Politics

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ආනන්ද සංගරී හා 43 සේනාංකය

යුද සමයේ සිදුවීම් සම්බන්ධයෙන් ජාතික හා ජාත්‍යන්තර පාර්ශ්ව සමග ඇති කර ගන්නා එකඟතාවකින් රජයේ ආරක්ෂක අංශ හා ඔවුන්ට සහාය දුන් සන්නද්ධ කණ්ඩායම්වල සාමාජිකයන්ටත්, දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය හා යුද සමයේ ක්‍රියාත්මක වූ වෙනත් දෙමළ සංවිධානවලටත් පොදු සමාවක් ප්‍ර‍දානය කරන ලෙස ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් සහ දෙමළ දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටින බවට ජාතික හෙළ උරුමය විසින් 2018 සැප්තැම්බරයේදී කරන ලද ඉල්ලීම ඉතාම කාලෝචිත හා ප්‍ර‍ගතිශීලී ඉල්ලීමක් ලෙස සලකමින් අගය කරන අතර එම පක්ෂයටත්, එහි විකාශනයක් වන 43 සේනාංකයටත් ඒ පිළිබඳ නැවත මතක් කරන්නෙමු. මේ සම්බන්ධ ස්ථාවරය මේ මොහොතේ 43 සේනාංකයට ඉදිරි පියවරක් තැබීම සඳහා ද වැදගත් විය හැකිය. සිංහල පමණක් මෝඩ චූන් එක ගෝඨාභය රාජපක්ෂ විසින් අවසන් කර තිබෙන සංදර්භය තුළ අනාගත දේශපාලන බලය සඳහා දෙමළ, මුස්ලිම් සහාය වැදගත් වේ.

1 Minute