International

මියන්මාර් සිවිල් විරෝධතාවේ දින 100කට පසු

එක්සත් (මියන්මාර්) ආණ්ඩුව (CHPR) නමින් හැඳින්වෙන මහජන නියෝජිත මන්ත්‍රී මණ්ඩල නියෝජිත කමිටුවක් පිහිටුවීම සිවිල් නිතී කඩකිරීමේ ව්‍යාපාරය විසින් තබන ලද වැදගත් පියවරක් විය. 2020 මහා මැතිවරණයෙන් තමන්ට ලැබුණු ජනවරම මත පිහිටුවා ගත් මෙම කමිටුව ‘සිවිල් ආණ්ඩුවක’ කාර්යභාරය ඉටු කිරීම අරමුණු කරගත් බව පැවසේ. මාර්තු 5 දින ප්‍රකාශයට පත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් මියන්මාර් සිවිල් ආණ්ඩුව මිලිටරි එකාධිපතිත්වය අවසන් කිරීම, අත්අඩංගුවේ පසුවන ජනාධිපති සහ අවු සං සුචී ඇතුලු සියලු දේශාලන සිරකරුවන් නිදහස් කිරීම, 2008 ව්‍යවස්ථාව අහෝසි කොට ප්‍රජාතන්ත්‍රවාදය හා සමානත්මතාවය පදනම් කොටගත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම, එතෙක් මිලිටරි ආණ්ඩුව විසින් ත්‍රස්තවාදී සංවිධාන ලෙස අසාදු ලේඛනගත කොට තිබු සුළු ජනවර්ග ආයුධ සන්නද්ධ දේශපාලන කණ්ඩායම් එම ලේඛනයෙන් නිදහස් කිරීම හා මියන්මාර් යුද්ධ හමුදාව ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමත් සිදුකර තිබේ.

1 Minute