදයක් ඇති වුණා. ගංවතුර මට්ටම ගැන කියන්න වතුරේ බහින තරම් අවදානමක් ගත යුතුද? නාය යාමක් වාර්තා කරන්නට ගල් පෙරළෙන තැනක සිට වීඩියෝවක් ගත යුතුද?

1 Minute
Life

ආපදා අවම කරන සෙන්ඩයි ආකෘතිය

ආපදා අවදානම් අවම කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනය 2015දී ජපානයේ සෙන්ඩයි නුවරදී පැවැත්විණි. එයට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 180ක් සහභාගී වූහ. ආපදා අවදානම් අවම කිරීමේ සෙන්ඩයි ආකෘතිය (SFDDR) යනු මෙම සමුළුවෙහි ප්‍රතිඵලය ලෙස නිකුත් කරන ලද ලේඛනයයි.

1 Minute
Life

මානව සංවර්ධනයේ ඇන්ත්‍රොපසීන අවධිය

ඇන්ත්‍රොපසීන අවධිය කියන්නේ කුමක්ද? එය නව මානව අවධිය ලෙස සරල ලෙස පරිවර්තනය කළ හැකියි. එය භූගර්භ විද්‍යාත්මක කාල වකවානු සමග සම්බන්ධ සංකල්පයක්. පෘථිවියේ පර්වත ස්ථරවල ෆොසිල තැන්පත් වන ආකාරය අධ්‍යයනය කර පෘථිවියේ භූගර්භ විද්‍යාත්මක යුග හා අවධි ආදිය නම්කිරීමේ බලය සහිත සංවිධානය වන්නේ ජාත්‍යන්තර භූගර්භ විද්‍යා සංගමයයි (IUGS). එම සංවිධානයේ නාමකරණය අනුව නම් පෘථිවිය වර්තමානයේදී ගතකරමින් සිටින්නේ හොලෝසීන අවධියයි. එය අවුරුදු 11,700ක පමණ කාලපරිච්ඡේදයක්. අවසන් අයිස් යුගයේ සිට නූතන අවධිය දක්වා විහිදෙන එම අවධියේ අවසන් කාලයේදී මානවයන් විසින් පෘථිවි භූගර්භය තුළ ස්ථාවර වෙනස්කම් සිදුකර තිබෙන නිසා අලුත් අවධියක් ඇරඹෙන බවට අදහසක් ඉදිරිපත් වුණා. නව මානවයන්ගේ අවධිය හෙවත් ඇන්ත්‍රොපසීන අවධිය ලෙස හඳුන්වනු ලබන්නේ එම අවධියයි. එය සම්පූර්ණයෙන්ම අලුත් භූවිද්‍යාත්මක අවධියක් බවට තර්ක කරනවා.

1 Minute
Politics

හෙල්පිං හම්බන්තොට සිට බේබි-81 දක්වා සුනාමි වංචා

සුනාමි ගැන දේශපාලන කතා අතරින් හොඳ ම කතාව ‘හෙල්පිං හම්බන්තොට’ කතාවයි. මෙම ලිපියේ මුලදී හෙල්පිං හම්බන්තොට ගැන විස්තර කරනමුත්, සුනාමි

1 Minute