Crime

බන්ධනාගාරවල, පොලිසිවල කරන ඝාතන හා ආණ්ඩුවේත්, අපේත් වගකීම

රාජපක්ෂ පාලනය යනු සිරකරුවන් වධහිංසනයට ලක්කිරීම හා මරාදැමීම සුලබව සිදු වුණ වකවානු වේ. වැලිකඩ බන්ධනාගාරයේ 2012 වසරේ සිදු වූ ඝාතනය ඒ අතරින් ප්‍රමුඛය. අත්අඩංගුවට ගන්නා ලද, රජය විසින් දරුණු අපරාධකරුවන් ලෙස සලකන පුද්ගලයන් පැන යන්නට උත්සාහ කිරීමේදී මරණයට පත්වීම රාජපක්ෂ පාලනය තුළ ඉතා සුලබය. මහර බන්ධනාගාරයේදී 2020 නොවැම්බර් 30දා අවම වශයෙන් සිරකරුවන් නවදෙනෙකු මරාදමන ලදී. සියයකට වැඩි පිරිසකට තුවාල සිදුකරන ලදී. 2015-19 අතර පැවති යහපාලන ආණ්ඩුව සමයේ මෙවැනි සිදුවීම් අතිශය අවම විය. එයින් මෙහි වෙනස පැහැදිලිව දැකිය හැකිය. පොලිස්, බන්ධනාගාර, හමුදා හා වෙනත් බලධාරීන්ගේ ප්‍රචණ්ඩත්වය වර්ධනය වීමට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ඉවහල් වන බව ඉතා පැහැදිලිය.

1 Minute