Matugama.com

කොවිඩ්-19 දැඩි අවදානමක් ඇති මතුගම සිට

දැනට තිබෙන ආරංචි අනුව, හමු වී තිබෙන බොහෝ රෝගීන්ට සංකුලතා අවම ය. එහෙත්, රෝගීන් හා සමීප ආශ්‍රිතයන් පොදු ප්‍රවාහනය, කොටහලු මඟුල්, වන්දනා ගමන්, දාන මාන, වැඩිහිටි නිවාස ආදී අවදානම් සහගත සම්බන්ධතා රැසක් රෝගීන් විසින් පවත්වා තිබේ. මේ වන විට, පිඹුර, මතුගම හා ඉත්තෑපාන රෝහල් කොවිඩ්-19 රෝගීන් සඳහා සූදානම් කෙරෙමින් ඇති බව වාර්තා වේ. අනුමාන ආශ්‍රිතයන් සිටින තරම් පීසීආර් පරීක්ෂණ සිදු කිරීම පහසු නැත. පීසීආර් කරන්නට යැවූ සාම්පල් අවතැන් වීම්, වාර්තා පමා වී පසුව ඔක්කොම එක සැරේ නෙගටිව් යයි තොග වාර්තා ලැබීම් හා පරීක්ෂණ සඳහා නැවත සාම්පල් යැවීම් ආදී අවුල් එමට ය.

1 Minute
Crime

කොවිඩ්-19 රෝගීන්ට බැනීම නවත්වනු

ආශ්‍රිතයන් පිළිබඳ සියලු තොරතුරු ස්වේච්ඡාවෙන් ලබාදෙන්නට රෝගීන් පෙළඹවිය යුතුය. ඒ සඳහා ඔවුන් තුළ එම විශ්වාසය ගොඩනැගිය යුතුය. ඒ සඳහා හමුදා, පොලිස් නිලධාරීන් හා දොස්තරලා මාධ්‍ය ඉදිරියට පැමිණ රස කෑලි කියන එක හෝ ඒවා මාධ්‍යවලට හොරෙන් දෙන එක හෝ නැවැත්විය යුතුය. මාධ්‍ය යනු මොකක් හෝ කුණු අතුනුබහන් කෑල්ලක් සොය සොයා සිටින කපුටන් පිරිසකි.

1 Minute