Economic center

ආර්ථික අර්බුදය අර්ථවත් ප්‍රතිසංස්කරණවලට අවස්ථාවක්

– ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයේ සිට ස්ථාවරත්වය කරා යන ගමන අභියෝගවලින් පිරී ඇති නමුත් එය අර්ථවත් ප්‍රතිසංස්කරණ සඳහා අවස්ථා ද සපයන බව ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය 2023 වසර සඳහා නිකුත් කිරීමට නියමිත ආර්ථික තත්ත්වය පිළිබඳ වාර්ෂික වාර්තාව පවසයි.

ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ස්ථායීකරණ ක්‍රියාමාර්ග සඳහා අත්තිවාරම දමමින් පවතින බව වාර්තාව පෙන්වා දෙයි. ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ මාර්ගයේදී උසස් තත්ත්වයේ රැකියා නිර්මානය කරන ගුණාත්මක දළ දේශීය නිෂ්පාදිත වර්ධනයට ප්‍රමුඛත්වය දිය යුතු බව ද වාර්තාව පවසයි.

මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා ව්‍යුහාත්මක ගැටලුවලට විසඳුම් ලබා දිය යුතු බව ද, සමාජ ආරක්ෂණ ජාල ශක්තිමත් කළ යුතු බව ද පෙන්වා දෙන වාර්තාව එහිදී දේශපාලන පක්ෂ අතර සම්මුතියෙහි වැදගත්කම ද පෙන්වා දෙයි.

වගවීමෙන් යුතු ආයතන සමඟ සම්බන්ධ වූ නිවැරදි ප්‍රතිපත්ති තෝරා ගැනීම හරහා ශ්‍රී ලංකාවෙහි ආර්ථික පසුබෑම තිරසාර සාර්ථකත්වයක් බවට පරිවර්තනය කරගත හැකි වනු ඇති බව ද වාර්තාව පවසයි.