Politics

එන්නත නොදී ඝාතනය කළ වැඩිහිටියන්ගේ රුධිරය ඔබේ දෑත්වලත් තැවරී තිබේද?

ශ්‍රී ලංකාව ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමුඛතා පදනමින් එන්නත ලබාදුන්නේය. එහෙත්, එතැනින් එහාට සිදුවූයේ ඉතාම නින්දිත ක්‍රියාවලියකි. වයස අවුරුදු 30-60 අතර පුද්ගලයන්ට එන්නත ලබාදීමේ ප්‍රතිපත්තිමය තීරණයක් දක්නට ලැබිණි. එහෙත්, වයස අවුරුදු 60ට වැඩි දේශපාලකයින්ට ප්‍රමුඛ පදනමින් එන්නත ලැබිණි. දීර්ඝ පෝලිම්වල ගොස් එන්නත ලබාගත් අයට අමතරව ප්‍රමුඛතාව ලැබුණේ දේශපාලකයන්ගේ හිතවතුන්ට හා සෞඛ්‍ය නිලධාරීන්ගේ හිතවතුන්ටය. මේ පිළිබඳ වාර්තා කිරීම සඳහා වගකීමක් තිබූ ජනමාධ්‍යවේදීන්ගේ කට වැසීම සඳහා අල්ලසක් ලෙස ඔවුන්ට එන්නත ලබාදුන් බව මාධ්‍යවේදී බිඟුන් මේනක ගමගේ ෆේස්බුක්හි සඳහන් කර තිබිණි.

1 Minute
Health

ඇස්ට්‍රාසෙනකා ලක්ෂ 14.5ක් දිවයිනට! එන්නත්කරණය සාර්ථකව ඉදිරියට

ජපානයේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනකා එන්නත් ලක්ෂ 14.5ක් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට ජපාන රජය පියවර ගෙන තිබේ. එම එන්නත් හෙට අනිද්දාම ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය. ඒ සමගම, ඇස්ට්‍රාසෙනකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන, දෙවෙනි මාත්‍රාව නොමැතිව මාස ගණනක් බලාසිටින ජනතාවට සිය දෙවෙනි මාත්‍රාව ලබාගැනීමට හැකිවනු ඇත.

1 Minute
International

යහපත් ජාත්‍යන්තර සම්බන්ධතා නිසා අපට නොමිලේ ලැබෙන කොවිඩ් එන්නත

අජිත් පැරකුම් ජයසිංහ ඡායාරූපයේ දැක්වෙන්නේ අද දිනයේ යුනිසෙෆ් සංවිධානය හරහා එමිරේට්ස් ස්කයි කාගෝ සේවාව මගින් ශ්‍රී ලංකාවට ගෙන එන ලද

1 Minute
Health

මිථ්‍යාව ප්‍රවර්ධනය උන්ගේය; එන්නත ගැන දැනුවත් වීම අපේය

එන්නත් විසින් කරනු ලබන්නේ ආගන්තුක දේහයක් ශරීරයට ඇතුළත් කිරීමයි. එයට ප්‍රතිදේහ ජනකයැයි (antigen) කියනු ලැබේ. කෝවිඩ්-19 එන්නතේදී එය එම රෝගය බෝකරන වයිරසයට බොහෝදුරට සමානය. ඇතුළත් කරන ලද ප්‍රතිදේහ ජනකය සිරුර විසින් තර්ජනයක් ලෙස සලකන නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් එයට එරෙහිව ප්‍රතිදේහ (antibody) නිපදවනු ලැබේ. ප්‍රතිදේහ යනු ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් රෝගයට එරෙහිව සටන් කිරීම සඳහා ස්වාභාවිකව නිපදවනු ලබන ප්‍රෝටීනයි.

1 Minute