International

ජාත්‍යන්තර වෙළඳාම හා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා

චීන ධනයේ රහස ද වෙළඳාමයි. චීනය සමස්ත ලෝකයම සමග වෙළඳාම් කරයි. ලෝකයට කරනු ලබන අපනයන හා තම රටට කරනු ලබන ආනයන අතර චිනයට වාසිදායක වෙළඳ ශේෂය 2018 වසරේදී ඩොලර් බිලියන 420ක් පමණ විය. චීනයේ ප්‍රධානම වෙළඳ පාර්ශ්වකරුවා එක්සත් ජනපදයයි. 2018 වසරේදී මේ දෙරට අතර වෙළඳාමෙන් චීනයට වාසිදායක වන වෙළඳ ශේෂය ඩොලර් බිලියන 276කි. යුරෝපා සංගමයේ රටවල් සමග වෙළඳ ගනුදෙනුවලින් චීනයට වාසිදායක වන වෙළඳ ශේෂය ඩොලර් බිලියන 177කි. චීනය සමග වාසිදායක වෙළඳ ශේෂයක් පවත්වාගැනීමට සමත් වී තිබෙන්නේ තායිවානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, ජපානය වැනි රටවල් කීපයක් පමණි.

1 Minute